Tuesday, January 22, 2013

ජීවිත කතාව 08


කලකට පස්සේ බ්ලොගයට බැස්සේ......කියාගෙන ඔන්න ආවා ජීවිතේ තවත් රස මුසු තැන් ටිකක් අරගෙන........

හැමදාම මේ පැත්තට එන්න ඕනෙ කියල හිතුවට....මේ දවස් වල තියෙන වැඩ කන්දරාවත් එක්ක පොඩ්ඩක් අමාරු වුනා........

ඔක්කොම ඉතින් ඔෆීසියේ ඉන්න කන් විතරනෙ.....ගෙදර ගියාම කොල්ල ෆුල් නිදහස්.......කොම්පීතරයක් අතින් වත් අල්ලන්නෙ නෑ......මොකද ගෙදර වැඩ කොටස ඔක්කොම තියෙන්නෙ බබීගෙ අතේ....කොල්ල ෆුල් රිලැක්ස් එකේ...දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්න එක තමයි කරන්නෙ....
හරි හරි ආටක නාටක ඕනෙ නෑනෙ......මෙන්න බබාගෙ කතාව....

---------------------------------------------------------------------------------
ජීවිත කතාව 07 බලන්න මෙතනින් යන්න...

ඔන්න ඉතින් මාත් පුරුදු පරිදි මගේ අතිජාත මිත්තරයගෙ තනි රකින්න කියල රෑ ජාමෙ ඒ පැත්තට ගෑටුවා කියමුකො,
අපේ ගෙදර ඉදලා පොඩ්ඩ දුරක් නිසා අම්මට එච්චර බයක් නෑ, මම තනියම ගියාට....

කිසිම කරදරයක් නැතිව...කට කපල නිදාගෙන උදේ නැගිට්ටම තමයි දන්නෙ කස්සගෙ අම්ම කොහේදෝ ගමනක් යන්න ලෑස්ති වෙනවා කියල........ඉතින් එදා දවස අපිට නිවාඩු දවසක්....මමත් දඩි බිඩි ගාල ගෙදර ගිහින් රෙඩි වෙලා ආයෙත් පාත් වුනා කස්සගෙ වාස භවනට.....ඇයි දෙය්යනේ උන්ගෙ අම්මත් ගෙදර නෑ..තාත්තත් ගෙදර නෑ..........

ඉතින් ඒ වගේ වෙලාවට ඌව තනි කරන්න පුලුවන්ද......උගෙ තනියට ගෙදර හිටියෙ උගෙ නංගි විතරයි.........ඌට ඉතින් ඒ ආස්සරෙ එච්චර දිරෙව්වෙ නෑ.......නංගිත් ඌ ගාවට වැඩිය කිට්ටු කරන්නෙ නෑ.....කිට්ටු කරොත් වලියක් තමයි..........
ඔන්න ඉතින් අපි දෙන්න සෙට් වුනාට කරන්න කිසිම දෙයක් තිබුනෙ නෑ..........මොනව කරන්නද කියල හිත හිත ඉන්නකොට තමයි අපේ නියම භාණ්ඩයක් අපේ ඇහැට වැටුනෙ...........පරණ වෑර්ලස් එකක්.....





කස්සගෙ සීයා මේ ලෝකෙ පදිංචිය අත ඇරලා වෙන ලෝකෙකට යනකොට සීයගෙ වටින කියන බඩු මුකුත් අරන් ගිහින් නෑ......ඉතින් ඒ බඩු ඔක්කොම දරුවො ටික පරිස්සමට අරන් තියල.......ඔය වෑර්ලස් එක, එතකොට සීයගෙ වඩු ආයුද ටික තිබුනෙ කස්සගෙ තාත්තා ගාව........

ඔන්න ඉතින් අපි ඩබලට මහ කුපාඩි අදහසක් පහල වුනා......ඔය වැර්ලස් එක ඇතුලෙ මොන වගේද කියල පොඩ්ඩක් හොයල බලන්න...........කුපාඩි කිව්වට කුපාඩිම නෙමේ නේද........

බබාල දෙන්නෙකුට ඇති වෙච්ච කුතුහලයක් කිව්වොත් හරියටම හරි..........

ත්‍රී ඉඩියට් එකට කලින් ආපු ෆිල්ම් එක ටූ ඉඩියට්(බලලා නැත්නම් හිතින් මවාගෙන කියවපල්ල....)එකේ ප්‍රධාන චරිත දෙක වෙච්ච අපි දෙන්න......ඒකෙ දුෂ්ඨයගෙ චරිතෙ රඟ පෑව කස්සගෙ නංගිව කාමරෙන් පන්න ගෙන "වෑර්ලස් මෙහෙයුම" කියන අති සුන්දර ජවනිකාව පටන් ගත්ත.......

හිහ්...හිහ්.......අන්කල් කාරයගෙ මේස ලාච්චු ටික ඇදල දාල...අවශ්‍ය කරන අඬු බඬු ටිකත් හොයාගෙන පටන් ගත්ත වෑර්ලස් එක මස් කරන්න.....

බොහෝම සීරු මාරුවට ඇණ ටික ගලවල භාණ්ඩෙ දෙපලු කරා......බලන්න එපායැ ඒකෙ ඇතුලෙ ලස්සන............මොකට කියනවද.......අපිට ගන්න කියල කිසිම දෙයක් නෑ..........හිතා ගන්න බැරි විදියට එහෙට මෙහෙට දාපු වයර් ගොඩක් විතරයි.........මේ මොන මඟුලක්ද කියල අපිටම කියා ගත්ත අපි වැර්ලස් එක තිබුනු විදියට හයි කරලා තිබ්බ විදියටම ඒක අල්මාරිය උඩ තිබ්බා.......

ඔන්න ඉතින් පැයකට විතර පස්සෙ කස්සගෙ අම්මත් ආවා.......උන්ගෙ අම්ම දවල්ට හදපු කෑම ටිකත් ගිල දාල හවස කාටූන් ටිකත් බලල.......මමත් ගෙදර පැත්තට ගියා.....


අද ඉදන් කස්සගෙ තනි රකින්නත් නැති නිසා ආයෙ ඒ පැත්තට යන්න ඕන කමකුත් නෑ..මොකද අන්කල් අද හවස ගෙදර එනව........මාත් ඉතින් හවස් වෙනකොට ඇඟ පත හෝදගෙන ක්ලීන් සූට් දාල අපේ කඩේ ඉස්සරහට වෙලා පාරෙ යන කෙල්ලොන්ට ලයින් පාරක් දාගෙන හිටියා කියමුකො...........

ටික ටික කලුවරත් වුනා.....මන් හිතන්නෙ රෑ 7.30 ට විතර ඇති......මෙන්න බොලේ කස්සගෙ නංගි අඬ අඬා අපේ ගේ පැත්තට එනවා...........මොකද්ද යකෝ මේ චක්කරේ...........මමත් ෆුල් අන්දොස්....ඇයි ඉතින් කවදාවත් නංගි තනියම එන්නෙ නෑ...අනිත් එක මේ වෙලාවෙ............

මාත් ඉතින් මොනාද කාපු මොකාද එක වගෙ නංගි දිහා බලා ගෙන හිටියා.....අපෙ අම්ම ඔක්කොටම වඩා බය වෙලා........

අඬ අඬ ආපු නංගි මෙන්න මෙහෙම කියාපි..........
"බබා අයියෙ අන්න ඔයාට අපෙ තාත්තා එන්න කිවුවා......."

මාත් දෙපාරක් හිතුවෙ නෑ....පැනපු ගමන් හා කියල ඒ පැත්තට යන්න පටන් ගත්තා........මොක්ද වෙනදත් අන්කල් කොහේ හරි දුරක ගිහින් එනකොට චයිනීස් කෑම පාර්සල් අරන් එනවා...අරන් එන්නෙ අපිටත් එක්ක.....ඉතින් මාත් හිතුවා අම්මට සිරි අදත් චයිනීස් කියල.....

අපෙ අම්මට තේරුනත් මොකක් හරි අවුලක් කියල ...අම්මට මන් පස්සෙ එන්න තරම් සිහියක් තිබුනෙ නෑ....කඩේ සෙනග හිටපු නිසා...අනිත් එක මන් යන්නෙ කස්සගෙ ගෙදර නිසා ගානක් නෑ.....
මාත් ඉතින් චයිනීස් කන්න තොල කට ලෙව කකා ගියා කියමුකො....

නයි කයිද රෝස් පාන් කිව්වලු.....
කස්ස පැත්තකට වෙලා අඬනව....උන්ගෙ අම්ම තවත් පැත්තකට වෙලා අඬනව.......නංගි තවත් පැත්තක
මහා ඇඬීමේ තරඟයක් වගේ..........
අම්මට සිරි දැනුයි දැක්කෙ......අන්කල් කාරය ඉන්නව කොස්සක් අරගෙන මරුව මූඩ් එකෙ....
චයිනීස් නෙමේ අද නම් ගෙදරින් හම්බ වෙන බත් පතත් නැති වෙන සයිස් එකක් වගේ.....

අන්කල් දිහා බලන්න බෑ......එකසිය ගානට මල පැනපු මූඩ් එකක් තමයි තිබුනෙ......

මමත් නෝ කතා නෝ සිනා..........ජීවන බර මෙතනම නිදහස් වෙයි වගේ........

"අනේ ළමයො ඔය ළමයවත් ඇත්ත කියන්න.........කවුද සීයගෙ පරණ රේඩියෝ එක ඇල්ලුවෙ......"

කස්සගෙ අම්ම මගෙන් අහපි.......


කිරි අප්පට ඩෝග් ජම්පින් කිව්වලු......මේ මොන හෙණයක්ද කඩන් පාත් වෙන්න හදන්නෙ..........
කොහොමද යකෝ ලොක්ක අපේ චිත්‍රපටිය ගැන දැන ගත්තෙ...........
දැන ගත්තත් මගෙන් අහන්නෙ මොකටද........ඔය ඉන්නෙ පුතණ්ඩියා...අහගන්න තිබුණනෙ උගෙන්ම...........අනිත් එක අපි ඕක ටිකක් අත පත ගෑව කියල ඕක ගෙවෙනවයි.........

ඔන්න ඔය වගේ දාහක් ප්‍රශ්න මගෙ ඔලුව ඇතුලෙ බඩ පිනුම් ගැහුවත් මන් ඕවා අහන්න ගියේ නෑ ......මොකද බබෙක් වුනත් මගෙ මීටරෙ හොඳ නිසා මට තේරුනා ඒ වගේ හොඳ ප්‍රශ්නයක් ඇහුවොත් මුන් ඔක්කොම කාල තියෙන කොහු මිටෙන් මටත් කන්න වෙන විත්තිය.....


මෙන්න මේ වගෙ වෙලාවට ආපු නුවණ ගැන ඇතිවුනා වූ අප්‍රමාණ චිත්‍රප්‍රීතිය නිසාම මටත් කලින් මගෙ කට ඉස්සර වුනානෙ...........

"ආ.....අන්කල් මමයි කසුනුයි තමයි ඕක ගලවල බැලුවෙ"
මාත් ඉතින් වීරය වගේ කියල දැම්ම........

මන් හිතුවෙ අන්කල් මටයි කස්සටයි ඒ වෙලාවෙම ස්තුති කරල මිකැනිකල් ඉන්ජිනේරු ඩිග්‍රිය දේවි කියල.........
ඒ වුනාට මන් ඒක කිව්ව විතරයි කස්සගෙ මූණ ඇඹරිලා ගිය විදියෙන් මට තෙරුනා වෙනද නානවටත් වඩා හොදට අද නා ගත්ත කියල........


මගේ කටින් ඒ උත්කෘෂ්ට වචන ටික පිට වෙනවත් එක්කම අලංකාර කොහු මිට පහරක් කස්සගෙ පිට පැත්තට ගියා වගේ මතකයි........හැබැයි ඉතින් අන්කල්ගෙ හොඳේ කියන්නෙ මට අතක්වත් තිබ්බෙ නෑ..........
අන්න ඒකයි මන් ඒ මනුස්සයට අදටත් ගරු කරන්නෙ....හිහ්...හිහ්....

"කියනවා බලන්න කොහේ ඉඳන්ද මේක ගැලෙව්වෙ"
මෙච්චර වෙලා කිසිම කතා බහක් නැතිව හතර වටේට කොහු මිට වන වන හිටපු ලොක්ක මගෙන් අහපි...

ඒක ඇහුවට වඩා හොඳයි මට ගැහුවනම්.....ඇයි යකෝ ඒක අහපු සද්දෙට මට සුලු දිය පහ වෙන්නත් තිබුණ..


අනේ ඉතින් අම්බානෙකට භය වෙච්ච මම කිසිම වචනයක් පිට කර ගන්න විදියක් නැතිව අත දික් කරල උන්ගෙ කාමරෙ පෙන්නුවා.........
 අන්කල් මාවත් ඇද ගෙන රින්ගුවෙ නැද්ද කාමරෙට..........
ඔන්න යකෝ දැන්නෙ දැක්කෙ....අපි ලස්සනට තිබුනා වගේ අරන් තියපු වෑර්ලස් එක පලු දෙකක් කරල ඇඳ උඩ............

ඔන්න ඉතින් මටත් මල් පැන්න.....ඇයි බන් අපි අමාරුවෙන් හයි කරලා තිබ්බ භාණ්ඩෙනෙ.............


"කෝ කොහේ ඉඳන්ද ......." මෙන්න ලොක්ක ආයෙ සද්දෙ දානව.......

මාත් ඉතින් කස්සගෙ ඇඳේ බිත්තියට හේත්තු වෙච්ච ලයින් එක අන්කල්ට පෙන්නුව..........පැත්ත ගියත් ඇත්ත කියන එක හොඳ පුරුද්දක්නෙ.......

මෙන්න බොලේ අන්කල් එක පාරටම ඇඳ යටට රිංගුවා...........

දැන් මට වගේම උඹලටත් ෆුල් අන්දොස් ඇති නේද........

මෙන්න මේකනෙ වෙලා තියෙන්නෙ.......


අන්කල් හැමදාම වැඩ ඇරිලා ඇවිල්ල හීනියට සිංදුවක් අහනවලු.......අලුත් රේඩියෝ කෑල්ලක් ගෙදර තිබුනත් සිංදු අහන්න අන්කල් කැමති පරණ වෑර්ලස් එකෙන්ලු......

කවුද බන් ඔච්චර හරියක් දන්නෙ.....

ඉතින් වෙනද වගේම අන්කල් පොඩි වොශ් එකක් දාගෙන ආතල් එකෙ ඇලට් පාරක් දාන ගමන්  වෑර්ලස් එක ඕන් කරල නොවැ.......බඩු වැඩ නැති නිසා...පොඩ්ඩක් එහෙ මෙහෙ කරන කොට අන්කල්ට මීටර් වෙලා මේකට මොකෙක් හරි වැඩක් දීල කියල........

අන්කල් ඉලෙක්ට්‍රොනික අංශෙන් කප් ගහපු පොරක් නිසා මිනිහ ඕක ගලවල......එතකොට ඇතුලෙ තියෙන්න ඕන ගැජට් එකක් පේන්න නෑලු......

මිනිහා ඉතින් අපේ ප්‍රධාන ඉන්ජිනේරු කස්සට කතා කරල අහල තියෙනව මේකට මොකද කරේ කියල........මොකද අන්කල්ට ඕන වෙලා තියෙන්නෙ මිසින් වෙච්ච ගජමැටික් එක හොයා ගන්න මිසක් මේක ගැලෙව්වට දඬුවම් දෙන්න නෙමේ.....


කොහේද ඉතින් අපේ නලු බට්ට....ඒ කිව්වෙ කස්ස උන්ගෙ තාත්තට තියෙන බය නිසාම කට ඇරල නෑ.........බලන්න ඉතින් උගේ නිර්භීත කම් කොහු මිටෙන් දෙතුන් පාර කාලත් ඌ කියල නෑ....ඌව බේරන්න ගියපු උන්ගෙ අම්මත් කොහු මිටි පාරක් කාල.....බැරිම තැන තමයි මාව ඉහල උසාවියට ගෙන්නල තියෙන්නෙ.....

බබා ඉතින් කොහේ ගියත් මීටරෙ හින්ද නා ගන්න ඩයල් එකනෙ..........


අන්තිමේදි අන්කල් අර ගැජට් කෑල්ල ඇඳ යට තිබිල හම්බ වුනා.......
අන්කල් වැඩ කාරය නිසා වෑර්ලස් එක යන්තන් ගොඩ දා ගත්තා....


ඔන්න ඔහොමයි අපේ මිකැනිකල් ඉන්ජිනේරු සිහිනය බොඳ වෙලා කුඩු වෙලා දිය වෙලා ගියේ................

Saturday, January 12, 2013

ජීවිත කතාව 07


ජීවිත කතාව 07

ජීවිත කතාව 06 මෙතනින් බලන්න...

ඔන්න කට්ටිය මට සද්දෙ දාන්න අරගෙන.......කතාව ටිකයි ලිවුවෙ කියල.....අනේ දෙයියනේ ඒක තමයි මං අන්තිමට කිවුවෙ......මේක ලිවුවෙත් බොහොම අමාරුවෙන් කියලා.........
ඒ අස්සෙ අර කෙළි පොඩ්ඩත් කියනවා...කිසි අප්සෙට් එකක් නෑ කියලා......ඔක්කොට හපන් තොත්ත බබී...ඒක දැකපු වෙලේ ඉඳල මගේ කණ මිරිකන එකමයි වැඩේ........

ආදරය ගැන තොත්ත බබාට ඕනවටත් වඩා අත්දැකීම් තියෙනවා.......
ආදරයම නිසා තොත්ත බබා තරම් පිස්සෙක් වුනු කෙනෙක් තවත් නැතුව ඇති......(ඇඬෙනවා තනි ඇහට හොඳේ........)
ආදරය නිසා පිස්සෙක් වෙච්ච බබා ආදරය නිසාම ආයෙත් මනුස්සයෙක් වුනා......ඒ ආදරයට නම් මම හැමදාම ණය ගැතියි........මාව මනුස්සයෙක් කරපු ආදරයම මාව පිස්සෙක් කරන්න හදනකොට තමයි මාව බබීගෙ ආදර  කුණාටුවට අහු වෙන්නෙ.....අම්මට සිරි ඒක නම් කියල වැඩක් නෑ........පුදුම ආදර කුණාටුවක්.....මාව උස්සලා මිරිකලා අඹරවනවා.......අම්මෝ පුදුම ආදරයක්......දැන් නම් බයත් එක්ක ඒ ආදරේ නැති වුනොත් මං මැරිලා යාවි.....
හැබයි ඒ  දේවල් කොහොම වුනත් දැනට ලෝකෙ වැඩියෙන්ම ආදරේ විඳින්නෙත් මේ තොත්ත බබාම තමයි....




බබීට පිං සිද්ද වෙන්න...හිහ්...හිහ්.....(අද නම් මොනව හරි හම්බවෙයි....)

ආයෙත් වටේ යන්න ගත්තා.........දන්නෙ නැද්ද.....ආදරේ අන්ධයිලුනෙ...හිහ්...හිහ්....පාර පේන්නෙ නැතුව ගියා.......


ඔන්න අර කිවුව වගේ මටයි පොඩි කස්සටයි හැදුනු උණ නම් කාටවත් හොඳ කරන්න බැරි වුනා......

ඔන්න ඉතින් මමයි මගේ අතිජාත මිත්‍රයා වෙච්ච කස්සයි අපේ අලුත්ම ව්‍යාපෘතිය පටන් ගත්තා.......ඒක තමයි රිජිෆෝම් බෝට්ටුවක් හදලා ගඟට දාල පද්දන එක.....



ඕකට අවශ්‍ය කරන මූලිකම දේවල් වුනේ අඟල් තුන්කාලෙ රිජිෆෝම් ශීට් එකයි......කෙම්ෆික්ස් ගම් ටිකයි.......ඕකෙ ගාන්න තින්ත ටිකයි.....අල්පෙනෙති පැකට් එකයි,මෝටරයක් සහ බැටරි කෑලි හතරක්....




අපේ පුන්චි කර්මාන්තශාලාව වුනේ කස්සලගෙ ගෙදර පිටිපස්සෙ ඉස්තෝප්පු කෑල්ල....තව කස්සගෙ සීයගෙ වඩු බංකුව......ඒ කාලෙ සීය ජීවත්ව නොහිටියත් සීය හොඳ ප්‍රසිද්ධ වඩු බාස් කෙනෙක්...අදටත් අපේ පැත්තෙ ඕන කෙනෙක් ගෙන් ඇහුවොත් කියයි...කස්සලගෙ ගෙදරට යන පාර......හැබැයි උගේ නම කියල නෙවේ..සීයගෙ නම කියල ඇහුවොත් .....
ඉතින් දෙන්නත් එක්ක මේ බඩු ටික ගන්න හෙනට කටු කෑව.......
මොනව හරි දේකට හම්බවෙන ශත පණහ රුපියල කැටෙකට දාල එකතු කරනවා...
අවුරුද්දට ගෙවල් ඉඳුල් කරාම රුපියල් පණහක් විතර හම්බ වෙනවා.



ඉතින් ඔය ඔක්කොම දාල අපි වැඩේ පටන් ගන්නවා.....දෙන්නත් එක්ක පයින්ම හාඩ්වෙයාර් එකකට ගිහින් රිජිෆෝම් ශීට් එකයි අනිත් අඩුම කුඩුම ටිකයි ගන්නවා.....ඔය ටික ගෙදරට වෙනකම් අරන් එන එක තමයි ඊළඟ ගේම් එක........රිජිෆෝම් ශීට් එක හරියටම අඩි හතරක් උසයි...අඩි හතරක් පළලයි....අඩි  තුනක් විතර උස අපි දෙන්න අඩි හතරක ශීට් එකත් අල්ලගෙන පාර දිගේ එන හැටි  ගමේ එවුන්ට නම් ෆුල් ආතල් සීන් එකක්...මොකද ශීට් එක හුළඟට අහුවෙලා මැදින් බොක්ක ගහනවා...එතකොට නම් දෙන්න හතර අතේ කැරකි කැරකි හෙන ගේමක් දෙනවා ශීට් එක නොකැඩි තියා ගන්න.

ඉතින් ඒ සීන් එක අපේ පිට්ටනිය ගාව ඉන්න කොල්ලො සෙට් එකට නම් හෙන ජොලි සීන් එකක්.....කොල්ලො කිවුවට ඔය කුඩු ගහන, ගන්ජා ගහන..රස්සාවක් නොකරන අයියල සෙට් එකක් තමයි ඔතන හිටියෙ......හැබැයි ඉතින් පස්සෙ කාලෙක බබා මොන ගේමට එන්ටර් වුනත් සපෝට් එකට උනුත් හිටියා මගෙ පස්සෙන්ම....

ඔන්න ඉතින් වටේ ඉන්න එවුන්ගෙ නෝන්ඩිත් කා ගෙන බඩු ටික ගෙනාව කියමුකො...ඊට පස්සෙ බෝට්ටුවෙ පතුල කපල... දෙපැත්ත කපල .....ගම් දාලා අළවල......ගැළවෙනවට අල්පෙනෙති ගහල වේලෙන්න තියනවා...
ඊට පස්සෙ ඉතින් බැටරි කෑලි ටිකයි මෝටරෙයි හයි කරනවා........මේ ටික බොහොම සිම්පල් විස්තර කරේ.........තාක්ශණේ  පිටට දෙන්න වෙනවට..හිහ්...හිහ්..



ඔය ඔක්කොම කරල බෝට්ටුව හැදුවා කියමුකෝ....හැම අවුරුද්දෙම ඔය ටික ඔය විදියටම  වුනා...මං හිතන්නෙ අවුරුදු තුනක් විතර.......ඒ වුනාට ඒ එක බෝට්ටුවක් වත් වතුරෙ පා කරල හැඩ බලන්න අපිට චාන්ස් එකක් ආවෙ නෑ....මොකද අපේ  දෙමාපියන් අපිට ගඟෙ මූදේ තියා..මූද තියෙන පැත්තටවත් යන්න දුන්නෙ නැති නිසා.....ඒ මිනිස්සුන්ටත් අපිව එක්කන් යන්න වෙලාවක් තිබුනෙ නෑ........
අපි හැමදාම බෝට්ටුව හදලා ලොකු වතුර බේසමක පා කරල සතුටු වුනා.....
ඔන්න ඔහොමයි අපේ බෝට්ටු ව්‍යපෘතිය සාර්ථක වුනේ.......


හැබයි පොඩි සිද්දියක් නිස උණ අඩු වුනා කිවුවොත් හරි...


ඔය කාළෙ තමයි කස්සගෙ තාත්තා ජන්ද වැඩ වලට  ඩියුටි යන්න පටන් ගත්තෙ....දවස් දෙක තුනක් ගෙදරින් පිටතමයි අන්කල් ඉන්නෙ......

කස්සගෙ ගෙදර ගැනත් කියන්නම්කො....

ඒ දවස් වල උන් පදිංචි වෙලා හිටියෙ උන්ගෙ ආචිචිගෙ ගෙදර, ඒ කිවුවෙ තාත්තගෙ මහගෙදර....
අම්මා(ප්‍රාථමික අංශයේ ගුරුවරියක්),නංගි,කස්ස සහ තාත්තා තමයි ඒ පුන්චි පවුලෙ සාමජිකයන්......ආච්චිගෙ ගෙදර හිටියත් මුන් ටික ඔක්කොම හිටියෙ එක කාමරෙක....

ගෙදර තව හිටියා...කස්සගෙ ආච්චියි....කසාද බැඳපු නැති නැන්දා කෙනෙකුයි......
කස්සගෙ බාප්පල දෙන්නෙක් හරි තුන්දෙනෙක් හරි(මට හරියට මතක නෑ).......ආච්චිටයි නැන්දටයි හරි යන සැරම සැර බල්ලෙක්.....ඌ බල්ලෙක් කිවුවට යකෙක් වගේ තමයි....මූට මාව පේන්න බෑ.......බුරා ගෙන පනින්නෙ...කන්න බලා ගෙන.....

ඔව් ඔව් දැන් ඉතින් උඹලා මවා ගනිල්ල බල්ලෙකුටවත් බලන්න බැරි මූණත් තහඩුවක්....අඩෝ එහෙම නෑ හරිද...බබාට තියෙන්නෙ සීදෙවි මූණු පොඩ්ඩක්....සැක නම් බබීගෙන් අහන්න.....



කස්සගෙ අම්මත් එක්ක නැන්දම්මයි නෑනයි එච්චර හිත හොද කමක් තිබුනෙ නෑ...දැන්නම් එහෙම නෑ...ආච්චිනම් මේ ලෝකෙ නෑ දැන්  ...නැන්ද නම් ඔය ඉන්නෙ කිරියි පැණියි වගේ.....

හරි ඔන්න ඔහොමයි කතාවෙ පසුබිම......ඔන්න මුලින් කිවුව වගේ අන්කල්කාරය ජන්ද ඩියුටි........මුන්ගෙ කාමරෙ තිබුනෙ ඇඳන් දෙකයි.....එකක අම්මයි නංගියි...අනිත් එකේ කස්සයි තාත්තයි......


අන්කල් ගෙදර නැති දාට කස්සට තනියම නිදා ගන්න බයයිලු(හොඳ වෙලාවට ඌ මේක කියවන්නෙ නැත්තෙ.....නැත්නම් ඌට මල පනීද?.....ලැජජා හිතෙයිද?....ලැජ්ජ හිතුනත් ඌට මාත් එක්ක නම් මල පනින්නෙ නෑ කියල ෆුල් ෂුවර් එකේ කියන්න පුලුවන්...)
ඉතින් ඌ උගෙ අම්ම හරහා අපෙ අම්මට පොඩි රික්වෙස්ට් එකක් කරා..උගේ තනියට මාව එවන්න කියල....






ඌට මාව එච්චරටම ෆිට්...අදටත් එහෙමයි...මං ලංකාවට ගියාම  ඌ මාව හොයාගෙන එනවා....නැත්නම් මන් ඌව හොයාගෙන යනවා.....එච්චරට බොක්කෙ ෆිට් එකක් අපි දෙන්නට තියෙන්නෙ.

ඔන්න ඔය වගේ තනි රකින්න ගිය දවසක වෙච්ච සිද්දියක් නිසා තමයි අපේ මිකැනිකල් ඉන්ජිනේරු සිහිනය වයස අවුරුදු11 දීම බොඳ වෙලා ගියේ........   








Wednesday, January 9, 2013

ජීවිත කතාව 06



ජීවිත කතාව 05- මෙතැනින් බලන්න

ඔන්න උඹලට කතා ලියන්න ගිහින්.....ප්‍රේම කතාවකුත් කියල දැම්මනෙ......ඔය අහවල් කතාව දැකලා තොත්ත බබී නම් හිනා වෙලා නිකන් හිටියෙ නෑ....මෙන්න ඒකි අහනවා ඉතුරු ගෑණු ළමයි ගැන ලියන්නෙ කවද්ද කියලා....මැදැයි කොළා......

ඒ අස්සෙ මූණු පොතේ ඉඳන් කතා කර කර හිටපු ඒ කතාවට අදාළ කෙළි පොඩ්ඩ මගෙන් අහනවා.....කවුද ඒ ගෑණු ළමය කියල........මන් කලිනුත් කිවුවෙ ඒකි  මේ මොනවත් දන්නෙ නෑ කියල


මාත් ඉතින් එච්චර කල් රැක ගත්ත ඒ රහස ඒ කෙලි පොඩ්ඩට කියල දැම්ම.......දැන් ඉතින් අපි පවුල් පංසල් වෙලානෙ.......බය නැතිව කියල දැම්ම......දැන් එකි මාත් එක්ක කතා කරන්නෙම නෑ.......යාලු කමත් ඉවරයි වගෙ......මේව දැකල අපේ තොත්ත බබී නම් උඩ පැන පැන හිනා වේවි....හිහ්.....හිහ්.....
ඕනෙ නම් කණ මිරිකල අහවි....ඇද්ද වැඩේ කියල.........

ඇති ඇති වටේ ගියා.....මෙන්න කතාව...




ඔන්න ඉතින් අලුත්ම අලුත් කිට් එකත් ඇඳ ගෙන බබා ගියා විභාගෙ ලියන්න.....විභාග මධ්‍යස්ථානය වුනේ ගෙවල් ළගම තිබුනු ධර්මාශෝකය.........
අලුතෙන් හම්බ වුනු ඔරලෝසුවත් හරියටම( ඔය පින්තූරෙ තියෙන වගේම එකක්)බැඳගෙන ඒක හැමෝටම පේන විදියට අත් දෙක පද්ද පද්ද බබා ගමනෙ.........හැමෝටම පේන්න කිවුවට ඕක දැක්කෙ මන් විතරද දන්නෙ නෑ...හිහ්...හිහ්.....

ඔරලෝසුව බැන්ඳට මොකද ...ඒකෙ වෙලාව  තිබුනෙ වැරදියට..........මට ඉතින් විභාගෙ ලියනවට වඩා වැදගත් වෙලාව හදා ගන්න එක......පළවෙනි ප්‍රශ්න පත්තරේ විනාඩි 20 වැනි සුලු කාලයකදී ඉවර කරල පටන් ගත්ත වෙලාව යථා තත්වයට ගෙන ඒමේ මහා ව්‍යාපෘතිය..........
අනේ ඉතින් පේපර් ටික එකතු කරගෙන යනකන්ම බබා හිටපු තැනමයි.....වෙලාවත් එහෙම්මයි......


ඔන්න ඉතින් බබා ෆුල් ශෝක මූඩ් එකෙ එලියට ආවා......දෙවෙනි පේපර් එක පටන් ගන්න තව විනාඩි 15 තියෙනවා.....අම්මලා ගේට්ටුව ගාව පොර කනවා......තමන්ගෙ ළමය හරියට උත්තර ලිවුවද කියල දැන ගන්න......අපෙ අම්මත් ගේට්ටුව ගාව හිටියා......හැබැයි මොනවත් අහන්න කලින් එයා මගෙ අතට රෝල්ස් එකකුයි බීම එකක්ක්යි දුන්න........අපිටම කියල කඩයක් තිබුනට අපිට හිතුනු හිතුනු වෙලාවට බීම බොන්න...ටොෆී කන්න....අවසර තිබුනෙ නෑ...


අදටත් බබා රෝල්ස් වලට තියෙන්නෙ පුදුම කෑදර කමක්.......අපරාදෙ කියන බෑ...බබී හිටපු ගමන් හදල දෙනවා බඩ කට පිරෙන්න.......
ඔන්න ඉතින් සප්පයම් වෙච්ච බබා ඊළඟ පේපර් එකටත් ගියා........ඒ පේපර් රාජයාටත් පෙර ආනිශංසයම හිමි විය....සාදු සාදු සාදු.....තවමත් බබා වෙලාව හදයි....පේපර් එකතු කරයි....බබා නැගිට එලියට එයි.....හිහ්...හිහ්...



පස්සෙ කාලෙක කොහොම හරි ඕකෙ වෙලාව හදා ගත්ත...

ඔන්න ඉතින් ටික දවසකට බබාලට සුපිරි නිදහසක් ලැබුනා....වැඩි හරියක් කාලෙ ගත කලේ පොඩි කස්සලගෙ ගෙදරයි...අපේ ආච්චිලගෙ ගෙදරයි තමයි........

ඔන්න ඔය අතරෙ තමයි පොඩි කස්සටයි මටයි මිකෑනික් උණක් ආවෙ.....අතට අහු වෙන ඕන මගුලක් ගලවනවා......හැබයි ලොවෙත් ආයෙ තිබුනු විදියට හයි කරන්න බෑ........දැන් ඉතින් උඹල මහ වල් විදියට බලන්නෙ...ඕන දෙයක් කිවුවෙ හැම දේම නෙවෙයි  කොල්ලනේ..........පුන්චි  මෝටර් කෑළි තිබුනු ඒවා.......





අද කොටන්න වුනේ පොඩ්ඩයි...ඔෆිස් ඉන්න ගමන් කොටන එක අමාරු නැති වුනත් අධ්‍යාපන කටයුතු පොඩ්ඩක් හිර වෙලා නිසා එකත් ඔෆිස් ඉඳන් තමයි ගොඩ දාන්නෙ.

බබී දැක්කොත් බැණුම් අහන්නත් වෙනවා.........

සොරි හොඳේ...........ඊළඟ කතාව ටිකක් දිගට ලියනවා..ෂුවර්.......













Wednesday, January 2, 2013

ජීවිතය සහ ආදරය......






මේ නිසඳැස මන් හොයා ගත්තෙ මූණු පොතේ තිබිලා.....
බබාට හිතුනා එකේ තියෙන එවා එක්ක ගේමක් ඉල්ලන්න......
ඔන්න ලියල දැම්ම....ඕන එකක් ප්‍රීති වෙසක් කියල.....
බනින්න නම් එපා ..........








ජීවත් වෙන්න...
කෙනෙකුට ඔබව වටින්නේ නැතත්..........
ඔබව වටින තවත් අය ඇති නිසා........

සතුටු වෙන්න......
සතුට ඔබව ජීවත් කරවන නිසා...

හඬා වැටෙන්න.....
කඳුල ඔබව සනසන නිසා.......

විඳින්න....
විඳින්නට ජීවිතයක් ඇති නිසා.....

ඝණඳුරින් ඈත් වන්න......
අලෝකයේදී ඔබට පෙනෙන නිසා.......

ආදරය නොසොයන්න....
ඔබ වෙහෙසට පත්වෙන නිසා.....

ආදරය කරන්න......
එවිට ඔබට ආදරයක් ලැබෙන නිසා......



Monday, December 31, 2012

ජීවිත කතාව 05

ජීවිත කතාව 04

කාලෙකට පස්සෙ ඔන්න අයෙත් බ්ලොග් එක පැත්තට ඇවිල්ල යන්න ආවා....ඔෆීසියේ මහ ලොකුවට වැඩක් නැති වුනත්......කාලෙකට පස්සෙ ඉගෙනීම් කටයුතු පටන් ගත්ත නිසා පොඩ්ඩක් විතර බිසී වුනා.........දන්නෙ නැද්ද ඉතින් පොඩි බබාල ඉගෙන ගන්න ගියාම.........

ඔන්න ඉතින් ඔය වගේ බබා පන්තියෙම වීර චරිතයක් වුනා......


ඔන්න ඔය අතරෙ තමයි පුන්චි බබාටත් මල් සරා බැල්ම දැම්මෙ........ඔන්න ඔන්න උඹල නිකන් වල් විදියට බලන්න ගත්තා....මන් අඬනවා හොදේ.......ඔහොම බැලුවොත් නම්......
හරි හරි ඔය කාලෙදි තමයි බබාට කෙල්ලෙක් ගැන මුලින්ම ආදරයක් ඇතිවුනේ......ඒක මේඋඹල හිතන තරම් දෙයක් නෙමේ....පුංචි කොල්ලෙකුට ලස්සන කෙල්ලෙක් ගැන උනන්දුවක් ඇතිවුනා විතරයි........ඕක මට විතරක් ඇතිවුනේ නෑ ,මං දන්න තරමට මගේ හොදම යාලුවෙකුත් වැඩේට හවුල් වුනා......
ඒ කාලෙ අපි හිටියෙ 'රෝස' පන්තියෙ, අපේ පන්තියෙ විතරක් නෙමේ අපේ මුලු වසරටම හිටිය සුපිරි කෑලි දෙක.....දෙන්න හොද යාලුවො ,එකක් මගේ කෙල්ල...අනිත් එක යාලුවගෙ......ඔහොම තමයි අපි දෙන්න කෙල්ලො දෙන්නව බෙදා ගත්තෙ.....ඔන්න ඉතින් බබා තමාගෙ අකලoක කුලුදුල් ඒක පාර්ශික ප්‍රේමය පටන් ගත්තා......හැබැයි ඉතින් ඒ අහිංසක කෙල්ල මේ මුකුත් දන්නෙ නෑ.....දැනගෙන හිටියද දන්නෙත් නෑ.....වෙන්න බෑ....ඒ වයසෙදි ඒ වගෙ අදහස් එන්නෙ මං වගේ සුපිරි ඩයල් වලට විතරයි..........


කෙල්ලො දෙන්න යන්නෙ කොහෙද...අපි දෙන්න එතන......යන්න බැරි වුනේ කාන්තා වැසිකිලියට විතරයි......ඇත්තමයි යක්කුනේ මන් එතනට ගියේ නෑ.....

කෙල්ල ඉතින් මුකුත් දන්නෙ නෑ.....මන් හිතන්නෙ ඒ කෙල්ල අද වෙනතුරුත් මේ කතාව දන්නෙ නෑ.......මට කියන්න තරම් ගටක් ආවෙත් නෑ.........අදටත් ඒකි මන් ඉස්සරහට හම්බවුනාම හිනා වෙලා කතා කරලා යනවා......
හැබයි ඉතින් කතන්දරේ මං දන්න නිසා මන්තුමා ඉබේම ලැජ්ජාවෙන් ඇඹරෙන්න ගන්නව......කෙල්ලට නෝට් නෑ......දැන් ඒකි බැඳලා ලමයිත් ඉන්නව....



ටිකෙන් ටික කාලය ගෙවිල ගිහින් පහේ විභාගෙත් ලන් වුනා, ඒ අතරතුර ගුටි කාපුවා,මඩ නාපුවා.......වගේ කතන්දර නම් ගොඩාක් තියෙනවා...ඒවා ලියන්න ගියොත් මට දිගටම ලිය ලිය තමයි ඉන්න වෙන්නෙ.....
ඔන්න විභාගෙ ලන් වෙනකොට පොඩ්ඩක් සැලකිලි වැඩි වුනා......පොඩි පොඩි ගමන් බිමන් දෙක තුනකුත් සෙට් වුනා....විභගෙට භාර හාර වෙන ටිකක් දුර තියෙන පන්සල් දෙක තුනකට ගියා....බබාට ෆුල් ජොලි...ඇයි ඉතින් තියන තියන් පූජා වට්ටියෙ පළතුරු ටික කන්න හම්බ වෙනවනෙ

පොඩ්ඩක් අවුලකට තිබ්බෙ බස් එකේ ගමන තමයි.....මොනව කරන්නද....අපිට කොහෙද කාර් ........ඒ දවස් වල ළමයින්ට එච්චර ගානක් නැති වුනාට අම්මල අපිට වඩා භය වෙලා හිටියෙ....හරියට අම්මල විභාගෙ ලියනව වගෙ.....

ඒ වුනාට මේ තොත්ත බබාට නම් තිබුනෙ වෙන කාටවත් නැති උභතෝකෝටික ප්‍රශ්නයක්........

විභාගෙ ලියන කොට වෙලාව බලා ගන්නෙ කොහොමද කියන එක......



උඹලටනම් හිනා...අයි යකෝ ලිය ලිය ඉන්නකොට වෙලාව ඉවර වුනොත්......

බබාට තාත්තාගෙන් ඉල්ලා යවපු ඔරලෝසුව තාම එව්වෙ නෑ........රට ඉදන් එනව කියපු තාත්තගෙ යාලුවත් නෑ.......
අනේ ඉතින් අර දෙකයි පණහට ගත්ත එක නිකන් වත් දී ගන්න බැරි වුනු එකෙක් වගේ බබා ෆුල් අප්සෙට් මූඩ්...........ඔන්න හෙට තමයි විභාගෙ.......මොන විභාග ද? පාර අද්දරට වෙලා බලන් ඉන්නෙ රට ඉදන් එන ඔරලෝසුව එනකන්.....

රෑත් වුනා.....ඔරලෝසු තියා යාලු අන්කල් කාරයත් නෑ........මොනව වුනත් බඩගින්නෙ ඉන්න හොද නෑනෙ...පුන්චි ලමයිනෙ......හොදට කාල නිදා ගත්තා.....
නින්ද ගියා විතරයි.......මෙන්න අම්ම කෑ ගහනව ......එළි වෙලාලු.......යකෝ නිදා ගත්තා විතරනෙ......අම්ම බොරු කියනව වෙන්නත් බෑ.....හොදට එළියත් වැටිල.....

පාන් කෑවොත් ඔහොම්මයි කිවුවලු.......අද නේද විභාගෙ......
අම්ම අලුත්ම සූට් එකක් මහල ගෙනෙල්ල.......කිරි බතුත් හදල........
අම්මගෙ මූණෙ තිබුනෙ ගොඩාක් ලොකු බලාපොරොත්තු...එදා ඒක මට නොතේරුනාට අද මට එක තේරෙනවා...........

සූට් බූට් දාල බබා ලෑස්ති වුනාම මෙන්න අම්ම දෙනව කලු පාට ඔරලෝසුවක්........
මන් නිදා ගත්තට පස්සෙ අර අන්කල් ඇවිල්ල දීල ගිහිල්ල....

ඒකත් බැද ගෙන බබෙක් වුනත් පුන්චි ලොකු කමක් හිතට අරගෙන අම්ම ඉස්සරහට අරන් ආපු වතුර වීදුරුවෙන් චුට්ටක් බීල බබා බැස්ස විභාග ලියන්න යන්න......හැබයි ඉතින් පාඩම් කරපු දේකුත් නෑ...හැබැයි අද වගේම එදත් බයක් කියල දෙයක් දැනුනෙත් නෑ.......


Monday, December 10, 2012


නුඹ.....

අරමුණක් නැතිව 
ඔහේ පාවුනු සිතට නවාතැනක් වුනු නුඹ...


මගේ හෙවනැල්ලටත් වඩා 
මගේ ළගින්ම හිටිය නුඹ.......

නෙතින් වැටුනු හැම කදුලක්ම
දෝතින් අරන් නුඹේ කර ගත්ත නුඹ....


ජීවිතේ හැම දේම 
ලගින් ඉදන් බෙදා ගත්ත නුඹ.......

නුඹේ මුලු ජීවිතේම 
මගේ ජීවිතේ කර ගත්ත නුඹ......


කණට කරල මිමිණුවෙ නැති වුනාට,
ලෝකෙටම ඇහෙන්න කෑ ගැහුවෙ නැති වුනාට,

ආදරෙයි මන් නුඹට........
මගේ මුලු ජීවිතේටම වඩා......

Sunday, December 9, 2012

මැද පෙරදිග කම්කරුවාගෙ නොලියූ කවිය.



වැලි කතර මැද.......
සියරටේ නොවුනත් 

හමුවෙලා හිනා වෙලා 
කතා කරන මිනිස්සු ටිකක් එක්ක
ගෙවෙන මේ පැය දහය....
විටෙක සුන්දරයි......විටෙක දුක්බරයි......

සතුටක් අති වුනාම 
හිනා වෙන්න හැමෝම එක්ක හිනා වෙලා
ඒක බෙදා ගත්තට.........
දුකක් ඇති වුනාම 

ඒ දුක කියන්න තරම් හිතවත් කෙනෙකුත් 
ළග නැති වුනාම......
දැනෙන පාලුව....තනිකම.....

කාසි හොයන්නට ඇති ආශාව
මේ පාලු කතරට වෙලා විදින දුකත් එක්කම 
හේදිලා ගිහිල්ල වුනත්......
අම්මගෙ තුරුලට වෙලා ඉන්න
පුන්චි පැටවුන්ගෙ අනාගතේ සරු කරන්න ඕනෙ නිසාමයි


හේදිලා ගියපු ආශාව ආයෙ ආයෙ
ඇති කරන් 
සල්ලි මත්තෙ හැමදෙයක්ම තීරණය වෙන
සමාජයක් ගොඩ නගපු එවුන්ට 
හිතින් ශාප කරන්නෙ......

ජීවිත කතාව 04


ජීවිත කතාව 03

ජීවිත කතාව 04

දැන් ඉතින් මොකද කරන්නෙ......අඩි පොළවෙ ගහලා පන්ති යන්න බෑ කියාපු මට.....මෙන්න බොලේ මිස්ම ඇවිල්ල අඩන්න වගේ කියනවා.....පන්ති එන්නලු.....මොලේ නිකන් විකාර වෙලා ගියා වගේ දැනුනා........යකෝ මේ එදා හිටපු මිස්මද කියල..............
තොතත බබාගෙ ආශාවනෙ ......ඔන්න ඉතින් ඊළග සතියෙ ඉදන් පන්ති යන්න පටන් ගත්තා.........දවසක් දෙකක් ගිය කියමුකො..........දුන්න නේද ගෙදර වැඩ............තොත්ත බබත් බබා වගේ හිටියට පොඩ්ඩක් විතර මරිසි ඩයල් එකනෙ......ඔන්න ඉතින් මගේ මේ කුඩා මොළ සිගිත්තට මාර අදහසක් පහල වුනා......මට හිතුනා එදා අර ආදරෙන් කතා කරපු මිස් මට ඇත්තටම ආදරේද බලන්න(ඔන්න ඉතින් උඹල වල් විදියට හිතන්න ගත්තා නේද....යකෝ ආදරේ කිවුවෙ ගුරු ගෝල සෙනෙහස......)  

ඕන පු** ප්‍රීති වෙසක් කියල තොත්ත බබා ගෙදර වැඩ කරේ නෑ....
ඇති වෙන්න කාටූන් බැලුවා......රොබින් හුඩ් බැලුවා.........උඹල දැනටම දන්නවනෙ අපි කොච්චර දුප්පත් ජීවිතයක් ද  ගත කරේ කියලා....ඉතින් අපි ඔක්කොම ටී.වී. බලන්න ගියේ අපේ ගෙදර ගාව හිටපු පොඩි කස්සගෙ ගෙදර(ඌ තමයි මාව ඉස්කෝලෙ එක්කන් ගියපු මිස්ගෙ පුතා, උගේ නම කසුන්, අපි තාමත් ඌට කියන්නෙ පොඩි කස්ස කියල ),මොක්ද ඒ වෙනකොට අපේ ගෙදර තිබුනු ටී.වී. එක කැඩිලා......ඕක හදන්නවට වඩා සල්ලි වලින් කරන්න ගොඩක් දේවල් අපෙ අම්මට තිබුනා...අපි වෙනුවෙන්.......


අම්ම දන්නෙත් නෑ කොල්ලට ගෙදර වැඩ දීල කියල.......ඔන්න ඉතින් සුපුරුදු පරිදි මාත් පන්තිය පැත්තට ගියා කියමුකො......මොන මරිසි වැඩ දැම්මත් පන්තිය කිට්ටු වෙද්දි කකුල් දෙක මැන්ඩලීන් ගහන්න පටන් ගත්තා........මන් යන්න හැදුවට කකුල් යන්න බෑ කියනව.......ආයෙ හැරිලා ගෙදර ගියොත් කොහොමත් කන්න වෙනව අම්මගෙන්,
දන්න දෙයියො ඔක්කොම සිහි කර ගන්න ගමන්ගිහින් වාඩි වුනා පන්තියෙ මැද හරියකින්(තාමත් මොන ලෙක්චර් එකට ගියත් වාඩි වෙන්නෙ අන්තිම පේලියෙ.....)

ඔන්න ඉතින් මගෙ ආදණීය මිස් පන්තියට සම්ප්‍රාප්ත වුනා........ආපු ගමන් පටන් ගත්ත ...ළමයි යනව පේලියට පොත් අරගෙන.....සමහරු කනව අම්බානෙකට.......ලමයි 500 විතර පෝලිමේ යනකොට හොයන්න බෑ කවුද මිසින් කියල.....බබා ඉතින් පොඩ්ඩක් එහෙන් මෙහෙන් වහන් වෙලා පෝලිමට නොගිහින් හිටිය.....මන් දන්නෙත් නැති වුනාට මගේ එහා පැත්තෙ හිටපු එකා මාව නෝට් කරල.......ඔන්න ඔක්කොම ළමයි ටික පොත් පෙන්නල ඉවර වුනා.......කාපු එවුන් ඉන්නව අත් රතු කරගෙන....මූණවල් නිකන් ඇඹරිලා ගිහිල්ල.......


පන්තිය හ්ම් සද්දයක් නෑ........මාත් ඉතින් හිටිය බබා වගේ...........මෙන්න අර මන් කියාපු මගේ එහා පැත්තෙ හිටපු ගොන් වහන්සෙ(හැබයි ඌ අදටත් මගෙ හොද යාලුවෙක්) නැගිට්ටෙ නැතයි.........මූ මාව පෙන්නල හෙන සද්දෙට කියාපි 
"මිස් මෙන්න මෙයා පොත පෙන්නන්න ආවෙ නෑ."

මාව කවුරු හරි උස්සලා පොලවෙ ගැහුවනම් හොදයි කියල හිතුනා..........යකෝ මූට ඇති අමාරුව මොකද්ද මන් ගැන........මට කන්න දෙන්නෙ ඌ වගේ.........හොද වෙලාවට ඒ දවස් වල කුණුහරුප කියන එක දන්නෙ නැති වුනෙ......නැත්තන් ඌ මැරෙන්නෙ ඒ ටික අහලා....


තත්පරයක් යන්න හම්බවුනේ නෑ.....මෙන්න ඇහෙනවා මිස්ගෙ සද්දෙ......කණට මී පැණි වක් කරන්න වගේ.....
"නැගිටපිය මී හරකා..."( අදටත් ඒ මිස් ළමයින්ට කතා කරන්නෙ ඒ වගෙ ගරු නම්බු දීල තමයි )

බබා නැගිට්ට නෙමෙයි නැගිටුනා.......
බබාට දැන් මැවිලා පේනව......ඒ ආදරණීය මිස් එතුමියගේ දැවන්ත හස්තය එහෙ මෙසෙ විසි කරනවා..

මේ අහින්සක බබා ඒ දැවන්ත හස්තය විසි කරන පාරක් පාරක් ගානෙ එහෙට මෙහෙට විසි වෙනවා........අහෝ දුකකි...ඉරකි තිතකි.......

මෙන්න මේ වගේ මනෝ විකාර පේන්න ගනිද්දි........කලිසම තෙමා ගන්න ඔන්න මෙන්න කියල තියෙද්දි....(හිනා වෙන්න එපා බොලව්, මන් ඒ කාලෙත් බබෙක්....)

මෙන්න මට ආයෙ ඇහෙනවා......මිස්ගෙ කට හඩ........
"ළමයි හරවන්න .....පිටුවට......ඔය පුතා වාඩි වෙන්න.......තොට මොකද මී හරකො ඒ ළමය පොත නොපෙන්නුවට........අනුන්ගෙ දේවල් හොයන්න නැතිව හිටපිය"

ඈ බොලේ ඒ මොකද්ද ඒ වුනෙ.......ජීවිතෙට හිතපු නැති ජිල්බරියක්නෙ බොලේ මේක.........


ආයෙ මොනව හිතන්නද,සියලු භය සැක සන්කා අත ඇරල දාලා......මුලු පන්තිය දිහාවටම ෆුල් ජයග්‍රහණී බැල්මට් එකක් දාලා......තොත්ත බබා වාඩි වුනා........අරූ ඉතින් අර මොනාද කෑව මොකාද එකා වගේ.....මන් දිහාට බොහොම අහින්සක බැල්මක් දැම්මා.....මාත් ඉතින් ඌටත් එහෙම එකක් දැම්ම....නැත්තම් ඌට හරි නෑනෙ......


මේක ඉතින් කියන්න තරම වීර වික්‍රමයක් නොවුනත් ඒ කාලෙ හැටියට,ඒ කියන්නෙ අවුරුදු 8 වයස බබෙක්ට ඒක මාර වික්‍රමයක් තමයි...........

පස්සෙ කාලෙක තමයි දැන ගත්තෙ මිස් මන් ගැන හිතලම තමයි මට ගහල නැත්තෙ........මොක්ද මිස්ගෙ කටින්ම මට කියල තියෙනවා මන් ඉගෙන ගන්න දස්සයි කියල මිස්ට තේරිලා .....ඉතින් එදා ගුටි කාල මන් පන්ති නැවත්තුවනම් අපෙ අම්මට වෙන්නෙ කඩේ වහල අපිට පාඩම් කියල දෙන්න.....එකෙන් වෙන්නෙ අපිට තියෙන ආදායම් මාර්ගය නැති වෙන එකයි........මගෙ ඉගෙනීම බාල වෙන එකයි.......


එහෙම වුනා නම් උඹලට කියවන්න කතා ලියන්න තරම් නිදසක් තියෙන රස්සාවක් මට ලැබෙන්නෙ නැති වෙන්න තිබ්බා..........
අපේ ආදරණීය කරුණ මිස්......මගේ ජීවිත කතාවෙ මේ කොටස ඔබට උපහාර පිණිසයි...........












Wednesday, December 5, 2012

ජීවිත කතාව 03


ජීවිත කතාව  01
ජීවිත කතාව  02

වැස්ස දවසට අපිට කොච්චර ජොලි වුනත් අම්මල නම් ඉන්නෙ පුදුම බයකින්....ඇයි ඉතින් යායට තියෙන වෙලයි ඉස්කෝලෙට යන්න තියෙන පාරයි දෙකම පිරෙන්න වතුර පිරුනම පොඩි එවුන් කොහෙ යයිද දන්නෙන් නෑනෙ.....වැරදිල හරි වෙලට වැටුනොත් සොරි තමා......

අපි ගෙදර ආවම ගුටි නොකා බේරුනේ එහෙමත් දවසක...ඇයි ඉතින් මඩ කරියො වගේ තමයි ගෙදර එද්දි....
සපත්තු දෙක කරේ එල්ලගෙන.......සුදු කමිසෙ මඩ ගා ගෙන..........මොන අම්මටද කේන්ති නොයන්නෙ......

හොදින් ඉර පායපු දවසටත් අපේ කියන්න තරම් වෙනසක් නෑ.......ගෙදරට එනකන් තියෙන වතු වලට පැන පැන ගඩා ගෙඩි කඩා ගෙන කනවා......පාර දිගට රේස් දුවනවා......කරපු දග වැඩ වල නම් ඉවරයක් නෑ.....
ටික ටික කාලෙ ගෙවිල ගියා...... 5 ශිෂ්‍යත්වය විභාගයක් ගැන කවුරුත් කතා වෙන්න ගත්තෙ ඔය කාලෙ.
පුන්චි අපිට ඒ ගැන එච්චර උනන්දුවක් නැති වුනත් අම්මල ඒ ගැන බොහොම උනන්දු වුනා....
ඔය වගේ හතරබීරි කතා අස්සෙ අපි 4 වසරට ඇතුලත් වුනා.....මාස දෙක තුනක් කිසිම සද්දයක් නැතිව බොහොම අපූරුවට ගෙවිලා ගියා.......මෙන්න බොලේ එක පාරටම අර  5 ශිෂ්‍යත්වය ගැන ආයෙ කතා වෙන්න ගත්තා........

ඉස්කෝලෙ තිබුනු ශාන්ත සුන්දර වටපිටාව එක පාරටම මාර විදියට කලබල වෙන්න ගත්තා..හරියට මාවිල් ආරු සොරුව්ව වහපු වෙලාවෙ අපේ ආණ්ඩුව කලබල වුනා වගේ......අපිත් පුන්චියට හිටියට අපිටත් තේරුම් ගියා මොකක් හරි විපර්යාසයක් වෙන්න හදන්නෙ කියල.......

ගෙදරිනුත් පොඩි පොඩි බර බර එන්න පටන් ගත්තා......විභාගෙ හොදට පාස් වෙන්න ඕනෙලු, අක්ක වගේ ධර්මාශෝකෙට එන්න ඕනෙලු..නයි කයිද රෝස් පාන් කිව්වලු, මේ මොන හෙණ ගෙඩියක් ද කියල හිත හිත ඉන්නකොට මෙන්න කියාපි ටියුශන් යන්නත් ඕනෙ කියල.......ඔන්න ඉතින් හොදට හිටපු මට මල් පොකුරු පොකුරු විසිවෙන්න ගත්තා......අක්ක ඔය මගුල් විභාගෙ දවස් වල නොකා නොබී පන්ති ගිහින් නිදි මරා ගෙන විදපු දුක මන් දැකලා තිබුනට මන් ඒ දවස් වල හිතුවෙ එයාගෙ පෙර කරපු පවක් පඩිසන් දෙනව කියල.......යකෝ දැන් මටත් වෙන්න යන්නෙ ඒකමනෙ කියල හිතෙනකොට මල පනින්නෙ නැද්ද?????

ඒත් ඉතින් අම්ම විදින දුක පොඩි කාලෙ ඉදන් දැකපු මට අම්මලට උඩින් පාට් දන්න තරම් හයියක් තිබුනෙ නෑ.
ටිකක් හරි හිතට සැනසීමක් ආවෙ ටියුශන් කරේ අම්මගෙ හොදම යාලුවෙක් වීම විතරයි.... පහේ විභාගෙට ප්‍රසිද්දම ටියුශන් එක කරේ ඒ මිස්...........
අපේ පලාතෙ කවුරුත් දන්නෙ "කරුණා මිස් " කියන නමෙන් තමයි......

ඔන්න ඉතින් මේ කොලු බට්ටත් හා හා පුරා කියලා මිස්ගෙ පන්තියට යන්න එලියට බැස්ස අම්මගෙ අතේ එල්ලිලා.....
ඔන්න ඉතින් පන්තිය ගාවට ගියා කියමුකො......අම්මට සිරි සෙනග කිව්වලු.......යකෝ ටවුමෙ පෙරහැර බලන්නත් මෙච්චර සෙනග එන්නෙ නෑ...ළමයි 500 විතර., උන්ගෙ අම්මල ආච්චිලා තාත්තලා සීයල ඔක්කොම ඇවිල්ල....අපෙ අම්ම මාව මිස්ට බාර දීල යන්න ගියා......උඹල හිතන්න එපා එයා එහෙම කරේ මට ආදරෙ නැති නිසා කියල....මන් ගැන බලනව වගේම තව ළමයි 3 දෙනෙක් ගැන බලන්නත් ඕනෙ නිසයි එය එහෙම යන්න ගියේ......අනිත් එක අපි ගැන පුන්චි කාලෙ ඉදල දන්න කෙනෙක් ගාව මාව තියපු නිසා අම්මට බය වෙන්න කාරනයක් තිබුනෙ නෑ.

සතියක් දෙකක් පන්තිය බොහොම සුන්දරව කෙරී ගෙන ගියා.....ඔන්න ඊට පස්සෙ තමයි නියම සීන් එක පේන්න ගත්තෙ......උඹලට මතක ඇති සතර අත්පොත......ඒ දවස් වල ඒක තමයි පහේ විභාගෙ කරන එවුන්ගෙ හතර මහා නිදානය.....ඔන්න මිස් ඒකෙන් වැඩ දෙන්න ගත්තා........"ගෙදර වැඩ" ..... ඊළග දවසෙ යනකොට කර ගෙන යන්න ඕනෙ...කරල නැත්නම් ලී අඩි කෝදු පහක් එකට තියලා අත අල්ලන්න කියල දෙනවා දීමක්....බීපු මව් කිරි මතක් වෙන්න........

අනේ ඉතින් මොනා කරන්නද.....ගෙදර ඇවිත් කොහොම කොහොම හරි වැඩ ටික ඉවර කරනවා...කරනවා කිවුවට අම්ම ටොකු ඇන ඇන කරවනව.....මිස්ට හපන් අපෙ අම්මා.......මට තාම මතකයි එලව එලව මට සබ්බුව දෙන හැටි.....
හබැයි ඉතින් දවසක් මොකද්දෝ වැරැද්දකට මිස් මට නෙලුවා අම්බානෙකට........එදා නම් ඉතින් මේ තොත්ත බබාට මලේ මල පැන්න.........මල පැන්න කියල මිස්ට ගහන්න බැහැනෙ........ආවා එක පිම්මෙ ගෙදර........යුද්ධ ප්‍රකාශ කරා අම්මට......

" හොදින් කියන්නෙ මන් නම් ආයෙ ඒ පැත්ත පලාතක යන්නෙ නෑ......."

අම්මා උඩ් බිම බලනවා......මේ මොක්ද කියලා.....හැබැයි පුදුමෙ කියන්නෙ අම්ම කිසිම දෙයක් කිවුවෙ නෑ.....දවස් දෙක තුනක් ගියා.....මන් පන්ති ගියෙත් නෑ.......ෆුල් ආතල් එකෙ හිටියා.......බුබුලු නගින බෙලිකටු කිව්වලු......මෙන්න දවසක් හවසක මිස් ඉන්නව අපේ ගෙදර.......ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ .......දැන් මොකද කරන්නෙ..........හිටිය ඉතින් කැ* කාපු රිලව වගේ...
බලන් යද්දි මන් පන්ති එන්නෙ නැති නිස මිස් හොයල මේ අහින්සක සුරතල් කොලු පැටිය කෝ කියල......ඉතින් අපෙ අම්මත් මිස්ට ෆුල් විස්තරේ කියල.....

අනේ ඉතින් මිස් බොහොම අහින්සක විදියට මට කියනවා....
"පුතා හෙට ඉදල පන්ති එන්නකො......"
හරියට මන් මිස්ට ගහල වගේ..........


අහින්සක තොත්ත බබා ගේ පන්තියෙ වික්‍රමය............ඊළග කොටසෙන් දෙන්නම් හොදේ.........


Wednesday, November 28, 2012

ජීවිත කතාව -02 කොටස


අපිව නාවලා කවලා පොවලා ලෑස්ති කරලා ඉස්කෝලෙ යවනව කියන එක ලේසි වැඩක් නෙවේ......අක්කා මට වඩා අවු.02 වැඩිමල්,පොඩි මල්ලි මට වඩා අවු.02 බාලයි,චුටි මල්ලි පොඩීට වඩා අවු.02 බාලයි..........එකත් බලන් යද්දි නියමම ගැලපීමක්.......

ඉතින් අපි 04 දෙනාව ඉස්කෝලෙ යවන ගමන් අම්මා කඩෙත් අරින්න ඕනේ පාන්දරම, ඇයි කඩේට බේකරියෙන් පාන් එන්නෙ උදේ 4 විතර.......

උදේට ඉතින් පුන්චි යුද්දයක් වගේ තමා..........කඩේට එන මිනිස්සුන්ට බඩු දෙන ගමන් තමයි අම්ම අපිව ලෑස්ති කරන්නෙ.

මමයි අක්කයි මුලින්ම ගියේ ගෙදරින් ටිකක් දුරින් තිබුනු කුලරත්න විදුහලට........ගේ ගාවම තිබුනු ධර්මාශෝකයේ ප්‍රාථමික පන්ති තිබුනෙ නෑ ඒ දවස් වල.....
ගෙවා ගන්න පුලුවන් කමක් නැති වුනත් මාවයි අක්කවයි ස්කූල් වෑන් එකකට බාර දුන්නෙ අපි දෙන්නගෙ ආරක්ශාව ගැන හිතලමයි.
අක්කා පහේ විභාගෙ මහා ඉහලින් පාස් වෙලා ධර්මාශෝකයට ගියා....


ඉතින් ඊට පස්සෙ මන් තනියම ඉස්කෝලෙ යන්න පුරුදු වුනා,එහෙම ටික දවසක් යද්දි තමයි අදටත් මගේ හොදම යාලුවෙක් වෙලා ඉන්න කේශාන් මගේ මිතුරෙක් වෙන්නෙ.
එතකොට අපි 4 වසරට ආවා විතරයි,
උදේට  මාව ඉස්කෝලෙ අරන් යන්න අපේ ගෙදර ගාව හිටපු මිස් කෙනෙක් බාර ගත්තා.....ඒ මිස්ගෙ පුතත් අපේ ඉස්කෝලෙටම තමා ගියේ, ඒත් මට වඩා අවුරුද්දක් වැඩිමල්.........

ඉතින් හැම දාම උදේට මන් මිස් එක්ක ඉස්කෝලෙ යනවා, ඒත් හැන්දෑවට ගෙදර එන්නෙ යාලුව එක්ක.......
ඉස්කෝලෙ වෙලාවට අහින්සකව හිටියට ගෙදර එන්න පාරට බැස්සම ඒ අහින්සක කම් මොනවත් නෑ.



ඒ කාලෙ මොන තරම් සුන්දරද......අපේ ඉස්කෝලෙට යන්න තිබුනෙ මහා වෙල් යායක් මැද්දෙන් වැටුනු පාරක් දිගේ........
වැස්ස කාලෙට ඉන ගාවට වතුර පිරෙනවා සමහරදාට



Tuesday, November 13, 2012

පටන් ගැන්ම................


නමෝ විත්තියෙන් මගේම කියල බ්ලොග් එකක් පටන් ගත්තා........

මුලින්ම මේක බලන්න ආපු උඹල ඔක්කොටම බොහොම ස්තුතියි.....

ඔෆීසියෙ ලොක්ක එක්ක මල පැනල ඉන්න වෙලාවක නිකම්ම හිතට ආපු අදහසක් ක්‍රියාත්මක කරා .............

මුලින්ම මන් ගැන කියල ඉන්නම්.......
දකුණු පළාතෙ අම්බලන්ගොඩ කියන ලස්සන  ගමේ තමයි මන් ඉපදුනේ.....අද වෙනකන් හැදුනෙ වැඩුනෙ........
ඒ ගමේ තිබුනු හොදම පාසල් දෙකකින් තමයි මන් ඉගෙන ගත්තෙ.......
කෙලින්න ඕන පිස්සු ඔක්කොම කෙලලා අද මන් වත් හිතුවෙ නැති තරම් උසස් රක්ෂාවක් කරගෙන මනුස්සයෙක් වගේ ජීවත් වෙනවා.........

හැබැයි අවාසනාවකට මන් ඉන්නෙ මගේ රටෙන් ගොඩාක් ඈත.......

මගේ ජීවිත කතාව කොහේ හරි ලියල තියන්න ඕනෙ කියල මට අනන්තවත් හිතුනා......

ඒ කතාව දුක් , සතුට, විරහව, කදුල, හිනාව වගේ ඔක්කොම දේවල් දාලා හදපු රසම රස සුප් එකක් කියලයි මට නම් හිතෙන්නෙ.........

මේක කියවන කොට සමහර විට උඹලත් ඒ රසේම දැනෙන්න ඉඩ තියෙනවා...

මන් මගේ කතාව පටන් ගන්නෙ මට යන්තම මතක ඇති කලෙක ඉදල......
ඇත්තටම මට මගේ මොන්ටිසෝරි ජීවිතෙ නම් මතක නෑ.........
ඒත් ඒ කාලෙ හරි ලස්සන ඇති කියල පරන ෆොටෝ දැක්කම නම් හිතෙනවා...

මන් ඒ කාලෙ හරි අහින්සක කොල්ලෙක් කියල තමයි අදටත් මොන්ටිසෝරියෙ ආන්ටි කියන්නෙ.........අදටත් ඒ ආන්ටි ඒ ආයතනය හරි ලස්සනට කරගෙන යනවා.....මගෙ අක්කගෙ පුන්චි දෝනි අරගෙන සමහර දාට මන් එතනට යනවා...පුදුමෙ කියන්නෙ ඒ මනුස්සයට අදටත් මගෙ නම හොදට මතකයි.

අපි එහෙනම් පටන් ගමු.
ඇත්තටම ඉස්කෝලෙ දෙකේ පන්තියට වෙනකන් කාල පරාසය නම් මට මතක නෑ...

අපේ පවුල ඒ තරම් වත් පොහොසත් කමක් තිබුනු පවුලක් නෙමේ.........
ඒත් එහෙම කියල අපිට දැනිච්ච අඩු පාඩුවකුත් නෑ.......

මට මතක ඇති කාලෙක ඉදල මගේ තාත්තා හිටියෙ පිට රට

අපේ අසල්වැසියො සහ නෑ පිරිවර කියන විදියට අපේ තාත්තා ඒ කාලෙ හිටිය හොද සල්ලිකාරයෙක්ලු, අපේ ටවුමෙ මුලින්ම ග්‍රොසරි එකක් දැම්මෙත් අපේ තාත්තාලු,
එතකොට ඉදල තියෙන්නෙ මමයි අක්කයි විතරයි.

අපේ අනාගතය ගැන හිතලා එයා ටවුමෙන් ටිකක් ඈත්ට වෙන්න තිබුනු අපේ ගේ විකුනලා ඉස්කෝලෙට ටවුමට ලගම තියෙන ඉඩමක් අරගෙන අපි දැන් පදින්චි ගේ හදලා....

ඒත් හැමෝම කියන්නෙ තාත්තට හරි ගියේ ඒ ගේ නිසාලු......
මමත් ඒ කතාව විශ්වාස කරන්වා...මොක්ද ඒ ගේ ගත්ත මනුස්සයා අද වෙනකොට කෝටිපතියෙක්.........

ටවුමෙ ගේ හදන්න ගිහින් තාත්තා හොදටම ණය වුනා.......ඒ වෙනකොටත් තාත්තාට වැඩි වයසක් නෑ.......අන්න ඒ නිසාම තමන්ගෙ වටේ හිටපු හැම මිනිහම විශ්වාස කරපු අපේ තාත්තා මිනිහෙක් වැටෙන්න පුලුවන් අන්ත අසරණ තත්වයටම වැටුනා.

එතකොට අපේ පවුලට තව දෙන්නෙක් එකතු වෙලා....

ඒ වෙනකොට තාත්තා කර ගෙන ගිය ටවුමෙ කඩෙත් වහන්න වුනා...ඒ බිල්ඩිම අයිති කෙනා (අපේ පවුලෙම එකෙක්)බිල්ඩිම ඉල්ලුවා.........
ගහෙන් වැටුනු මිනිහට ගොනා ඇන්න වගේ .......

අන්තිමට තාත්තා බාගෙට හදපු ගෙදරම පොඩි කඩයක් දා ගත්තා....ඒත් එකෙන් එන අදායමෙන් අපිට කන්න දෙන්නයි ණය ගෙවන්නයි එයාට බැරි වුනා.....
උඹලට හිතා ගන්න පුලුවන්ද දරුවො හතර දෙනෙකුයි ගෑනියෙකුයි එක්ක වටේටම ණය වෙච්ච් මිනිහෙකෙගෙ තත්වෙ........

හැම නෑයෙක්ම අපිව දැක්කත් අහක බලන් යන තත්වයක් තමයි තිබුනෙ,

ඒත් අපෙ අම්මගෙ අම්ම, අපෙ අම්මගෙ සහෝදරයො අපිව තනි කරෙ නෑ......
මෙන්න මේ වගෙ වෙලාවකදි තමයි අපේ තාත්තා තීරණය කරේ ටික කාලයකට හරි අපිව දාලා පිට රටක රස්සාවට යන්න.....

අයෙත් වතාවක් දන්න කියන කට්ටියගෙන් කීය කීය හරි ඉල්ලගෙන අපේ තාත්තා රට ගියා......
ඒ වෙද්දි මට අවුරුදු  පහක් හෝ හයක් වෙන්න ඇති.

අන්න එදා ඉදලා අපෙ අම්ම අපි හතර දෙනාවත් බලාගෙන අපිට තිබුනු එකම ආදයම් මාර්ගය  වෙච්ච කඩෙත් කර ගෙන තරුණ ගෑනියෙකුට දරන්න බැරි තරම් දුක් දරන්න පටන් ගත්තෙ...... 

මතු සම්බන්දයි.............