Showing posts with label තිත්ත ඇත්ත...... Show all posts
Showing posts with label තිත්ත ඇත්ත...... Show all posts

Monday, March 18, 2013

මත්තල සහ ශ්‍රී ලාංකිකයා.....


චිරං ජයතු...ශ්‍රී ලංකා.........

ඈත අතීතයේ සිට අති ඉමහත් සුන්දරත්වයකට උරුමකම් කිවූ........බතින් බුළතින් ස්වයංපෝශිත වූ........පුංචි දිවයිනට අද සුවිශේෂී දිනයක් වුනා....
අවුරුදු 30 ට ආසන්න වූ අඳුරු කාල පරිච්ඡේදයක් අවසන් කර අමිහිරි යුධ මතකයන් මතින් අපටම ආවේණික වූ ශ්‍රී ලාංකික සංවර්ධනයක් කරා යන මේ ගමනේ තවත් සංධිස්ථානයක් අද සටහන් වුනා කිවුවොත් නිවැරදියි........

මත්තල පිහිටි මහින්ද රාජපක්ශ අන්තර්ජාතික ගුවන්තොටුපොල අද නිල වශයෙන් විවෘත කරා.........මේ ලියන මොහොත විට ගුවන් යානා තුනක් අති සාර්ථක ලෙස ගුවන් තොටුපොලට ළඟා වෙලා ඉවරයි...........

ඇත්තටම දැනෙන්නෙ පුදුම ආඩම්බරයක් වගේම පුදුම සතුටක්..........ඒ සතුටට පක්ශ පාට නෑ.......කුල මල නෑ........ඒ ආඩම්බරකම ...ඒ සතුට ඇත්තටම නියම ශ්‍රී ලාංකිකයකුගේ හදවතින් එන දෙයක්..........මම හිතනවා මේක කියවන උඹලටත් ඒ හැඟීම ඒ විදියටම දැනෙන්න ඇති කියල.......

සමහරවිට ලංකාවෙ ඉන්න උඹලට දැනෙනවට වඩා පිට රටක ඉන්න අපිට ඒක දැනෙනවා.........

මේ රටවල් දියුණු වෙලා තියෙන තරමටම අපේ රටත් දියුණු වෙනවා දැකීම තමයි ඒකට ප්‍රධානතම හේතුව...............

උඹල දකින්න ඇති මේ ගුවන්තොටුපොල ගැන පහුගිය දවස් ටිකේ මූණු පොතේ දාලා තිබුනු දේවල්...........ඒ ඔක්කොම මොන අදහසකින් දැම්මත් ඒව ඇතුලෙ ගැබ් වෙලා තිබුනෙ, එවායින් මතු කරලා පෙන්නුවෙ එකම දෙයයි.......අපේ මිනිස්සුන්ගෙ තියෙන කුහක කම සහ ඉරිසියාව.....


මිනිස්සුනේ පොඩ්ඩක් හිතාපල්ල.......උඹලා ඔය ඇලී ගැලී ඉන්න පටු දේශපාලනේ කවදාවත් උඹලට යහපතක් කරලා තියෙනවද........
ඔය දුවන්නන් වාලෙ එක එකා පස්සෙ දුවන එක පොඩ්ඩක්ට නවත්වලා.......පොඩ්ඩක් හිතාපල්ල............
ලෝකෙට පේන්න දෙපැත්තකට බෙදිලා කෑ ගහ ගන්න එවුන් හවසට එකම බාර් එකේ එක බෝතලේ කඩා ගෙන එකට බීල එකට කාල එකට නටලා එක වාහනේ ගෙදර යනවා........ඒත් උඹල උන්ගෙ පාට පක්ශ වෙනුවෙන් ජම්මාන්තර වෛරක්කාරයෝ වෙලා මැරෙනකන් ගහ මරා ගන්නව..............


හිතාපල්ල.....අපි රාවණ පරපුරේ මිනිස්සු..........ඉස්සර කාලෙ අපිට හිටියෙ එක රජයි..........එහෙම වුනා කියලා ලංකාව වල පල්ලට ගියාද.....නෑ............මුලු ලෝකයම කතා කරන....මුලු ලෝකයම මවිත වෙන .............ප්‍රෞඩ ඉතිහාසයක් අපිට තියෙනවා....මොහොතකට හිතුවද ඇයි අපිට එහෙව් ඉතිහාසයක් තියෙන්නෙ කියල...............අපි එකා වගේ....එකට හිටපු නිසා.............මොන බලවේග ආවත් ශ්‍රී ලාංකිකයො විදියට එකට හිටපු නිසා...................


ඉතිහාසෙ යන්තන් හරි කියවල තියෙනවනම් උඹලට තේරේවි මං මොකද්ද කියන්නෙ කියල................

මේවා කොහොම කිවුවත් තේරුම් ගන්න අමාරු පිරිසකුත් ඉන්නවා...........හැබයි උන්ට තේරුම් ගන්න බැරුව නෙමේ...........(ලංකාවෙ මිනිහට එක පාරින් ඕන දෙයක් තේරුම් ගන්න පුලුවන්.......ඒක අදටත් අපි වැඩ කරන තැන් වල පවා පිට දේශක්කාරයින් වුනත්  පිළිගන්න සත්‍යයක්..................) 



අපේ සමහරු ඒවා තේරුම් ගත්තත් නොතේරුනා වගේ ඉන්නව.....ඇයි...තමාගෙ පෞද්ගලික ලාභයට.............

අත හැරපල්ල ඔන්න ඔය කුහක කම...........මතක් කර ගනින් අපේ සිංහල කම..............අන්න එදාට ලංකාව තරම් දියුණු රටක්  ලෝකෙ කොහේවත් නැති වෙයි..............


උඹලට මතකද....2004 සුනාමි වෙලාවෙ අපි එකා වගෙ හැම දෙනාටම උදවු කර ගනිමින් හැම දෙනාගෙම දුක බෙදා ගත්ත හැටි.............උඹලට මතකද අවුරුදු 30 ශාපය ඉවර කරල ප්‍රභාකරන්ගෙ මැරිච්ච බොඩි එක දැකල අපි එකා වගේ සතුටු වුනු හැටි.............හැම ගෙදරම කිරිබත් හදල බෙදා ගෙන කාපු හැටි................එහෙව් සහෝදරකමක් තියෙන අපිට ඇයි ඒ සහෝදරකම හිතවත්කම මේ රටේ අනාගතය වෙනුවෙන් යොමු කරන්න බැරි.........

කවුරු මොනව කිවුවත් දැනට පවතින රජය ශ්‍රී ලංකාව වෙනුවෙන් යමක් කරල තියෙනවා............කවුරු හරි කියනවනම් එහෙම නෑ කියල ඌ ශ්‍රී ලාංකිකයෙක් වෙන්න බෑ....

මම පෞද්ගලිකව මහින්ද මහත්තයට කැමති ඒ නිසයි........

බඩු මිළ වැඩියි....තෙල් මිළ වැඩියි........ඇමතිවරු මහජනතාවගෙ සල්ලි ගසා කනව.....ආණ්ඩුව බොරුවට ණය වෙනවා..............

ඔන්න ඔය වගේ දහසක් කතා කියන සමහර කෙරුමන්ගෙන් මං අහන්න ආසයි.....

01 )කළින් පැවති රජයන් කළේ ඔය ටිකම නොවේද......
02 )මේ රජය පෙරළා පත් කර ගන්න යන්නේ කුමන පුද්ගලයාද....කුමන පක්ශයද......