Thursday, March 28, 2013

ජීවිත කතාව 11


ජීවිත කතාව 10 මෙතැනින් බලන්න 10



පහුගිය දවස් ටිකේ මහ රජාගේ  වැඩ කිඩ බල බල ඉඳල තව පොඩ්ඩෙන් මේ වැඩෙත් අමතක වෙනවා......ඒ අස්සෙ අර පර දෙමළු අපේ අහිංසක හාමුදුරුවරුන්ට ගහන්න අරගෙන..........අපි ඉතින් තාම අවිහිංසාවාදය ඔලුව උඩ තියාගෙන හෙට අනිද්දට අපේ බෙල්ල කපන් ගියත් කමක් නෑ කියල උපේක්ශාවෙන් බලන් ඉන්නවා.............
මං බබෙක් වෙලත් මට තේරෙන ටික මේ මහ එවුන්ට තේරෙන්නෙ නති එකනෙ වැඩේ..........

මේ දවස් වල අම්බානෙකට රසික ප්‍රතිචාර.......මට පොත් ලියන්නලු.........කතාව ලියන්න පරක්කු වෙන්නෙ මොකද අහනවලු.....නියම ගත් කතුවරයෙක්ලු.............පිස්සු හැදෙනවා..............ප්‍රතිචාර දීපු ඔක්කොටොම ස්තූතියි .
ඔය හම්බ වෙච්ච වෙලාවක මගෙ බුල්ටො මල්ලෙන් එක ගානෙ දෙන්නම්....එතකන් උඹලගෙ සල්ලි වලින් බුල්ටො කාපල්ල....

හරි දෙවරක් හතරවරක් චක්කර ඕනෙ නෑ.............බහිමු කතාවට....
*********************************************************************************
ඔන්න බබා අභිනිශ්ක්‍රමනය කඩාකප්පල් වෙලා...පට්ට නෝන්ඩි වීමක් වෙලා...පජාත වෙලා කුජීත වෙලා ඉන්න වෙලාව.............අම්ම තාත්තගෙ මූණ බලන්නෙ කොහොමද..........එහෙම වුනා කියල කොහේ යන්නද..........ගෙදර එවුන් මං දිහා බලන්නෙ සත්තු වත්තෙ ඉන්න වදුරු පැටියෙක් දිහා බලන් ඉන්නවා වගේ.....මාත් ඉන්නවා කඩල පැකට් එක අතේ තියන් ගල් බාගෙ නැතිව ඉන්න අහිංසක බේබද්දෙක් වගේ.............


ඒ දවස් ටිකේ වැඩි හරියක් ගෙවුනෙ කස්සලගෙ ගෙදර...........ඌ මේ සීන් දන්නෙ නෑ............කියන්නවත් පුලුවන් දෙයක්යැයි සිද්ධ වුනේ......ඔය අතරෙ වරද්දන්නෙ නැතිව ඉස්කෝලෙත් ගියා............මොනව වුනත් බලා සැනසෙන්න හරි පුලුවන්නෙ..........
ඔය අතරෙ ඉස්කෝලෙ භක්ති ගීත කණ්ඩායටත් බැඳුනා කියමුකො..........මොකද්දෝ දිනයක් නිසා තිබුනු නාට්‍යකත් රඟ පෑවා..........අඩෝ මෙහෙම හිටියට නලුවෙක් හරිද............

ඔන්න ඔහොම කාලය ගෙවිලා කියා කියමුකො........ඔය අතරෙ පොඩි පොඩි සිද්ධි වුනා.........ලියන්න තරම් වැදගත් දේවල් නෙමේ...........ඔය අතරෙ පොඩි පොඩි ඇම්ඩන් වැඩ කරල ගුටි කාලත් තියෙනවා............මගේ ජීවිත කතාවෙ  හය වසර අට වසර කාල පරාසය තුල අපේ ඉස්කෝලෙ ඇතුලෙ මට හමු වුනු අපූරු චරිත ටිකක් හිටියා......ඒ අය ගැනත් කියන්නම්කො...........


වික්‍රමසිංහ සර්..........අපේ ගණිත ගුරුවරයා............

මේ මනුස්සයා ගැන දන්න මෙයාගෙන් ඉගෙන ගත්ත ඕන ළමයෙක් මේ සර්ගෙ නම ඇහෙනකොටත් බය වෙනව........එච්චරට සැරයි............ඉගැන්වීම නම් අති විශිෂ්ඨයි...............
අපේ මේ ගුරුතුමාට තිබුනා හරි ලස්සන පුරුදු ටිකක්.......
ළමයි නැගිට්ටවලා ප්‍රශ්න අහන එක...........බෝඩ් එකේ ගණන් හදවන එක............


ඒ ඔක්කොම හරි කියමුකො...........ළමයෙකුට ගාණක් හදාගන්න බැරි වුනාම මේ මනුස්සය ඒ ළමයගෙන් පොඩි අහිංසක සතුටක් ගන්නවා ....කොහොමද දන්නවද.........ඩස්ටර් එකෙන් කම්මුල් පාට කරනවා.......චෝක් කෑල්ලෙන් මූණෙ අඳිනවා..........කොල්ලෙක් නම් බුරියෙන් අල්ලලා මිරිකනවා............එතකොට නම් දවල් තරු එකසිය ගානට පේනවා.....
බොරු ඕනෙ නෑනෙ ...මටත් ඉතින් සතියකට දෙපාරක්වත් දවල් තරු පෙනිලා තියෙනවා......


දෙවෙනියා තමයි සරත් සර්.......මතක විදියට විද්‍යාව තමයි කරේ....
6 වසරෙ අංශ භාර වුනේ පොර තමයි..............අම්මෝ බුල් ඩෝග් කෙනෙක් වගේ තමයි........මල් කැකුල..
බැලුවොත් කාට හරි බනිනවා...නැත්නම් කොල්ලෙක්ට අල්ලන් තඩි බානවා..........
මෙන්න මෙහෙමයි මන් සරත් සර්ගෙ ඉලක්කයක් බවට පත් වුනේ.........

ඔන්න එදා අපිට ඕෆ් පීරියඩ් එකක්..........ෆුල් ආතල් එකේ අන්තිම පේළියට වෙලා සින්දුවක් කියා ගෙන හිටියෙ........කරුමෙක මහත කියන්නෙ අල්ලපු පන්තියෙත් මිස් එන්න පරක්කුයි.............උන්ගෙ සමහරු අපේ පන්තියේ...අපේ සමහරු උන්ගෙ පන්තියේ............අපේ පන්තියේ ඉන්න කෙල්ලන්ට පැණි පෙරන එවුන් උලුවස්සෙ එල්ලිලා කෙල පෙරනවා...........වැඩක් නෑ කියලා ආතල් ලෝකයයි.....


ඔන්න ඔය අතරෙ එහා පන්තියෙ එකෙක් මගෙන් ගේම ඉල්ලලා උන්ගෙ පන්තියට දිවුවා.......මමත් අන්තිම පේලියෙ ඩෙස් පුටු තරණය කරගෙන එලෙව්වෙ නැද්ද ඌ පස්සෙ........අපේ එවුන්ට ගානක් නෑ...මොකද ඔය වගේ දේවල් නිතරම සිද්ධ වෙච්ච දේවල් නිසා............මමත් දැන් එහා පන්තියේ උලුවස්ස ගාවට ගිහිල්ල ගේම ඉල්ලනව......ඇතුලට ගියේ නෑ හොඳේ..........නෑ නෑ බයට නෙමේ...............ඌටත් ගෞරවයක් තියෙන්න ඕන නිසා.......

මමත් දැන් එකසිය ගානට ගේම ඉල්ලනවා........ඌත් මගෙන් ගේම ඉල්ලනවා.....හැබයි දෙන්නම පෙනෙන නොපෙනෙන දුරක ඉදන්........ඔන්න පින්වතුනි වලිය කතා බහකට විතරක් සීමා වෙමින් යන අතරෙ මගේ පිටි පස්සෙන් එකෙක් ඇවිත් මගේ අති අදිනවා.............

අත ගසලා දාලා අරූගෙන් ගේම ඉල්ලන්න හදන කොට අරූ ආයෙ අතින් අදිනවා.........


කාටද ඉවසන්න පුලුවන්......වලියක් දා ගත්තත් ඒකටත් හෙනහුරෙක් ඉන්නවා.......අරූට ගහන්න කලින් මූට වැඩේ දෙන්න කියල පහල කර ගත්ත ඒ යහපත් සිතිවිල්ලත් එක්ක මං හැරුනෙ පිටිපස්සෙ හිටපු එකාට මූන පුරවලා දෙන්න..........

වනේ වන හතුරෙකුටත් වෙන්න එපා බං..............අපේ සරා ගොයියනේ අතින් ඇදලා තියෙන්නෙ........

මට ඉතින් තුණ් සරණේ කවි සිහි වෙන්න ගත්තා.......තව ස්වල්ප වේලවකින් සිද්ධ වෙන්න යන දේ ගැන මතක් වෙලා මුත්‍ර බොක්ක පැලෙන්න වගේ වුනා.................ඔන්න ඔය වගේ දහසක් මනෝ විකාර එක තත්පරයක් ඇතුලෙ පෙනී නොපෙනී යන වෙලාවක .............................................
ඔහුගේ හැඩි දැඩි හස්තය මාගේ සියුමැලි කම්මුල මත පතිත වුනා........ඕයි........ඇඬෙනවා තනි ඇහැට............

අන්න එහෙම  මාගේ සියුමැලි කම්මුල් හරහා දැවන්ත හයේ පහරවල් දෙකක් එල්ල කරපු අපේ සරා ගොයියා මගේ කන් කෙටියෙන් ඇදගෙන මාව පන්තිය ඇතුලට අරන් ගියා ඕයි.................


දැන් ඉතින් මුලු පන්තියම ෆුල් සයිලන්ස්.........සරා ගොයියා මගේ කන් කෙටියෙන් අල්ලගෙන පන්තිය ඉස්සරහ..........."කවුද පන්ති නායකයා".....සරා ගොයියගෙ බුල් ඩෝග් වොයිස් එක නිසා බිත්ති පවා දෙදරන්න ගත්තා.......
මේ යකාටත් ඕනෙ නැති දෙයක් නෑනෙ...............
ඇයි හත්තිලව්වේ මං නේද නායකයා...........අපේ ඉස්කෝලෙ ඒ කාලෙ මාසෙන් මාසෙ නායකයව මාරු කරනව..............ඔන්න බලාපන් මගේ කරුමේ...........
එකෙක් හ්ම් සද්දයක් නෑ.......ඇයි ඉතින් කටක් අරල කියන්නෙ කොහොමද සර් ඔය කන් කෙටියෙන් අල්ලන් ඉන්නෙ පන්ති නායකයම තමයි කියල.........



මෙන්න සරා ගොයියා වොයිස් එක ඩබල් කරලා ආයෙත් අහනවා...........කට්ටිය හොල්මනක් දැක්ක වගේ මගේ දිහා බලන් ඉන්නවා..............මං කොච්චර බය වුනාද කියනවනම්..........මගෙ කටින් හීනියට පිට වුනා..........."සර් මං".........

දෙන දෙයියො උඩ පැන පැන දෙනවලු..............මෙන්න ගොයියා ආයෙ ඇරියෙ නැද්ද දැවැන්ත හයේ පාරවල් දෙකක්..පිට මැද්දට..............

මගෙ අම්මෝ මතක් වෙනකොටත් පිට නිකන් මොකද්ද වෙනවා.........



"වාඩි වෙයන් පරය....තෝ ආයෙ එහෙම අහුවෙන්න එපා මට....." කියල මධුර ස්වරයෙන් මාව ඇමතුව සරා ගොයියා යන්න ගියා....එදා ඉඳල මිනිහව දැක්කත් මං මගහැරල යනවා..........ඇයි බං කාටද පුලුවන් අර වගේ හයේ පාරවල් කන්න.......


තුන් වෙනිය තමයි සූ සූ කිත්තා.......ඇත්ත නම කිත්සිරි........ඉගැන්නුවෙ සුද්දගෙ භාෂාව..............මෑන්ස්ට සූ සූ කියනව ඇහුනොත් නාලාගිරි රා බිවුවා වගේ තමයි.....

මිනිහට එහෙම වෙන්නෙ ඇයි කියලා නිධාන කතා ගොඩාක් තිබුනා ... ඒත් ඒවයෙ ඇත්ත නැත්ත අපි දන්නෙ නෑ...අපි දන්නෙ පොඩි කරාටෙ සෝ එකක් බලන්න ඕනෙ නම් මිනිහ යනකොට  සූ සූ පාරක් දාන්න විතරයි........ලඟ ඉන්න එකාට බඩුම තමයි එතකොට..............

දවසක් හොඳ වැඩක් වුනා.........මං කලිනුත් කිව්වනෙ අපෙ පන්ති නායකයො මාසෙන් මාසෙ මාරු වෙනව කියල.......ඔන්න ඔය කාලෙ පන්ති නායකයා හිටියෙ අපි කාගෙත් හිත හොඳ දිනාගත් ජම්බෝලෙ වගේ මහත සුදු කොල්ලෙක්........මූ ඉතින් පන්ති නායක කමේ වගකීම කරට අරගෙන ඒ තනතුරේ ගෞරවය උපරිම මට්ටමේ රැක ගන්න ඕන කියන පරම පිවිතුරු චේතනාවෙන් වැඩ කරපු කොලු නලුවෙක්.........
ඉතින් එදා අපේ පන්තියේ අදාල විශය භාර මිස් ඇවිල්ල නෑ..........අපිට ඉතින් රජ මගුල්...........සින්දු කියනවා......කෙල්ලන්ට කොල ගුලි ගහනවා.......විකාර ලෝකයයි...........අපේ නායක නලුවා ෆුල් ට්‍රයි එකක් දෙනවා පන්තිය කූල් ඩවුන් කර ගන්න............ඔන්න මොකද්දෝ සිද්දියකට අපි එකෙක්ව අල්ලගෙන කිච කරනවා උපරිමෙන්ම...පොඩි හූවකුත් ගියා ඒ කිච කරපු එකාට උපහාර පිණිස.........


ඉතින් අපේ නායක තුමා පන්තිය නිශ්ශබ්ද කරන්න හිතාගෙන බොහොම සද්දෙට සූ සූ පාරක් දැම්මා.........අනේ කරුමෙක මහත.............මෙන්න මේ වෙලාවෙ අපේ කිත්තා වෙන පන්තියකට යන්න කියල හිතාගෙන අපේ පිස්සන් කොටුව ගාවින් සක්මන්
කරලා නොවැ..............

සූ සූ සද්දෙට මීටර් අවුට් වෙච්ච කිත්තා කඩන් පැන්නෙ නැද්ද.......අපේ පිස්සන් කොටුව ඇතුලට...........පැනමු ගමන් අල්ල ගත්තා අපේ නායක නලුවගෙ බෙල්ලෙන්ම..........දීගෙන දීගෙන ගියා............අතින් පයින් ...වැඩ කෝටියයි...මට කියන්න අමතක වුනානෙ..........අපේ කිත්තා බ්ලැක් බෙල්ට් කාරයා...

මූ කොල්ලන්ට ගහන්නෙ කරාටේ මැච් එකක් හිතින් මවා ගෙන.... 

කොහොම හරි පැය භාගයක් විතර ගහපු බුවා අපේ කොල්ලව ඇදගෙන ගියා ප්‍රින්සිපල්කාරය ගාවට.....වැඩේ එච්චර දුර දිග ගියේ නෑ....මොකද අපේ කොල්ලත් ගමේ ටිකක් වැදගත් ෆැමිලි එකක නිසා.........


ඔන්න ඔය වගේ අන්දොස් චරිත අතරෙ තමයි ඒ කාලෙ ගෙවිලා ගියේ...........තවත් ලියන්න ඕන තරම් වටින චරිත තියෙනවා.............පහුගිය දවස් ටිකේ යාලුවෙකුට පොඩි කරදරයක් වෙලා ඌට උදව්වට නිදි මරා ගෙන එහෙ මෙහෙ දිව්වා...වැඩිපුරම හිටියෙ පොලිසියෙ........මේ රටේ නීති තද නිසා හරිම අමාරුයි.................

කට්ටිය බලන් ඉන්න නිසාම  සහ රසිකාවියකගෙ බලවත් ඉල්ලීම නිසා තමයි මේ ටික හරි ලියල දැම්මෙ............

අනේ ඉතින් සමාව භජනය කරපල්ල හොඳේ.....................









Monday, March 18, 2013

මත්තල සහ ශ්‍රී ලාංකිකයා.....


චිරං ජයතු...ශ්‍රී ලංකා.........

ඈත අතීතයේ සිට අති ඉමහත් සුන්දරත්වයකට උරුමකම් කිවූ........බතින් බුළතින් ස්වයංපෝශිත වූ........පුංචි දිවයිනට අද සුවිශේෂී දිනයක් වුනා....
අවුරුදු 30 ට ආසන්න වූ අඳුරු කාල පරිච්ඡේදයක් අවසන් කර අමිහිරි යුධ මතකයන් මතින් අපටම ආවේණික වූ ශ්‍රී ලාංකික සංවර්ධනයක් කරා යන මේ ගමනේ තවත් සංධිස්ථානයක් අද සටහන් වුනා කිවුවොත් නිවැරදියි........

මත්තල පිහිටි මහින්ද රාජපක්ශ අන්තර්ජාතික ගුවන්තොටුපොල අද නිල වශයෙන් විවෘත කරා.........මේ ලියන මොහොත විට ගුවන් යානා තුනක් අති සාර්ථක ලෙස ගුවන් තොටුපොලට ළඟා වෙලා ඉවරයි...........

ඇත්තටම දැනෙන්නෙ පුදුම ආඩම්බරයක් වගේම පුදුම සතුටක්..........ඒ සතුටට පක්ශ පාට නෑ.......කුල මල නෑ........ඒ ආඩම්බරකම ...ඒ සතුට ඇත්තටම නියම ශ්‍රී ලාංකිකයකුගේ හදවතින් එන දෙයක්..........මම හිතනවා මේක කියවන උඹලටත් ඒ හැඟීම ඒ විදියටම දැනෙන්න ඇති කියල.......

සමහරවිට ලංකාවෙ ඉන්න උඹලට දැනෙනවට වඩා පිට රටක ඉන්න අපිට ඒක දැනෙනවා.........

මේ රටවල් දියුණු වෙලා තියෙන තරමටම අපේ රටත් දියුණු වෙනවා දැකීම තමයි ඒකට ප්‍රධානතම හේතුව...............

උඹල දකින්න ඇති මේ ගුවන්තොටුපොල ගැන පහුගිය දවස් ටිකේ මූණු පොතේ දාලා තිබුනු දේවල්...........ඒ ඔක්කොම මොන අදහසකින් දැම්මත් ඒව ඇතුලෙ ගැබ් වෙලා තිබුනෙ, එවායින් මතු කරලා පෙන්නුවෙ එකම දෙයයි.......අපේ මිනිස්සුන්ගෙ තියෙන කුහක කම සහ ඉරිසියාව.....


මිනිස්සුනේ පොඩ්ඩක් හිතාපල්ල.......උඹලා ඔය ඇලී ගැලී ඉන්න පටු දේශපාලනේ කවදාවත් උඹලට යහපතක් කරලා තියෙනවද........
ඔය දුවන්නන් වාලෙ එක එකා පස්සෙ දුවන එක පොඩ්ඩක්ට නවත්වලා.......පොඩ්ඩක් හිතාපල්ල............
ලෝකෙට පේන්න දෙපැත්තකට බෙදිලා කෑ ගහ ගන්න එවුන් හවසට එකම බාර් එකේ එක බෝතලේ කඩා ගෙන එකට බීල එකට කාල එකට නටලා එක වාහනේ ගෙදර යනවා........ඒත් උඹල උන්ගෙ පාට පක්ශ වෙනුවෙන් ජම්මාන්තර වෛරක්කාරයෝ වෙලා මැරෙනකන් ගහ මරා ගන්නව..............


හිතාපල්ල.....අපි රාවණ පරපුරේ මිනිස්සු..........ඉස්සර කාලෙ අපිට හිටියෙ එක රජයි..........එහෙම වුනා කියලා ලංකාව වල පල්ලට ගියාද.....නෑ............මුලු ලෝකයම කතා කරන....මුලු ලෝකයම මවිත වෙන .............ප්‍රෞඩ ඉතිහාසයක් අපිට තියෙනවා....මොහොතකට හිතුවද ඇයි අපිට එහෙව් ඉතිහාසයක් තියෙන්නෙ කියල...............අපි එකා වගේ....එකට හිටපු නිසා.............මොන බලවේග ආවත් ශ්‍රී ලාංකිකයො විදියට එකට හිටපු නිසා...................


ඉතිහාසෙ යන්තන් හරි කියවල තියෙනවනම් උඹලට තේරේවි මං මොකද්ද කියන්නෙ කියල................

මේවා කොහොම කිවුවත් තේරුම් ගන්න අමාරු පිරිසකුත් ඉන්නවා...........හැබයි උන්ට තේරුම් ගන්න බැරුව නෙමේ...........(ලංකාවෙ මිනිහට එක පාරින් ඕන දෙයක් තේරුම් ගන්න පුලුවන්.......ඒක අදටත් අපි වැඩ කරන තැන් වල පවා පිට දේශක්කාරයින් වුනත්  පිළිගන්න සත්‍යයක්..................) 



අපේ සමහරු ඒවා තේරුම් ගත්තත් නොතේරුනා වගේ ඉන්නව.....ඇයි...තමාගෙ පෞද්ගලික ලාභයට.............

අත හැරපල්ල ඔන්න ඔය කුහක කම...........මතක් කර ගනින් අපේ සිංහල කම..............අන්න එදාට ලංකාව තරම් දියුණු රටක්  ලෝකෙ කොහේවත් නැති වෙයි..............


උඹලට මතකද....2004 සුනාමි වෙලාවෙ අපි එකා වගෙ හැම දෙනාටම උදවු කර ගනිමින් හැම දෙනාගෙම දුක බෙදා ගත්ත හැටි.............උඹලට මතකද අවුරුදු 30 ශාපය ඉවර කරල ප්‍රභාකරන්ගෙ මැරිච්ච බොඩි එක දැකල අපි එකා වගේ සතුටු වුනු හැටි.............හැම ගෙදරම කිරිබත් හදල බෙදා ගෙන කාපු හැටි................එහෙව් සහෝදරකමක් තියෙන අපිට ඇයි ඒ සහෝදරකම හිතවත්කම මේ රටේ අනාගතය වෙනුවෙන් යොමු කරන්න බැරි.........

කවුරු මොනව කිවුවත් දැනට පවතින රජය ශ්‍රී ලංකාව වෙනුවෙන් යමක් කරල තියෙනවා............කවුරු හරි කියනවනම් එහෙම නෑ කියල ඌ ශ්‍රී ලාංකිකයෙක් වෙන්න බෑ....

මම පෞද්ගලිකව මහින්ද මහත්තයට කැමති ඒ නිසයි........

බඩු මිළ වැඩියි....තෙල් මිළ වැඩියි........ඇමතිවරු මහජනතාවගෙ සල්ලි ගසා කනව.....ආණ්ඩුව බොරුවට ණය වෙනවා..............

ඔන්න ඔය වගේ දහසක් කතා කියන සමහර කෙරුමන්ගෙන් මං අහන්න ආසයි.....

01 )කළින් පැවති රජයන් කළේ ඔය ටිකම නොවේද......
02 )මේ රජය පෙරළා පත් කර ගන්න යන්නේ කුමන පුද්ගලයාද....කුමන පක්ශයද...... 



Saturday, March 9, 2013

ජීවිත කතාව 10



මගේ ජීවිත කතාව 9 බැලුවෙ නැත්නම් මෙතනින් යන්න 09


සමා වෙයල්ලා..........කාලෙකින් මේ පැත්තෙ එන්න වුනේ නෑ............අම්බානෙකට බිසී වුනා බං.........මගේ මූණු පොතේ ඉන්න එවුන්ට නම් ඒ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ.............උඹලට කියන්න පහුගිය සති දෙක තුන සම්පූර්ණයෙම කැප කරා ක්‍රිකට් ක්‍රීඩාවට...........දැන් උඹල බලයි මාලිංගයව කපල මාව අරගෙනද  කියලා....නෑ නෑ බොලව් එහෙම නෙමේ..........මන් ඉන්න අරාබි රටේ අවුරුද්දකට සැරයක් පවත්වන ප්‍රධාන පෙළේ තරඟාවලි දෙකකට සහභාගි වුනා........පොඩ්ඩක් එහෙන් මෙහෙන් පැනලා බෝලයක් දෙකක් අල්ලලා පොඩි පදක්කම් පොඩ්ඩක් ගත්තා.....මටත් වඩා අපේ හාමිනේ ඉන්නෙ ආඩම්බරෙන්.....එහෙම වෙන්න එපායැ......උන්ද මගේ මේ විගඩම් දරාගෙන ඉදලා ඒවයෙ ප්‍රථිපල දැක්කම........

හරි හරි වැල් වටාරම් ඕනෙ නෑනෙ...........ඔන්න අහගනිල්ලා කතාව......

*********************************************************************************

ඔන්න ඉතින් පුංචි පැංචියෝ අතරෙ මන් මගේ පැංචිව හොයනවා........මේ ඉන්නෙ මලක් වගේ........

හිතේ සතුට වැඩි කමට ඒ වෙලාවෙ මොකද්ද මං කරේ කියල දැන් නම් මතක නෑ බොලව්...........හැබැයි ඉතින් දුක් සීන් එක...මං වැටුනෙ "C" පන්තියට...ඒකි වැටුනෙ "A" පන්තියට (මට මතක විදියට )


ඔන්න අලුත් ඉස්කෝලෙ අලුත් වාරෙ පටන් ගත්තා කියමුකො.....ඒ කියන්නෙ අපි 6 වසරෙ.......හැබයි මොනව නැතිවුනත් අධ්‍යාපනේ අත ඇරියෙ නෑ.....හැම වාර විභාගයකදීම පන්තියේ 4 වැනි ස්ථානෙන් පහලට ගියෙ නෑ............ඔය අතරෙ තමයි මට තේරුනේමගේ කෙල්ලට තවත් එවුන් ලයින් දානවා කියල......මොනා කරන්නද...බබා අහිංසක ඩයල් එකනෙ....බබාගෙ දුක කියන්න කවුරුත් නෑ...මොකො අම්මට කියන්නද.........යාලුවන්ට කියන්නද.......උන් දන්න බොක්කෙ ලව්.............

ලයින් දාන එවුන් එක්ක හැප්පෙන්න බබාට පුලුවන් කමක් නෑ.......හැබයි ලොකු ඉස්කෝලෙට (9 වසර ) ගියාට පස්සෙ මං උන් ඔක්කොගෙන්ම ගේම ඉල්ලුවා....මොකද 9 වසරෙ ඉඳන් ඉස්කෝලෙන් අවුට් වෙනකන්ම මන් තරම් කේන්ති යන කොල්ලෙක් මුලු ඉස්කෝලෙටම හිටියෙ නෑ........ලයිෆ් එකේ ඒ වෙනස් වීම් ගැන ඉස්සරහට කියන්නම්...........



ඔය අතරෙ තමයි අපෙ අම්ම මාව ටියුශන් ක්ලාස් එකකට දැම්මෙ....."ආරම්භක විද්‍යාව" තමයි විශය..........අපි කවුරුත් අදටත් ආදරය කරන "ප්‍රනාන්දු සර්" තමයි පන්තිය කරේ.........හරිම ආශාවෙන් ගියපු පන්තියක් ........හේතු දේකක් උඩ.........

1. අහවලාත් ඒ පන්තියට පැමිණීම...
2. සර්ගේ ඉගැන්වීමේ කලාව...


අඩුම ගානෙ මූණ දිහා බලාගෙන ඉන්න හරි පුලුවන්නෙ....ඔන්න ඔහොමයි බබා ලද දෙයින් සතුටු වෙන්න ඉගෙන ගත්තෙ......
මං ඉතින් බෙල්ල කැඩෙනකන් බලන් හිටියත් ඒකි නෙමෙ ඇහැක් ඇරලා බලන්නෙ...ඒකිට හිටිය යාලුවො සෙට් එකක්.....උන් මේ ගැන දැනගෙන හිටියා මං හිතන්නෙ.......ඒ වුනාට නෝ සපෝට්.....

ඔය අතරෙ අපේ පියාණන් ලංකාවට ආව කියමුකො......


බබාට හෙන හැපී.........ලෝකෙ තියෙන ඉස්තරම්ම චොකලට්...ටොෆී...විවිධාකර සෙල්ලම් බඩු.............පිස්සු වගේ...........තාත්තා මට බයිසිකලේකුත් ගෙනල්ල.......

ඔන්න ඔය තෑගි භෝග අතරෙ ටික දවසක් ගෙවෙන කොට ආයෙමත් කෙල්ල මතක් වෙන්න ගත්තා.......දැන් මොකද කරන්නෙ........

හිතේ තියෙන ප්‍රේම කතා කියාගන්න බැරි නම් කොලේක හරි ලියනව කියල හිතා ගෙන ගත්තා සුදුම සුදු කොලයක්........ගත්තා තාත්තා ගෙනාපු පාට පාට පෑන් ටිකක්...........මටම කියල මං වෙන් කරගෙන හිටපු ලියන මේසෙ උඩ තියා ගෙන මං අමුතුම නිර්මාණයක් කරා...............ඒ නිර්මාණයේ ඔරිජිනල් පිටපත මං ගාව නැති වුනත් ඒක ටිකක් මෙන්න මේ වගේ......



බබාගේ කරුමෙ කියන්නෙ...හතුරෙකුටවත් වෙන්න එපා ඒ වගේ නෝන්ඩි සීන් එකක්............වැඩේ ඉවර වෙනකොටම අම්ම කඩා පාත් වුනානෙ මේසෙ ගාවට......උන්දා හිතල තියෙන්නෙ අනේ අහිංසක බබා මහ දවාලෙත් පාඩම් කරනව කියල..........පැනමු ගමන් මං හංග ගත්තා කොලේ........අපෙ අම්මත් එකක ඒවා බොරු................උදුර ගත්තෙ නැද්ද මගේ අහිංසක ප්‍රේම සිතුවිල්ල...............මන් කෙලින්ම දිවුවෙ කාමරේට........වෙච්ච සීන් එක පට්ට නෝන්ඩියි.......දැන් නම් අම්මට මූණ දෙන්නත් බෑ............


කොහෙන් ආපු අදහසක්ද මන්දා.......බබා තීරණය කරා ගෙදරින් යන්න...........ඇයි යකෝ බැණුම් කෝටියක් එක්ක..අනිත් එවුන්ගෙ නෝන්ඩි වලට කිච වෙවී රෙද්දක් ඇඳන් ගෙදරක ඉන්න පුලුවන්ද??

දා ගත්තා ශොපින් මල්ලකට කලිසමකුයි ශර්ට් එකකුයි......හොරෙනම් ගැරෙග් එකේ දොරෙන් බැස්ස එලියට............

එලියට බැස්සට යන්න තැනක් නෑ............දන්න එක තැන ආච්චි අම්මගෙ ගෙදර.........ඕන් කරා ජී.පී.එස්. එක.....හැරුනා ඒ පැත්තට............

ඔන්න බබා අභිනිශ්ක්‍රමණය කරා....සිදුහත් කුමාරයට වගේ කන්ථක අශ්වයො..චන්න ඇමතිලා හිටියෙ නැතත්......බබා සැලුනෙ නෑ.....


ඔන්න බබා පාර අයිනෙන් බොහොම දුක් මූඩ් එකෙන් තමන්ට වෙච්ච විළිලැජ්ජාවෙන් බේරෙන්න ගිහි ගෙය අතඇරලා යනවා කියමුකෝ......

ගමනේ බාගයක්ම ඉවරවුනාට පස්සෙ අපේ පිය රජ්ජුරුවෝ ආවෙ නැද්ද එතුමාගෙ දඬු මොණරෙ නැගල.....

"නගිනවා බයික් එකට"...........දැම්ම නේද සද්දයක්.........
බබා සැලෙයි ඒවට.........හ්ම්...බබා අහක බලාගෙන තමන්ගෙ ගමන් යනවා...
"නගිනවද නැද්ද......නැත්නම් ඉස්සරහ ඉන්න පොලීසියෙ අංකල්ට කියනවා....."
හුටා මේ මොකද්ද වෙන්නෙ යන්නෙ...........
කොහොම වුනත් රටේ පොලීසියට ගරු කරන්න ඕනනෙ....අන්න ඒ ගැන හිතලා බබා බයික් එකට නැග්ගා.......උඹල වැරදියට හිතන්න එපා හොඳේ.......




බබා පොලීසියේ අංකල්ට බයේ නෙමේ.......බබා නීතිගරුක පුරවැසියෙක් විදියට පොලීසි යාමට ඇති අකැමැත්ත නිසා...හරිනේ........

ඔන්න ඔහොමයි බබාගෙ අභිනිශ්ක්‍රමණය කඩාකප්පල් වුනේ..පවු නේද........



පසු වදන.........

අපේ හාමිනේගේ අදහස අනුව නම් මගේ ජීවිත කතාව යනු 75% පමණම මාගේ කුළුඳුල් නිකැළැල් ප්‍රේම චාරිකාය...........ඒවා ගැන ලියන්නට ගියොත් මගේ ජීවිත කතාව ලිවීමට මාගේ ජීවිත කාලය මදි වන්නේය..........
නමුත් මොබයිල් ෆෝන් නැති...ස්කයිප් නැති......ඇස් වලින් පමනක් අදහස් හුවමාරු වූ...........ඇඩ්වාන්ස් ලව් එකක් නම් දවස් ගානක් නිදි මරා ලියූ පෙම් පතකට සීමා වූ ඒ අත්දැකීම් හරි සුන්දරය.........මාගේ අදහස නම් එවන් වූ සුන්දර කාල පරිච්ඡේද අපේ පොඩි එවුන්ට හීනයකි.........එම නිසා ඒව ගැන ලියා තිබීම උන්ට කරන සාධාරණයකි.........මං හිතන්නේ බබී මේකට එකඟ වේවි කියාය...එකඟ නොවන්නේනම් අද රෑට බත් නැත............බඩු ශුවර්මය........