කලකට පස්සේ බ්ලොගයට බැස්සේ......කියාගෙන ඔන්න ආවා ජීවිතේ තවත් රස මුසු තැන් ටිකක් අරගෙන........
හැමදාම මේ පැත්තට එන්න ඕනෙ කියල හිතුවට....මේ දවස් වල තියෙන වැඩ කන්දරාවත් එක්ක පොඩ්ඩක් අමාරු වුනා........
ඔක්කොම ඉතින් ඔෆීසියේ ඉන්න කන් විතරනෙ.....ගෙදර ගියාම කොල්ල ෆුල් නිදහස්.......කොම්පීතරයක් අතින් වත් අල්ලන්නෙ නෑ......මොකද ගෙදර වැඩ කොටස ඔක්කොම තියෙන්නෙ බබීගෙ අතේ....කොල්ල ෆුල් රිලැක්ස් එකේ...දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්න එක තමයි කරන්නෙ....
හරි හරි ආටක නාටක ඕනෙ නෑනෙ......මෙන්න බබාගෙ කතාව....
---------------------------------------------------------------------------------
ජීවිත කතාව 07 බලන්න මෙතනින් යන්න...
ඔන්න ඉතින් මාත් පුරුදු පරිදි මගේ අතිජාත මිත්තරයගෙ තනි රකින්න කියල රෑ ජාමෙ ඒ පැත්තට ගෑටුවා කියමුකො,
අපේ ගෙදර ඉදලා පොඩ්ඩ දුරක් නිසා අම්මට එච්චර බයක් නෑ, මම තනියම ගියාට....
කිසිම කරදරයක් නැතිව...කට කපල නිදාගෙන උදේ නැගිට්ටම තමයි දන්නෙ කස්සගෙ අම්ම කොහේදෝ ගමනක් යන්න ලෑස්ති වෙනවා කියල........ඉතින් එදා දවස අපිට නිවාඩු දවසක්....මමත් දඩි බිඩි ගාල ගෙදර ගිහින් රෙඩි වෙලා ආයෙත් පාත් වුනා කස්සගෙ වාස භවනට.....ඇයි දෙය්යනේ උන්ගෙ අම්මත් ගෙදර නෑ..තාත්තත් ගෙදර නෑ..........
ඉතින් ඒ වගේ වෙලාවට ඌව තනි කරන්න පුලුවන්ද......උගෙ තනියට ගෙදර හිටියෙ උගෙ නංගි විතරයි.........ඌට ඉතින් ඒ ආස්සරෙ එච්චර දිරෙව්වෙ නෑ.......නංගිත් ඌ ගාවට වැඩිය කිට්ටු කරන්නෙ නෑ.....කිට්ටු කරොත් වලියක් තමයි..........
ඔන්න ඉතින් අපි දෙන්න සෙට් වුනාට කරන්න කිසිම දෙයක් තිබුනෙ නෑ..........මොනව කරන්නද කියල හිත හිත ඉන්නකොට තමයි අපේ නියම භාණ්ඩයක් අපේ ඇහැට වැටුනෙ...........පරණ වෑර්ලස් එකක්.....
කස්සගෙ සීයා මේ ලෝකෙ පදිංචිය අත ඇරලා වෙන ලෝකෙකට යනකොට සීයගෙ වටින කියන බඩු මුකුත් අරන් ගිහින් නෑ......ඉතින් ඒ බඩු ඔක්කොම දරුවො ටික පරිස්සමට අරන් තියල.......ඔය වෑර්ලස් එක, එතකොට සීයගෙ වඩු ආයුද ටික තිබුනෙ කස්සගෙ තාත්තා ගාව........
ඔන්න ඉතින් අපි ඩබලට මහ කුපාඩි අදහසක් පහල වුනා......ඔය වැර්ලස් එක ඇතුලෙ මොන වගේද කියල පොඩ්ඩක් හොයල බලන්න...........කුපාඩි කිව්වට කුපාඩිම නෙමේ නේද........
බබාල දෙන්නෙකුට ඇති වෙච්ච කුතුහලයක් කිව්වොත් හරියටම හරි..........
ත්‍රී ඉඩියට් එකට කලින් ආපු ෆිල්ම් එක ටූ ඉඩියට්(බලලා නැත්නම් හිතින් මවාගෙන කියවපල්ල....)එකේ ප්‍රධාන චරිත දෙක වෙච්ච අපි දෙන්න......ඒකෙ දුෂ්ඨයගෙ චරිතෙ රඟ පෑව කස්සගෙ නංගිව කාමරෙන් පන්න ගෙන "වෑර්ලස් මෙහෙයුම" කියන අති සුන්දර ජවනිකාව පටන් ගත්ත.......
හිහ්...හිහ්.......අන්කල් කාරයගෙ මේස ලාච්චු ටික ඇදල දාල...අවශ්‍ය කරන අඬු බඬු ටිකත් හොයාගෙන පටන් ගත්ත වෑර්ලස් එක මස් කරන්න.....
බොහෝම සීරු මාරුවට ඇණ ටික ගලවල භාණ්ඩෙ දෙපලු කරා......බලන්න එපායැ ඒකෙ ඇතුලෙ ලස්සන............මොකට කියනවද.......අපිට ගන්න කියල කිසිම දෙයක් නෑ..........හිතා ගන්න බැරි විදියට එහෙට මෙහෙට දාපු වයර් ගොඩක් විතරයි.........මේ මොන මඟුලක්ද කියල අපිටම කියා ගත්ත අපි වැර්ලස් එක තිබුනු විදියට හයි කරලා තිබ්බ විදියටම ඒක අල්මාරිය උඩ තිබ්බා.......
ඔන්න ඉතින් පැයකට විතර පස්සෙ කස්සගෙ අම්මත් ආවා.......උන්ගෙ අම්ම දවල්ට හදපු කෑම ටිකත් ගිල දාල හවස කාටූන් ටිකත් බලල.......මමත් ගෙදර පැත්තට ගියා.....
අද ඉදන් කස්සගෙ තනි රකින්නත් නැති නිසා ආයෙ ඒ පැත්තට යන්න ඕන කමකුත් නෑ..මොකද අන්කල් අද හවස ගෙදර එනව........මාත් ඉතින් හවස් වෙනකොට ඇඟ පත හෝදගෙන ක්ලීන් සූට් දාල අපේ කඩේ ඉස්සරහට වෙලා පාරෙ යන කෙල්ලොන්ට ලයින් පාරක් දාගෙන හිටියා කියමුකො...........
ටික ටික කලුවරත් වුනා.....මන් හිතන්නෙ රෑ 7.30 ට විතර ඇති......මෙන්න බොලේ කස්සගෙ නංගි අඬ අඬා අපේ ගේ පැත්තට එනවා...........මොකද්ද යකෝ මේ චක්කරේ...........මමත් ෆුල් අන්දොස්....ඇයි ඉතින් කවදාවත් නංගි තනියම එන්නෙ නෑ...අනිත් එක මේ වෙලාවෙ............
මාත් ඉතින් මොනාද කාපු මොකාද එක වගෙ නංගි දිහා බලා ගෙන හිටියා.....අපෙ අම්ම ඔක්කොටම වඩා බය වෙලා........
අඬ අඬ ආපු නංගි මෙන්න මෙහෙම කියාපි..........
"බබා අයියෙ අන්න ඔයාට අපෙ තාත්තා එන්න කිවුවා......."
මාත් දෙපාරක් හිතුවෙ නෑ....පැනපු ගමන් හා කියල ඒ පැත්තට යන්න පටන් ගත්තා........මොක්ද වෙනදත් අන්කල් කොහේ හරි දුරක ගිහින් එනකොට චයිනීස් කෑම පාර්සල් අරන් එනවා...අරන් එන්නෙ අපිටත් එක්ක.....ඉතින් මාත් හිතුවා අම්මට සිරි අදත් චයිනීස් කියල.....
අපෙ අම්මට තේරුනත් මොකක් හරි අවුලක් කියල ...අම්මට මන් පස්සෙ එන්න තරම් සිහියක් තිබුනෙ නෑ....කඩේ සෙනග හිටපු නිසා...අනිත් එක මන් යන්නෙ කස්සගෙ ගෙදර නිසා ගානක් නෑ.....
මාත් ඉතින් චයිනීස් කන්න තොල කට ලෙව කකා ගියා කියමුකො....
නයි කයිද රෝස් පාන් කිව්වලු.....
කස්ස පැත්තකට වෙලා අඬනව....උන්ගෙ අම්ම තවත් පැත්තකට වෙලා අඬනව.......නංගි තවත් පැත්තක
මහා ඇඬීමේ තරඟයක් වගේ..........
අම්මට සිරි දැනුයි දැක්කෙ......අන්කල් කාරය ඉන්නව කොස්සක් අරගෙන මරුව මූඩ් එකෙ....
චයිනීස් නෙමේ අද නම් ගෙදරින් හම්බ වෙන බත් පතත් නැති වෙන සයිස් එකක් වගේ.....
අන්කල් දිහා බලන්න බෑ......එකසිය ගානට මල පැනපු මූඩ් එකක් තමයි තිබුනෙ......
මමත් නෝ කතා නෝ සිනා..........ජීවන බර මෙතනම නිදහස් වෙයි වගේ........
"අනේ ළමයො ඔය ළමයවත් ඇත්ත කියන්න.........කවුද සීයගෙ පරණ රේඩියෝ එක ඇල්ලුවෙ......"
කස්සගෙ අම්ම මගෙන් අහපි.......
කිරි අප්පට ඩෝග් ජම්පින් කිව්වලු......මේ මොන හෙණයක්ද කඩන් පාත් වෙන්න හදන්නෙ..........
කොහොමද යකෝ ලොක්ක අපේ චිත්‍රපටිය ගැන දැන ගත්තෙ...........
දැන ගත්තත් මගෙන් අහන්නෙ මොකටද........ඔය ඉන්නෙ පුතණ්ඩියා...අහගන්න තිබුණනෙ උගෙන්ම...........අනිත් එක අපි ඕක ටිකක් අත පත ගෑව කියල ඕක ගෙවෙනවයි.........
ඔන්න ඔය වගේ දාහක් ප්‍රශ්න මගෙ ඔලුව ඇතුලෙ බඩ පිනුම් ගැහුවත් මන් ඕවා අහන්න ගියේ නෑ ......මොකද බබෙක් වුනත් මගෙ මීටරෙ හොඳ නිසා මට තේරුනා ඒ වගේ හොඳ ප්‍රශ්නයක් ඇහුවොත් මුන් ඔක්කොම කාල තියෙන කොහු මිටෙන් මටත් කන්න වෙන විත්තිය.....
මෙන්න මේ වගෙ වෙලාවට ආපු නුවණ ගැන ඇතිවුනා වූ අප්‍රමාණ චිත්රප්රීතිය නිසාම මටත් කලින් මගෙ කට ඉස්සර වුනානෙ...........
"ආ.....අන්කල් මමයි කසුනුයි තමයි ඕක ගලවල බැලුවෙ"
මාත් ඉතින් වීරය වගේ කියල දැම්ම........
මන් හිතුවෙ අන්කල් මටයි කස්සටයි ඒ වෙලාවෙම ස්තුති කරල මිකැනිකල් ඉන්ජිනේරු ඩිග්‍රිය දේවි කියල.........
ඒ වුනාට මන් ඒක කිව්ව විතරයි කස්සගෙ මූණ ඇඹරිලා ගිය විදියෙන් මට තෙරුනා වෙනද නානවටත් වඩා හොදට අද නා ගත්ත කියල........
මගේ කටින් ඒ උත්කෘෂ්ට වචන ටික පිට වෙනවත් එක්කම අලංකාර කොහු මිට පහරක් කස්සගෙ පිට පැත්තට ගියා වගේ මතකයි........හැබැයි ඉතින් අන්කල්ගෙ හොඳේ කියන්නෙ මට අතක්වත් තිබ්බෙ නෑ..........
අන්න ඒකයි මන් ඒ මනුස්සයට අදටත් ගරු කරන්නෙ....හිහ්...හිහ්....
"කියනවා බලන්න කොහේ ඉඳන්ද මේක ගැලෙව්වෙ"
මෙච්චර වෙලා කිසිම කතා බහක් නැතිව හතර වටේට කොහු මිට වන වන හිටපු ලොක්ක මගෙන් අහපි...
ඒක ඇහුවට වඩා හොඳයි මට ගැහුවනම්.....ඇයි යකෝ ඒක අහපු සද්දෙට මට සුලු දිය පහ වෙන්නත් තිබුණ..
අනේ ඉතින් අම්බානෙකට භය වෙච්ච මම කිසිම වචනයක් පිට කර ගන්න විදියක් නැතිව අත දික් කරල උන්ගෙ කාමරෙ පෙන්නුවා.........
අන්කල් මාවත් ඇද ගෙන රින්ගුවෙ නැද්ද කාමරෙට..........
ඔන්න යකෝ දැන්නෙ දැක්කෙ....අපි ලස්සනට තිබුනා වගේ අරන් තියපු වෑර්ලස් එක පලු දෙකක් කරල ඇඳ උඩ............
ඔන්න ඉතින් මටත් මල් පැන්න.....ඇයි බන් අපි අමාරුවෙන් හයි කරලා තිබ්බ භාණ්ඩෙනෙ.............
"කෝ කොහේ ඉඳන්ද ......." මෙන්න ලොක්ක ආයෙ සද්දෙ දානව.......
මාත් ඉතින් කස්සගෙ ඇඳේ බිත්තියට හේත්තු වෙච්ච ලයින් එක අන්කල්ට පෙන්නුව..........පැත්ත ගියත් ඇත්ත කියන එක හොඳ පුරුද්දක්නෙ.......
මෙන්න බොලේ අන්කල් එක පාරටම ඇඳ යටට රිංගුවා...........
දැන් මට වගේම උඹලටත් ෆුල් අන්දොස් ඇති නේද........
මෙන්න මේකනෙ වෙලා තියෙන්නෙ.......
අන්කල් හැමදාම වැඩ ඇරිලා ඇවිල්ල හීනියට සිංදුවක් අහනවලු.......අලුත් රේඩියෝ කෑල්ලක් ගෙදර තිබුනත් සිංදු අහන්න අන්කල් කැමති පරණ වෑර්ලස් එකෙන්ලු......
කවුද බන් ඔච්චර හරියක් දන්නෙ.....
ඉතින් වෙනද වගේම අන්කල් පොඩි වොශ් එකක් දාගෙන ආතල් එකෙ ඇලට් පාරක් දාන ගමන් වෑර්ලස් එක ඕන් කරල නොවැ.......බඩු වැඩ නැති නිසා...පොඩ්ඩක් එහෙ මෙහෙ කරන කොට අන්කල්ට මීටර් වෙලා මේකට මොකෙක් හරි වැඩක් දීල කියල........
අන්කල් ඉලෙක්ට්‍රොනික අංශෙන් කප් ගහපු පොරක් නිසා මිනිහ ඕක ගලවල......එතකොට ඇතුලෙ තියෙන්න ඕන ගැජට් එකක් පේන්න නෑලු......
මිනිහා ඉතින් අපේ ප්‍රධාන ඉන්ජිනේරු කස්සට කතා කරල අහල තියෙනව මේකට මොකද කරේ කියල........මොකද අන්කල්ට ඕන වෙලා තියෙන්නෙ මිසින් වෙච්ච ගජමැටික් එක හොයා ගන්න මිසක් මේක ගැලෙව්වට දඬුවම් දෙන්න නෙමේ.....
කොහේද ඉතින් අපේ නලු බට්ට....ඒ කිව්වෙ කස්ස උන්ගෙ තාත්තට තියෙන බය නිසාම කට ඇරල නෑ.........බලන්න ඉතින් උගේ නිර්භීත කම් කොහු මිටෙන් දෙතුන් පාර කාලත් ඌ කියල නෑ....ඌව බේරන්න ගියපු උන්ගෙ අම්මත් කොහු මිටි පාරක් කාල.....බැරිම තැන තමයි මාව ඉහල උසාවියට ගෙන්නල තියෙන්නෙ.....
බබා ඉතින් කොහේ ගියත් මීටරෙ හින්ද නා ගන්න ඩයල් එකනෙ..........
අන්තිමේදි අන්කල් අර ගැජට් කෑල්ල ඇඳ යට තිබිල හම්බ වුනා.......
අන්කල් වැඩ කාරය නිසා වෑර්ලස් එක යන්තන් ගොඩ දා ගත්තා....
ඔන්න ඔහොමයි අපේ මිකැනිකල් ඉන්ජිනේරු සිහිනය බොඳ වෙලා කුඩු වෙලා දිය වෙලා ගියේ................