Wednesday, September 4, 2013

ජීවිත කතාව 13

ජීවිත කතාව 12 මෙතනින් යන්න.

ජයවේවා...සැරදේවා.....
බොහෝම කාලෙකට පස්සේ මේ පැත්තට ඇවිල්ල යන්න ආව....මෙච්චර වැඩ කන්දක් කරන කොට තමයි හිතෙන්නේ බබෙක් වෙලාම හිටිය නම් හොඳයි කියල....රස්සාවත් එක්ක ඉගෙන ගන්න ගියාමත් පුදුම ආතල් එකක් දැනෙන්නේ....යන්තන් එක විභාගයක් ලිව්වා...මේවා ඉතින් කාටත් හොඳ පාඩම්...ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්නේ නැතුව....දැන් ඉතින් කාපල්ලකො කටු.......

කාලෙකට පස්සේ ඇවිල්ල මූ  ගහන බයිලා කියල හිතන්නේ නැතුව අපි දිහා බලලවත් හැදියල්ල....

*****************************************************************************************************************************
ඔන්න ඉතින් අම්ම අමාරුවෙන් සල්ලි ඉතිරි කරලා මහල දුන්නු අලුත් නිළ ඇඳුමත් ඇඳගෙන කොල්ල පාසල් ගියා .......එදා ඉතින් හැමෝටම සතුටු දවසක්.....මොකද එදා තමයි ඇටෙන් පොත්තෙන් එලියට ආපු මේ කෙල්ලෝ කොල්ලෝ ටික ලොකු ඉස්කෝලෙට දක්කන දවස.....බොහොම දෙනෙක් ලොකු ඉස්කෝලේ පහු කරන් ආවට ඕක ඇතුලේ මොන වගේද කියල හිතා ගන්නවත් බැරුවයි හිටියේ.....බබා නම් ඉතින් දෙතුන් සැරයක් ඕක ඇතුලට රිංගල නැතුව නෙමේ...ඒ වුනත් අදින් පස්සේ අපි ඔක්කොම අහල තිබුණු දැකල නැති ඒ ආතල් ලෝකයට තමයි අයිති.......ඔන්න ඉතින් පන්තිභාර ගුරු මෑණිවරු පියවරු අපිව අදාළ පන්ති වලට වෙන් කරා.....ඒ කිව්වේ අපි 8 වසරේ හිටපු පිළිවෙල සම්පුර්ණයෙන්ම වෙනස් කරා.....මේ සැරේවත් මේ කෙල්ල තමන්ගේ පන්තියට වැටෙයි කියල බලන් හිටියට එහෙම වුනේ නෑ....මොනා කරන්නද....අපිට කොහෙද බූල් බල්ලෝ කියල තමන්ටම කියගත්ත බබා අනිත් ළමයි පස්සේ වැටිලා ලොකු ඉස්කෝලෙට යන්න පිටත්වුණා......අනේ ඉතින් අපේ සත්ගුණවත් ගුරු මණ්ඩලය මේ කෙල්ලෝ කොල්ලෝ ටික අමාරුවෙන් ආම්බාන් කරගෙන ලොකු ඉස්කෝලෙට දක්කන් ගියා නොවැ.....

අප්පා ලොකු ඉස්කෝලේ තිබුණු ගාම්බීර පෙනුම.....අපිව ගෙනිච්චේ පිටිපස්සේ ගේට්ටුව ගාවට....එතන තියෙන වොලිබෝල් පිටියේ පුංචි රැස්වීමක් තිබ්බ....අලුත් පන්ති පිළිවෙලට අපි පෝලිමේ ඉන්නවා....ප්‍රින්සිපල් මහත්තය ගිරිය යටින් මොනවදෝ කියනවා.....මාත් ඉතින් අලුත් පන්තියේ ඉන්න ගෑල් ළමයින්ට පෙර පෙර ළඟ හිටපු අලුත් යාළුවා එක්ක පොඩි කයියක් දැම්ම....ඒවා ඉතින් යුතුකම්නේ....උඹලට කියන්න විනාඩි 2 ක් කතා කරන්න ඇති.....පත සයිස් අකුණක් මගේ පිටට වැදුන බොල.......හොඳට පායපු වෙලාවේ අකුණු ගහන්නේ කොහොමද බලන්න මමත් වේදනාව ඉවසගෙන හැරිලා බැලුව.....මොන අකුණුද බොල.....සාරියක් ඇඳගත්ත ගෑණු කෙනෙක් ඇස් දෙක ලොවි ගෙඩි දෙකක් වගේ රතු කරගෙන මගේ පිටිපස්සේ......මේ මොන හත්වලාමක්ද කියල හිතනකොටම...මෙන්න ඒ ගැණු කෙනා බෙරිහන් දෙනවා...."මුන් ලොකු ඉස්කෝලෙට ආව විතරයි.....රැස්වීමක ඉන්න දන්නේ නෑ.....හැරිය ඉස්සරහට....අහගෙන හිටු අර කතාව...."  අකුණු පාරෙන් සිහි විකල් වුනු බබාගේ පියවි සිහිය ආවේ එතකොට.....හුටා බොලේ මේ ලොකු ඉස්කෝලේ මිස් කෙනෙක් නොවැ .......ඔන්න ඔහොමයි බබා ලොකු ඉස්කෝලේ අමතක නොවන සොඳුරු පාසල් සමය පටන් ගත්තේ....අදටත් මට ඒ රැස්වීම නම් අමතක වෙන්නේ නෑ.......

ඔන්න ඉතින් ප්‍රින්සිපල් සර්ගේ කතාවෙන් පස්සේ අපිව ඇතුලට ගත්තා.....බලන්න එපාය ලොකු ඉස්කෝලේ ලස්සන...බබා මීට කලින් දෙතුන් වතාවක් රිංගල තිබුනට වැඩිය රස්තියාදුවක් මේක ඇතුලේ ගහල නෑ......අපේ පන්ති තිබුනේ ඉස්කෝලේ ප්‍රසිද්ධම කලාපයක....අදටත් එතනට කියන්නේ "කොරියාව" කියල....කොරියාව තමයි ඉස්කෝලේ තිබුණු ආතල්ම  කලාපය....වලි නම් වලි.....ලව් නම් ලව්......එකී මෙකී නොකී ආතල්........
මේක තමයි කොරියාව....
ඔය පේන බිල්ඩිමට එහා පැත්තේ තිබුණු  බිල්ඩිමක කොනේ තමයි බබාගේ අලුත් පන්තිය තිබුනේ...."9 A " තමයි ඒකෙ නම.....1996-1999 වකවානුවේ ආතල් වලින් පිරුණු තැනක් තමයි ඔය පන්තිය.....
අදටත් ලොකු ඉස්කෝලේ ඉන්න මගේ ආදරණීයම ගුරු මෑණිවරු පියවරු බබාගේ නම ඇහුණාම පොඩ්ඩක් සලිත වෙන්නේ බබා ඒ තරමටම ආතල් චරිතයක් වුනු නිසා......මොකද බබාට දෙමාපියෝ තියපු නමත් නිතර ඇහෙන නමක් නෙමේ..ඒක  නිසා තාමත් බබාගේ නම කිව්වම ඉස්කෝලේ හැමෝටම මතකයි......බීලද මන්ද...අයෙත් පිට පැන්න .....
හරි, බබා අලුත් යාළුවො සෙට් එකත් එක්ක පන්තියේ අන්තිම පේලියට සෙට්වුනා .....හරියට තෝරලා බේරලා දැම්ම වගේ නියමම ආතල් සෙට් එකක් තමයි ඒ පන්තියේ හිටියේ.....ඔන්න ටික වෙලාවකින් අපේ අලුත් පන්තිය භාර ගුරුතුමිය පන්තියට වැඩිය නොවැ ...."ළමා....යි...මගේ නම ..........,මන් තමා......යි ඔයගොල්ලන්ගේ ක්ලාස් ටීචර්......."
කවුද බොලේ ඇලිස් කිව්වලු........බෝතල් අඩි කණ්නාඩි දෙකක් දා ගත්ත අමුතුම ක්‍රමේකට සාරිය ඇඳපු මිස් කෙනෙක් තමයි වැඩල ඉන්නේ.....කතා බහ සිංහල බෑ වගේ......අපිටම හරියන මිස්.....මේකත් ආතල් ලෝකයක්නේ කියල බබාට හිතුන...(හැබැයි උඹල වැරදියට තේරුම් ගන්න එපා, ඒ ගුරුමැණියන්ට කිසිම අපහාසයක් කරන්න කිව්වා නෙමේ..)
අලුත් යාළුවො අතරේ පලවෙනි දවස ගෙවිල ගියා ....ආ කියන්න අමතක වුණා.......අපි මුලින්ම ලොකු ඉස්කෝලෙට එන දවස ලොකු අයියලට නම් ඉතාම වැදගත් දවසක්...මොකද තමන්ගේ අනාගත පෙම්වතිය තෝරාගන්න තියෙන දවසනේ......අයියල එනවා...නිකන් නළු බට්ටෝ වගේ.....බලන්න එපාය...වෙසක් වගේ...අපේ කෙල්ලොත් ඇඹරෙනවා ඇඹරිල්ලක්......අයියල නිකන් ගංජා ගහල වගේ.....හිනා වෙනවා ඉවරයක් නෑ.




බබාගේ අක්කත් ලොකු ඉස්කෝලේ හිටපු නිසා අක්කගේ පන්තියේ කොල්ලන්ගේ පණිවිඩකාරය වෙන්න බබාට හැකියාව ලැබුන.....ඒ කිව්වේ ඔන්න අයිය ඇවිල්ල කෙල්ලට කියන්න තියෙන ඒවා බබාට කියනවා....බබාට තියෙන්නේ ඒ ටික කෙල්ලට කියල කෙල්ලගේ පණිවිඩේ අයියට කියන්න....බොහොම  සිම්පල්.....වැඩේ සිම්පල් වුනාට ලැබෙන වාසි අනන්තයි අප්‍රමාණයි......කෙල්ලට දෙන චොක්ලට් එකෙන් භාගයක් ෂුවර්..ඒ වගේද බබාට ලැබෙන පවර් එක....අයියල කියන්නේ "මල්ලි උඹට සද්දේ දාන ඕන එකෙක් පෙන්නපන්...ඉතුරු හරිය අපි බලා ගන්නම්" කොහොමද ලැබෙන බලේ.....

සතියක් දෙකක් ගෙවෙනකොට බබත් යමක් කමක් කරන්න පුළුවන් චරිතයක් බවට පත්වෙන්නේ ඔන්න ඔය හේතුසාධක මත තමයි.ඔන්න ඔය අතරේ තමයි බබාට අමතක නොවන දෙවෙනි ගුරු ප්‍රහාරයට ලක්වුණේ.....


බබාගේ මම්මගේ දුවෙක් හිටිය...බබාට වඩා අවුරුද්දක් වැඩිමල්....ඒකී ඒ වෙනකොටත් කොල්ලෙක් එක්ක යාලු වෙලා හිටියේ...සපෝටර් වැඩේට හිටියේ මගේම යාලුවෙක්.......ඔය යාලු බබා හිටියේ බබාගේ පන්තියට සමාන්තරව තිබුණු අනිත් පන්තියේ.....පීරියඩ් එකක් ඉවර වෙලා අලුත් පීරියඩ් එකට අදාළ මිස් හරි සර් හරි එන්න ටිකක් වෙලා යනවා....මොකද කොරියාව කියන්නේ ඉස්කෝලේ අන්තිම කොන.....ඉතින් ගන්න ආතල් ඔක්කොම ඔය පොඩි කාලේ ඇතුලේ ගන්න එක අපේ පුරුද්දක්....ඔන්න ඔය වගේ වෙලාවක බබාගේ යාලුවටත් අක්කගෙන් චොක්ලට් බාගයක් හම්බ වෙලා......මූ ඉතින් උගේ පන්තියේ ඉඳන් කෑ ගහනවා....."අඩෝ....උඹලගේ අක්ක අපිට චොක්ලට් දුන්නා  හරිද......තොට දුන්නේ නෑනෙ...පව් වැඩේ යකෝ...."ඔහොම කියද්දී කාටද බන් ඉන්න පුළුවන්......බබත් ඉතින් පුටුව උඩට නැගල මේසේ උඩට නැගල...."අඩෝ...උඹට කලින් අපිට දුන්නා යකෝ....නිකන් ලජ්ජා නොවී ඉඳපන්....." බබත් ඇරියේ නෑ.......ඔන්න ඔය ටික කියල ඉවරවෙනකොටම කවුරු හරි එකෙක් මාව පල්ලෙහාට ඇද්ද නොවා...."පොඩ්ඩක් ඉඳපන් බන්....වද දෙන්නේ නැතුව.." මන් බොහොම අහිංසකව කියද්දී ලොකු ඉස්කෝලෙදි මට වැදිච්ච දෙවෙනි අකුණ පිට මැද්දටම වැදුන බන්...දුකේ බෑ ........තවත් හයේ හතරේ ගුරු මාතාවක්......."තොපි මේකට ආපු දවසේ ඉඳල ඔහොමද බුරුවො හැසිරෙන්නේ" හරිම ආදරෙන් මාව  අමතපු ඒ ගුරු මෑණියෝ එතුමියගේ හිතේ මා වෙනුවෙන්ම පැණ නැගුනු ඒ ශිෂ්‍ය ප්‍රේමයේ හයිය අතට අරගෙන කෙලියේ නැද්ද බන් කන හරහා.........එදා නම් බබා ජීවිතේ පලවෙනි වතාවට දවල් තරු දැක්ක බන්.......











3 comments:

  1. මේ ඉස්කෝලේ නම් හොඳට දැකල පුරුදුයි.. මොකක්ද ඉස්කෝලේ නම

    ReplyDelete
  2. මේක තමයි මගේ සුන්දර මතක වල සොඳුරු නවාතැන ......ධර්මාශෝක විද්‍යාලය,අම්බලන්ගොඩ.

    ReplyDelete
  3. මගේ ජීවිතේ හොදම හරිය ගෙවුනෙ ඉස්කෝලෙ කාලෙ කියල කිවුවොත් මම නිවැරදියි... මේ පැත්තෙ ඇවිත් බැලුවොත් තේරේවි...

    http://jeevithayasundharai.blogspot.com

    ReplyDelete