Sunday, December 9, 2012

මැද පෙරදිග කම්කරුවාගෙ නොලියූ කවිය.



වැලි කතර මැද.......
සියරටේ නොවුනත් 

හමුවෙලා හිනා වෙලා 
කතා කරන මිනිස්සු ටිකක් එක්ක
ගෙවෙන මේ පැය දහය....
විටෙක සුන්දරයි......විටෙක දුක්බරයි......

සතුටක් අති වුනාම 
හිනා වෙන්න හැමෝම එක්ක හිනා වෙලා
ඒක බෙදා ගත්තට.........
දුකක් ඇති වුනාම 

ඒ දුක කියන්න තරම් හිතවත් කෙනෙකුත් 
ළග නැති වුනාම......
දැනෙන පාලුව....තනිකම.....

කාසි හොයන්නට ඇති ආශාව
මේ පාලු කතරට වෙලා විදින දුකත් එක්කම 
හේදිලා ගිහිල්ල වුනත්......
අම්මගෙ තුරුලට වෙලා ඉන්න
පුන්චි පැටවුන්ගෙ අනාගතේ සරු කරන්න ඕනෙ නිසාමයි


හේදිලා ගියපු ආශාව ආයෙ ආයෙ
ඇති කරන් 
සල්ලි මත්තෙ හැමදෙයක්ම තීරණය වෙන
සමාජයක් ගොඩ නගපු එවුන්ට 
හිතින් ශාප කරන්නෙ......

No comments:

Post a Comment