Monday, December 10, 2012


නුඹ.....

අරමුණක් නැතිව 
ඔහේ පාවුනු සිතට නවාතැනක් වුනු නුඹ...


මගේ හෙවනැල්ලටත් වඩා 
මගේ ළගින්ම හිටිය නුඹ.......

නෙතින් වැටුනු හැම කදුලක්ම
දෝතින් අරන් නුඹේ කර ගත්ත නුඹ....


ජීවිතේ හැම දේම 
ලගින් ඉදන් බෙදා ගත්ත නුඹ.......

නුඹේ මුලු ජීවිතේම 
මගේ ජීවිතේ කර ගත්ත නුඹ......


කණට කරල මිමිණුවෙ නැති වුනාට,
ලෝකෙටම ඇහෙන්න කෑ ගැහුවෙ නැති වුනාට,

ආදරෙයි මන් නුඹට........
මගේ මුලු ජීවිතේටම වඩා......

2 comments:

  1. නුඹේ සිනහවෙන් සිනා වෙන මම
    නුඹේ සතුටම පතන මම
    ජීවිතේ පුංචි ඉඩකින් වුණත්
    නුඹ දෙසම බලන මම
    දන්නේ නැහැ කොහොමද
    ජීවත් වෙන්නේ කියලා
    නැතුව නුඹ..............


    රණ්ඩු දබර ඇති වුණත් ඉඳ හිට
    ඉන්න බෑ තරහ වී ලා මට
    හෙමි හෙමින් ඇවිත් මං නුඹ ළඟට
    තුරුළු වෙමි නුඹේ ඔය උණුහුමට

    ReplyDelete
    Replies
    1. බට්ටියෝ.......වැඩේ මාට්ටුද..............

      Delete