ජීවිත කතාව 03
ජීවිත කතාව 04
දැන් ඉතින් මොකද කරන්නෙ......අඩි පොළවෙ ගහලා පන්ති යන්න බෑ කියාපු මට.....මෙන්න බොලේ මිස්ම ඇවිල්ල අඩන්න වගේ කියනවා.....පන්ති එන්නලු.....මොලේ නිකන් විකාර වෙලා ගියා වගේ දැනුනා........යකෝ මේ එදා හිටපු මිස්මද කියල..............
තොතත බබාගෙ ආශාවනෙ ......ඔන්න ඉතින් ඊළග සතියෙ ඉදන් පන්ති යන්න පටන් ගත්තා.........දවසක් දෙකක් ගිය කියමුකො..........දුන්න නේද ගෙදර වැඩ............තොත්ත බබත් බබා වගේ හිටියට පොඩ්ඩක් විතර මරිසි ඩයල් එකනෙ......ඔන්න ඉතින් මගේ මේ කුඩා මොළ සිගිත්තට මාර අදහසක් පහල වුනා......මට හිතුනා එදා අර ආදරෙන් කතා කරපු මිස් මට ඇත්තටම ආදරේද බලන්න(ඔන්න ඉතින් උඹල වල් විදියට හිතන්න ගත්තා නේද....යකෝ ආදරේ කිවුවෙ ගුරු ගෝල සෙනෙහස......)
ඕන පු** ප්‍රීති වෙසක් කියල තොත්ත බබා ගෙදර වැඩ කරේ නෑ....
ඇති වෙන්න කාටූන් බැලුවා......රොබින් හුඩ් බැලුවා.........උඹල දැනටම දන්නවනෙ අපි කොච්චර දුප්පත් ජීවිතයක් ද ගත කරේ කියලා....ඉතින් අපි ඔක්කොම ටී.වී. බලන්න ගියේ අපේ ගෙදර ගාව හිටපු පොඩි කස්සගෙ ගෙදර(ඌ තමයි මාව ඉස්කෝලෙ එක්කන් ගියපු මිස්ගෙ පුතා, උගේ නම කසුන්, අපි තාමත් ඌට කියන්නෙ පොඩි කස්ස කියල ),මොක්ද ඒ වෙනකොට අපේ ගෙදර තිබුනු ටී.වී. එක කැඩිලා......ඕක හදන්නවට වඩා සල්ලි වලින් කරන්න ගොඩක් දේවල් අපෙ අම්මට තිබුනා...අපි වෙනුවෙන්.......
අම්ම දන්නෙත් නෑ කොල්ලට ගෙදර වැඩ දීල කියල.......ඔන්න ඉතින් සුපුරුදු පරිදි මාත් පන්තිය පැත්තට ගියා කියමුකො......මොන මරිසි වැඩ දැම්මත් පන්තිය කිට්ටු වෙද්දි කකුල් දෙක මැන්ඩලීන් ගහන්න පටන් ගත්තා........මන් යන්න හැදුවට කකුල් යන්න බෑ කියනව.......ආයෙ හැරිලා ගෙදර ගියොත් කොහොමත් කන්න වෙනව අම්මගෙන්,
දන්න දෙයියො ඔක්කොම සිහි කර ගන්න ගමන්ගිහින් වාඩි වුනා පන්තියෙ මැද හරියකින්(තාමත් මොන ලෙක්චර් එකට ගියත් වාඩි වෙන්නෙ අන්තිම පේලියෙ.....)
ඔන්න ඉතින් මගෙ ආදණීය මිස් පන්තියට සම්ප්‍රාප්ත වුනා........ආපු ගමන් පටන් ගත්ත ...ළමයි යනව පේලියට පොත් අරගෙන.....සමහරු කනව අම්බානෙකට.......ලමයි 500 විතර පෝලිමේ යනකොට හොයන්න බෑ කවුද මිසින් කියල.....බබා ඉතින් පොඩ්ඩක් එහෙන් මෙහෙන් වහන් වෙලා පෝලිමට නොගිහින් හිටිය.....මන් දන්නෙත් නැති වුනාට මගේ එහා පැත්තෙ හිටපු එකා මාව නෝට් කරල.......ඔන්න ඔක්කොම ළමයි ටික පොත් පෙන්නල ඉවර වුනා.......කාපු එවුන් ඉන්නව අත් රතු කරගෙන....මූණවල් නිකන් ඇඹරිලා ගිහිල්ල.......
පන්තිය හ්ම් සද්දයක් නෑ........මාත් ඉතින් හිටිය බබා වගේ...........මෙන්න අර මන් කියාපු මගේ එහා පැත්තෙ හිටපු ගොන් වහන්සෙ(හැබයි ඌ අදටත් මගෙ හොද යාලුවෙක්) නැගිට්ටෙ නැතයි.........මූ මාව පෙන්නල හෙන සද්දෙට කියාපි
"මිස් මෙන්න මෙයා පොත පෙන්නන්න ආවෙ නෑ."
මාව කවුරු හරි උස්සලා පොලවෙ ගැහුවනම් හොදයි කියල හිතුනා..........යකෝ මූට ඇති අමාරුව මොකද්ද මන් ගැන........මට කන්න දෙන්නෙ ඌ වගේ.........හොද වෙලාවට ඒ දවස් වල කුණුහරුප කියන එක දන්නෙ නැති වුනෙ......නැත්තන් ඌ මැරෙන්නෙ ඒ ටික අහලා....
තත්පරයක් යන්න හම්බවුනේ නෑ.....මෙන්න ඇහෙනවා මිස්ගෙ සද්දෙ......කණට මී පැණි වක් කරන්න වගේ.....
"නැගිටපිය මී හරකා..."( අදටත් ඒ මිස් ළමයින්ට කතා කරන්නෙ ඒ වගෙ ගරු නම්බු දීල තමයි )
බබා නැගිට්ට නෙමෙයි නැගිටුනා.......
බබාට දැන් මැවිලා පේනව......ඒ ආදරණීය මිස් එතුමියගේ දැවන්ත හස්තය එහෙ මෙසෙ විසි කරනවා..
මේ අහින්සක බබා ඒ දැවන්ත හස්තය විසි කරන පාරක් පාරක් ගානෙ එහෙට මෙහෙට විසි වෙනවා........අහෝ දුකකි...ඉරකි තිතකි.......
මෙන්න මේ වගේ මනෝ විකාර පේන්න ගනිද්දි........කලිසම තෙමා ගන්න ඔන්න මෙන්න කියල තියෙද්දි....(හිනා වෙන්න එපා බොලව්, මන් ඒ කාලෙත් බබෙක්....)
මෙන්න මට ආයෙ ඇහෙනවා......මිස්ගෙ කට හඩ........
"ළමයි හරවන්න .....පිටුවට......ඔය පුතා වාඩි වෙන්න.......තොට මොකද මී හරකො ඒ ළමය පොත නොපෙන්නුවට........අනුන්ගෙ දේවල් හොයන්න නැතිව හිටපිය"
ඈ බොලේ ඒ මොකද්ද ඒ වුනෙ.......ජීවිතෙට හිතපු නැති ජිල්බරියක්නෙ බොලේ මේක.........
ආයෙ මොනව හිතන්නද,සියලු භය සැක සන්කා අත ඇරල දාලා......මුලු පන්තිය දිහාවටම ෆුල් ජයග්‍රහණී බැල්මට් එකක් දාලා......තොත්ත බබා වාඩි වුනා........අරූ ඉතින් අර මොනාද කෑව මොකාද එකා වගේ.....මන් දිහාට බොහොම අහින්සක බැල්මක් දැම්මා.....මාත් ඉතින් ඌටත් එහෙම එකක් දැම්ම....නැත්තම් ඌට හරි නෑනෙ......
මේක ඉතින් කියන්න තරම වීර වික්‍රමයක් නොවුනත් ඒ කාලෙ හැටියට,ඒ කියන්නෙ අවුරුදු 8 වයස බබෙක්ට ඒක මාර වික්‍රමයක් තමයි...........
පස්සෙ කාලෙක තමයි දැන ගත්තෙ මිස් මන් ගැන හිතලම තමයි මට ගහල නැත්තෙ........මොක්ද මිස්ගෙ කටින්ම මට කියල තියෙනවා මන් ඉගෙන ගන්න දස්සයි කියල මිස්ට තේරිලා .....ඉතින් එදා ගුටි කාල මන් පන්ති නැවත්තුවනම් අපෙ අම්මට වෙන්නෙ කඩේ වහල අපිට පාඩම් කියල දෙන්න.....එකෙන් වෙන්නෙ අපිට තියෙන ආදායම් මාර්ගය නැති වෙන එකයි........මගෙ ඉගෙනීම බාල වෙන එකයි.......
එහෙම වුනා නම් උඹලට කියවන්න කතා ලියන්න තරම් නිදසක් තියෙන රස්සාවක් මට ලැබෙන්නෙ නැති වෙන්න තිබ්බා..........
අපේ ආදරණීය කරුණ මිස්......මගේ ජීවිත කතාවෙ මේ කොටස ඔබට උපහාර පිණිසයි...........
සැර උනත් ළමයින්ව තේරුම් ගන්න පුළුවන් මිස් කෙනෙක්.. ඒ වෙග් අය තමයි අදටත් ඕනේ.. ඒත් දැං ඉන්න ගොඩක් අය පියරු බබී ලා..
ReplyDelete( මේ තොත්ත බබා කතාව හින්දා මට මතක් වෙන්නේම බබලන්තේ.. හි හි )
ඔන්න හිරු ඇන්ටි ඇවිල්ලා කොමෙන්ටුවක් දාල ගිහිල්ල....තැන්කූ වේවා.....
Deleteඔයාගෙ කතාව ඇත්ත....ඒ වගේ මිස්ල හිටපු නිසා ගොඩාක් ළමයි ගොඩ ගියා......