Wednesday, December 5, 2012

ජීවිත කතාව 03


ජීවිත කතාව  01
ජීවිත කතාව  02

වැස්ස දවසට අපිට කොච්චර ජොලි වුනත් අම්මල නම් ඉන්නෙ පුදුම බයකින්....ඇයි ඉතින් යායට තියෙන වෙලයි ඉස්කෝලෙට යන්න තියෙන පාරයි දෙකම පිරෙන්න වතුර පිරුනම පොඩි එවුන් කොහෙ යයිද දන්නෙන් නෑනෙ.....වැරදිල හරි වෙලට වැටුනොත් සොරි තමා......

අපි ගෙදර ආවම ගුටි නොකා බේරුනේ එහෙමත් දවසක...ඇයි ඉතින් මඩ කරියො වගේ තමයි ගෙදර එද්දි....
සපත්තු දෙක කරේ එල්ලගෙන.......සුදු කමිසෙ මඩ ගා ගෙන..........මොන අම්මටද කේන්ති නොයන්නෙ......

හොදින් ඉර පායපු දවසටත් අපේ කියන්න තරම් වෙනසක් නෑ.......ගෙදරට එනකන් තියෙන වතු වලට පැන පැන ගඩා ගෙඩි කඩා ගෙන කනවා......පාර දිගට රේස් දුවනවා......කරපු දග වැඩ වල නම් ඉවරයක් නෑ.....
ටික ටික කාලෙ ගෙවිල ගියා...... 5 ශිෂ්‍යත්වය විභාගයක් ගැන කවුරුත් කතා වෙන්න ගත්තෙ ඔය කාලෙ.
පුන්චි අපිට ඒ ගැන එච්චර උනන්දුවක් නැති වුනත් අම්මල ඒ ගැන බොහොම උනන්දු වුනා....
ඔය වගේ හතරබීරි කතා අස්සෙ අපි 4 වසරට ඇතුලත් වුනා.....මාස දෙක තුනක් කිසිම සද්දයක් නැතිව බොහොම අපූරුවට ගෙවිලා ගියා.......මෙන්න බොලේ එක පාරටම අර  5 ශිෂ්‍යත්වය ගැන ආයෙ කතා වෙන්න ගත්තා........

ඉස්කෝලෙ තිබුනු ශාන්ත සුන්දර වටපිටාව එක පාරටම මාර විදියට කලබල වෙන්න ගත්තා..හරියට මාවිල් ආරු සොරුව්ව වහපු වෙලාවෙ අපේ ආණ්ඩුව කලබල වුනා වගේ......අපිත් පුන්චියට හිටියට අපිටත් තේරුම් ගියා මොකක් හරි විපර්යාසයක් වෙන්න හදන්නෙ කියල.......

ගෙදරිනුත් පොඩි පොඩි බර බර එන්න පටන් ගත්තා......විභාගෙ හොදට පාස් වෙන්න ඕනෙලු, අක්ක වගේ ධර්මාශෝකෙට එන්න ඕනෙලු..නයි කයිද රෝස් පාන් කිව්වලු, මේ මොන හෙණ ගෙඩියක් ද කියල හිත හිත ඉන්නකොට මෙන්න කියාපි ටියුශන් යන්නත් ඕනෙ කියල.......ඔන්න ඉතින් හොදට හිටපු මට මල් පොකුරු පොකුරු විසිවෙන්න ගත්තා......අක්ක ඔය මගුල් විභාගෙ දවස් වල නොකා නොබී පන්ති ගිහින් නිදි මරා ගෙන විදපු දුක මන් දැකලා තිබුනට මන් ඒ දවස් වල හිතුවෙ එයාගෙ පෙර කරපු පවක් පඩිසන් දෙනව කියල.......යකෝ දැන් මටත් වෙන්න යන්නෙ ඒකමනෙ කියල හිතෙනකොට මල පනින්නෙ නැද්ද?????

ඒත් ඉතින් අම්ම විදින දුක පොඩි කාලෙ ඉදන් දැකපු මට අම්මලට උඩින් පාට් දන්න තරම් හයියක් තිබුනෙ නෑ.
ටිකක් හරි හිතට සැනසීමක් ආවෙ ටියුශන් කරේ අම්මගෙ හොදම යාලුවෙක් වීම විතරයි.... පහේ විභාගෙට ප්‍රසිද්දම ටියුශන් එක කරේ ඒ මිස්...........
අපේ පලාතෙ කවුරුත් දන්නෙ "කරුණා මිස් " කියන නමෙන් තමයි......

ඔන්න ඉතින් මේ කොලු බට්ටත් හා හා පුරා කියලා මිස්ගෙ පන්තියට යන්න එලියට බැස්ස අම්මගෙ අතේ එල්ලිලා.....
ඔන්න ඉතින් පන්තිය ගාවට ගියා කියමුකො......අම්මට සිරි සෙනග කිව්වලු.......යකෝ ටවුමෙ පෙරහැර බලන්නත් මෙච්චර සෙනග එන්නෙ නෑ...ළමයි 500 විතර., උන්ගෙ අම්මල ආච්චිලා තාත්තලා සීයල ඔක්කොම ඇවිල්ල....අපෙ අම්ම මාව මිස්ට බාර දීල යන්න ගියා......උඹල හිතන්න එපා එයා එහෙම කරේ මට ආදරෙ නැති නිසා කියල....මන් ගැන බලනව වගේම තව ළමයි 3 දෙනෙක් ගැන බලන්නත් ඕනෙ නිසයි එය එහෙම යන්න ගියේ......අනිත් එක අපි ගැන පුන්චි කාලෙ ඉදල දන්න කෙනෙක් ගාව මාව තියපු නිසා අම්මට බය වෙන්න කාරනයක් තිබුනෙ නෑ.

සතියක් දෙකක් පන්තිය බොහොම සුන්දරව කෙරී ගෙන ගියා.....ඔන්න ඊට පස්සෙ තමයි නියම සීන් එක පේන්න ගත්තෙ......උඹලට මතක ඇති සතර අත්පොත......ඒ දවස් වල ඒක තමයි පහේ විභාගෙ කරන එවුන්ගෙ හතර මහා නිදානය.....ඔන්න මිස් ඒකෙන් වැඩ දෙන්න ගත්තා........"ගෙදර වැඩ" ..... ඊළග දවසෙ යනකොට කර ගෙන යන්න ඕනෙ...කරල නැත්නම් ලී අඩි කෝදු පහක් එකට තියලා අත අල්ලන්න කියල දෙනවා දීමක්....බීපු මව් කිරි මතක් වෙන්න........

අනේ ඉතින් මොනා කරන්නද.....ගෙදර ඇවිත් කොහොම කොහොම හරි වැඩ ටික ඉවර කරනවා...කරනවා කිවුවට අම්ම ටොකු ඇන ඇන කරවනව.....මිස්ට හපන් අපෙ අම්මා.......මට තාම මතකයි එලව එලව මට සබ්බුව දෙන හැටි.....
හබැයි ඉතින් දවසක් මොකද්දෝ වැරැද්දකට මිස් මට නෙලුවා අම්බානෙකට........එදා නම් ඉතින් මේ තොත්ත බබාට මලේ මල පැන්න.........මල පැන්න කියල මිස්ට ගහන්න බැහැනෙ........ආවා එක පිම්මෙ ගෙදර........යුද්ධ ප්‍රකාශ කරා අම්මට......

" හොදින් කියන්නෙ මන් නම් ආයෙ ඒ පැත්ත පලාතක යන්නෙ නෑ......."

අම්මා උඩ් බිම බලනවා......මේ මොක්ද කියලා.....හැබැයි පුදුමෙ කියන්නෙ අම්ම කිසිම දෙයක් කිවුවෙ නෑ.....දවස් දෙක තුනක් ගියා.....මන් පන්ති ගියෙත් නෑ.......ෆුල් ආතල් එකෙ හිටියා.......බුබුලු නගින බෙලිකටු කිව්වලු......මෙන්න දවසක් හවසක මිස් ඉන්නව අපේ ගෙදර.......ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ .......දැන් මොකද කරන්නෙ..........හිටිය ඉතින් කැ* කාපු රිලව වගේ...
බලන් යද්දි මන් පන්ති එන්නෙ නැති නිස මිස් හොයල මේ අහින්සක සුරතල් කොලු පැටිය කෝ කියල......ඉතින් අපෙ අම්මත් මිස්ට ෆුල් විස්තරේ කියල.....

අනේ ඉතින් මිස් බොහොම අහින්සක විදියට මට කියනවා....
"පුතා හෙට ඉදල පන්ති එන්නකො......"
හරියට මන් මිස්ට ගහල වගේ..........


අහින්සක තොත්ත බබා ගේ පන්තියෙ වික්‍රමය............ඊළග කොටසෙන් දෙන්නම් හොදේ.........


2 comments:

  1. එහේ මෙහේ කැරකී කැරකී ඉන්කොට හම්බුවෙලා තමා මේක බැලුවේ. සුබ පැතුම් ඉදිරියටත් ලියාගෙන යන්න.ලංකාවේ ඉපදුනු අපි කාටත් පොදු කථාවක් මේක

    ReplyDelete
  2. අනිවා මචන්, උඹේ කොමෙන්ටුවට තැන්කූ වේවා..........

    ReplyDelete