Wednesday, January 9, 2013

ජීවිත කතාව 06



ජීවිත කතාව 05- මෙතැනින් බලන්න

ඔන්න උඹලට කතා ලියන්න ගිහින්.....ප්‍රේම කතාවකුත් කියල දැම්මනෙ......ඔය අහවල් කතාව දැකලා තොත්ත බබී නම් හිනා වෙලා නිකන් හිටියෙ නෑ....මෙන්න ඒකි අහනවා ඉතුරු ගෑණු ළමයි ගැන ලියන්නෙ කවද්ද කියලා....මැදැයි කොළා......

ඒ අස්සෙ මූණු පොතේ ඉඳන් කතා කර කර හිටපු ඒ කතාවට අදාළ කෙළි පොඩ්ඩ මගෙන් අහනවා.....කවුද ඒ ගෑණු ළමය කියල........මන් කලිනුත් කිවුවෙ ඒකි  මේ මොනවත් දන්නෙ නෑ කියල


මාත් ඉතින් එච්චර කල් රැක ගත්ත ඒ රහස ඒ කෙලි පොඩ්ඩට කියල දැම්ම.......දැන් ඉතින් අපි පවුල් පංසල් වෙලානෙ.......බය නැතිව කියල දැම්ම......දැන් එකි මාත් එක්ක කතා කරන්නෙම නෑ.......යාලු කමත් ඉවරයි වගෙ......මේව දැකල අපේ තොත්ත බබී නම් උඩ පැන පැන හිනා වේවි....හිහ්.....හිහ්.....
ඕනෙ නම් කණ මිරිකල අහවි....ඇද්ද වැඩේ කියල.........

ඇති ඇති වටේ ගියා.....මෙන්න කතාව...




ඔන්න ඉතින් අලුත්ම අලුත් කිට් එකත් ඇඳ ගෙන බබා ගියා විභාගෙ ලියන්න.....විභාග මධ්‍යස්ථානය වුනේ ගෙවල් ළගම තිබුනු ධර්මාශෝකය.........
අලුතෙන් හම්බ වුනු ඔරලෝසුවත් හරියටම( ඔය පින්තූරෙ තියෙන වගේම එකක්)බැඳගෙන ඒක හැමෝටම පේන විදියට අත් දෙක පද්ද පද්ද බබා ගමනෙ.........හැමෝටම පේන්න කිවුවට ඕක දැක්කෙ මන් විතරද දන්නෙ නෑ...හිහ්...හිහ්.....

ඔරලෝසුව බැන්ඳට මොකද ...ඒකෙ වෙලාව  තිබුනෙ වැරදියට..........මට ඉතින් විභාගෙ ලියනවට වඩා වැදගත් වෙලාව හදා ගන්න එක......පළවෙනි ප්‍රශ්න පත්තරේ විනාඩි 20 වැනි සුලු කාලයකදී ඉවර කරල පටන් ගත්ත වෙලාව යථා තත්වයට ගෙන ඒමේ මහා ව්‍යාපෘතිය..........
අනේ ඉතින් පේපර් ටික එකතු කරගෙන යනකන්ම බබා හිටපු තැනමයි.....වෙලාවත් එහෙම්මයි......


ඔන්න ඉතින් බබා ෆුල් ශෝක මූඩ් එකෙ එලියට ආවා......දෙවෙනි පේපර් එක පටන් ගන්න තව විනාඩි 15 තියෙනවා.....අම්මලා ගේට්ටුව ගාව පොර කනවා......තමන්ගෙ ළමය හරියට උත්තර ලිවුවද කියල දැන ගන්න......අපෙ අම්මත් ගේට්ටුව ගාව හිටියා......හැබැයි මොනවත් අහන්න කලින් එයා මගෙ අතට රෝල්ස් එකකුයි බීම එකක්ක්යි දුන්න........අපිටම කියල කඩයක් තිබුනට අපිට හිතුනු හිතුනු වෙලාවට බීම බොන්න...ටොෆී කන්න....අවසර තිබුනෙ නෑ...


අදටත් බබා රෝල්ස් වලට තියෙන්නෙ පුදුම කෑදර කමක්.......අපරාදෙ කියන බෑ...බබී හිටපු ගමන් හදල දෙනවා බඩ කට පිරෙන්න.......
ඔන්න ඉතින් සප්පයම් වෙච්ච බබා ඊළඟ පේපර් එකටත් ගියා........ඒ පේපර් රාජයාටත් පෙර ආනිශංසයම හිමි විය....සාදු සාදු සාදු.....තවමත් බබා වෙලාව හදයි....පේපර් එකතු කරයි....බබා නැගිට එලියට එයි.....හිහ්...හිහ්...



පස්සෙ කාලෙක කොහොම හරි ඕකෙ වෙලාව හදා ගත්ත...

ඔන්න ඉතින් ටික දවසකට බබාලට සුපිරි නිදහසක් ලැබුනා....වැඩි හරියක් කාලෙ ගත කලේ පොඩි කස්සලගෙ ගෙදරයි...අපේ ආච්චිලගෙ ගෙදරයි තමයි........

ඔන්න ඔය අතරෙ තමයි පොඩි කස්සටයි මටයි මිකෑනික් උණක් ආවෙ.....අතට අහු වෙන ඕන මගුලක් ගලවනවා......හැබයි ලොවෙත් ආයෙ තිබුනු විදියට හයි කරන්න බෑ........දැන් ඉතින් උඹල මහ වල් විදියට බලන්නෙ...ඕන දෙයක් කිවුවෙ හැම දේම නෙවෙයි  කොල්ලනේ..........පුන්චි  මෝටර් කෑළි තිබුනු ඒවා.......





අද කොටන්න වුනේ පොඩ්ඩයි...ඔෆිස් ඉන්න ගමන් කොටන එක අමාරු නැති වුනත් අධ්‍යාපන කටයුතු පොඩ්ඩක් හිර වෙලා නිසා එකත් ඔෆිස් ඉඳන් තමයි ගොඩ දාන්නෙ.

බබී දැක්කොත් බැණුම් අහන්නත් වෙනවා.........

සොරි හොඳේ...........ඊළඟ කතාව ටිකක් දිගට ලියනවා..ෂුවර්.......













4 comments:

  1. අපෝ කොල්ලෝ මොකාටද අප්පා ඔය බඩු කෑලි ගලවන ලෙඩේ නොතිබ්බේ... හි හි

    ReplyDelete
    Replies
    1. හිරු නංගි ....තැන්කූ වේවා...කොමෙන්ටුවට, හැමදාමත් මගේ කතාවට ඔයා කොමෙන්ට් කරලා යනවා....සමා වෙන්න , මට ඔයාගෙ බ්ලොග් එක පැත්තට එන්න බැරි වුනාට......අනිවා වෙලාවක එනවා.......

      Delete
  2. සිස්සත්තේ ප්‍රශ්න පත්තරේට ලියපු හැටි ලිවුවාට කෝ වෙලාව හද හද ඉඳලා භාර දුන්න උත්තර පත්තරේට ලැබුණ ලකුණු ගණන කිවුවේ නැහැ නේ.

    ReplyDelete
    Replies
    1. එනවා....එනවා........07 වෙනි කොටස ළඟදීම එනවා...........

      Delete