Monday, March 18, 2013

මත්තල සහ ශ්‍රී ලාංකිකයා.....


චිරං ජයතු...ශ්‍රී ලංකා.........

ඈත අතීතයේ සිට අති ඉමහත් සුන්දරත්වයකට උරුමකම් කිවූ........බතින් බුළතින් ස්වයංපෝශිත වූ........පුංචි දිවයිනට අද සුවිශේෂී දිනයක් වුනා....
අවුරුදු 30 ට ආසන්න වූ අඳුරු කාල පරිච්ඡේදයක් අවසන් කර අමිහිරි යුධ මතකයන් මතින් අපටම ආවේණික වූ ශ්‍රී ලාංකික සංවර්ධනයක් කරා යන මේ ගමනේ තවත් සංධිස්ථානයක් අද සටහන් වුනා කිවුවොත් නිවැරදියි........

මත්තල පිහිටි මහින්ද රාජපක්ශ අන්තර්ජාතික ගුවන්තොටුපොල අද නිල වශයෙන් විවෘත කරා.........මේ ලියන මොහොත විට ගුවන් යානා තුනක් අති සාර්ථක ලෙස ගුවන් තොටුපොලට ළඟා වෙලා ඉවරයි...........

ඇත්තටම දැනෙන්නෙ පුදුම ආඩම්බරයක් වගේම පුදුම සතුටක්..........ඒ සතුටට පක්ශ පාට නෑ.......කුල මල නෑ........ඒ ආඩම්බරකම ...ඒ සතුට ඇත්තටම නියම ශ්‍රී ලාංකිකයකුගේ හදවතින් එන දෙයක්..........මම හිතනවා මේක කියවන උඹලටත් ඒ හැඟීම ඒ විදියටම දැනෙන්න ඇති කියල.......

සමහරවිට ලංකාවෙ ඉන්න උඹලට දැනෙනවට වඩා පිට රටක ඉන්න අපිට ඒක දැනෙනවා.........

මේ රටවල් දියුණු වෙලා තියෙන තරමටම අපේ රටත් දියුණු වෙනවා දැකීම තමයි ඒකට ප්‍රධානතම හේතුව...............

උඹල දකින්න ඇති මේ ගුවන්තොටුපොල ගැන පහුගිය දවස් ටිකේ මූණු පොතේ දාලා තිබුනු දේවල්...........ඒ ඔක්කොම මොන අදහසකින් දැම්මත් ඒව ඇතුලෙ ගැබ් වෙලා තිබුනෙ, එවායින් මතු කරලා පෙන්නුවෙ එකම දෙයයි.......අපේ මිනිස්සුන්ගෙ තියෙන කුහක කම සහ ඉරිසියාව.....


මිනිස්සුනේ පොඩ්ඩක් හිතාපල්ල.......උඹලා ඔය ඇලී ගැලී ඉන්න පටු දේශපාලනේ කවදාවත් උඹලට යහපතක් කරලා තියෙනවද........
ඔය දුවන්නන් වාලෙ එක එකා පස්සෙ දුවන එක පොඩ්ඩක්ට නවත්වලා.......පොඩ්ඩක් හිතාපල්ල............
ලෝකෙට පේන්න දෙපැත්තකට බෙදිලා කෑ ගහ ගන්න එවුන් හවසට එකම බාර් එකේ එක බෝතලේ කඩා ගෙන එකට බීල එකට කාල එකට නටලා එක වාහනේ ගෙදර යනවා........ඒත් උඹල උන්ගෙ පාට පක්ශ වෙනුවෙන් ජම්මාන්තර වෛරක්කාරයෝ වෙලා මැරෙනකන් ගහ මරා ගන්නව..............


හිතාපල්ල.....අපි රාවණ පරපුරේ මිනිස්සු..........ඉස්සර කාලෙ අපිට හිටියෙ එක රජයි..........එහෙම වුනා කියලා ලංකාව වල පල්ලට ගියාද.....නෑ............මුලු ලෝකයම කතා කරන....මුලු ලෝකයම මවිත වෙන .............ප්‍රෞඩ ඉතිහාසයක් අපිට තියෙනවා....මොහොතකට හිතුවද ඇයි අපිට එහෙව් ඉතිහාසයක් තියෙන්නෙ කියල...............අපි එකා වගේ....එකට හිටපු නිසා.............මොන බලවේග ආවත් ශ්‍රී ලාංකිකයො විදියට එකට හිටපු නිසා...................


ඉතිහාසෙ යන්තන් හරි කියවල තියෙනවනම් උඹලට තේරේවි මං මොකද්ද කියන්නෙ කියල................

මේවා කොහොම කිවුවත් තේරුම් ගන්න අමාරු පිරිසකුත් ඉන්නවා...........හැබයි උන්ට තේරුම් ගන්න බැරුව නෙමේ...........(ලංකාවෙ මිනිහට එක පාරින් ඕන දෙයක් තේරුම් ගන්න පුලුවන්.......ඒක අදටත් අපි වැඩ කරන තැන් වල පවා පිට දේශක්කාරයින් වුනත්  පිළිගන්න සත්‍යයක්..................) 



අපේ සමහරු ඒවා තේරුම් ගත්තත් නොතේරුනා වගේ ඉන්නව.....ඇයි...තමාගෙ පෞද්ගලික ලාභයට.............

අත හැරපල්ල ඔන්න ඔය කුහක කම...........මතක් කර ගනින් අපේ සිංහල කම..............අන්න එදාට ලංකාව තරම් දියුණු රටක්  ලෝකෙ කොහේවත් නැති වෙයි..............


උඹලට මතකද....2004 සුනාමි වෙලාවෙ අපි එකා වගෙ හැම දෙනාටම උදවු කර ගනිමින් හැම දෙනාගෙම දුක බෙදා ගත්ත හැටි.............උඹලට මතකද අවුරුදු 30 ශාපය ඉවර කරල ප්‍රභාකරන්ගෙ මැරිච්ච බොඩි එක දැකල අපි එකා වගේ සතුටු වුනු හැටි.............හැම ගෙදරම කිරිබත් හදල බෙදා ගෙන කාපු හැටි................එහෙව් සහෝදරකමක් තියෙන අපිට ඇයි ඒ සහෝදරකම හිතවත්කම මේ රටේ අනාගතය වෙනුවෙන් යොමු කරන්න බැරි.........

කවුරු මොනව කිවුවත් දැනට පවතින රජය ශ්‍රී ලංකාව වෙනුවෙන් යමක් කරල තියෙනවා............කවුරු හරි කියනවනම් එහෙම නෑ කියල ඌ ශ්‍රී ලාංකිකයෙක් වෙන්න බෑ....

මම පෞද්ගලිකව මහින්ද මහත්තයට කැමති ඒ නිසයි........

බඩු මිළ වැඩියි....තෙල් මිළ වැඩියි........ඇමතිවරු මහජනතාවගෙ සල්ලි ගසා කනව.....ආණ්ඩුව බොරුවට ණය වෙනවා..............

ඔන්න ඔය වගේ දහසක් කතා කියන සමහර කෙරුමන්ගෙන් මං අහන්න ආසයි.....

01 )කළින් පැවති රජයන් කළේ ඔය ටිකම නොවේද......
02 )මේ රජය පෙරළා පත් කර ගන්න යන්නේ කුමන පුද්ගලයාද....කුමන පක්ශයද...... 



12 comments:

  1. දැන් නම් පත් කර ගන්න කියලා කිසිම පක්ෂයක් නැහැ.හරිහමන් පක්ෂයක් තියනවාද දැන් රටේ. ඔක්කොම කෑලි පක්ෂ.සම්පූර්ණ පක්ෂයක් නැහැනේ. ආණ්ඩුව ගත්තත් එහෙමයි. එහෙන්,මෙහෙන් හැම තැනින්ම පැන පැන ආපු අය තමයි හැම පක්ෂයකම ඉන්නේ. ඉතින් මොන පක්ෂය පත් කරත් වෙනසක් නැහැ.

    මත්තල ගැන නම් ආඩම්බර වෙන්න පුළුවන් උපරිමටම මම ආඩම්බර වෙනවා.එදා වතුර පොදක් නැතුව කළගෙඩි ඔළුව උඩ තියා ගෙන කිලෝමීටර් ගණන් ඇවිද්ද අය හිටිය, රජයේ සේවකයෙක්ට මාරු වීමක් ලැබුණොත්,ආයෙම කොහොම හරි ඒක අවලංගු කර ගන්න තත්ත්වයක් තිබුණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අද තියන දියුණුව දරා ගන්න බැරි ඔය වගේ මාරු වීම් අවලංගු කර ගත්ත අයගේ පරපුරේ අය වෙන්න ඇති.

    ReplyDelete
  2. අපි නම් කුහකයො වෙමු.

    ඒකට හේතුව පෝස්ටුවේම ඇත. 2004 සුනාමියේදි එකට සිටි අය, යුද්දය අවසාන් කරපු මොහොතේ එකට සිටි අය, මත්තල ගුවන්තොට යන කරුනේදි එකට නොසිටින්නට හේතුව හදවතින් නොව මොලෙන් සිතුවොත් වැටහෙනු ඇත. එවිට ඔබද කුහකයෙක් වනු නොවනුමානය.

    මත්තල හොදය, එයට කීමට ඇති එකම වරද නොගැලපෙන වෙලාවක කිරීම පමණි.

    ReplyDelete
  3. "හදවතින් නොව මොලෙන් සිතුවොත් වැටහෙනු ඇත"
    සොයුර මටත් කීමට ඇත්තේ ඔය ටිකමය...........මොලෙන් හිතුවා නම් ඔබටද එය තේරෙනු ඇත.......

    "එයට කීමට ඇති එකම වරද නොගැලපෙන වෙලාවක කිරීම පමණි".
    ලංකාවේ පැවති රජයන් කළ යුතු දේවල් හරි වෙලාවට කරා නම් අපේ රටට මෙහෙම වෙන්නේ නැත.............එම රජයන් කළ දේවල් වලින් ලංකාවට ලැබුනු දේකුත් නැත..............

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. මත්තල ගැන ආඩම්බරයි හසන්ත

    //අපි රාවණ පරපුරේ මිනිස්සු//
    වර්ගපූර්ණිකාව කියවලා තියනවා වගේ

    ReplyDelete
  6. කවුරුන් මොනවා කිවුවත් මත්තල ගුවන්තොටුපොල යනු අපිට ආඩම්බර විය හැකි කරුණකි...............රට තුල සිටින එවුන්ට වඩා රටෙන් පිට ඉන්න එවුන් බොහෝ ආඩම්බර වේ............එය මා ලැබූ පෞද්ගලික අත්දැකීමකි.....මම තුමා රැකියාව කරන රටේ බොහෝ දෙනා පක්ශ පාට ජාති බේද අතහැර සතුටු වනවා මම දුටිමි...............

    ReplyDelete
  7. අද තමයි ආවේ ඉස්සෙල්ලම බබෝ...
    හොඳයි දිගටම ලියන්න ..
    ජය වේවා ...

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා...බබාගේ ලෝකයට.............තැන්කූ වේවා මාමේ......

      Delete
  8. බබෝ, මාත් අදයි ආවෙ. මත්තල ගැන නම් ආඩම්බර වෙන්න පුළුවන්. ඒ වුනාට, හම්බන්තොට සහකාර ඒජන්ත විදිහට වුල්ෆ් ඉන්න කාලෙ ඉඳන්, හම්බන්තොටට කරන්න ඕනෙ දේවල් සැළසුම් හමස් පෙට්ටියෙ. හම්බන්තොට වරායෙන් වත්, ගුවන්තොටුපොළෙන්වත්, සිනමා ගම්මානයෙන්වත් එහෙ මිනිස්සුන්ට එක පාන් කෑල්ලක්වත් ලැබෙන්නෙ නෑ.
    ලේවායවල් ටික වැඩි දියුණු කරලා, වෙල්ලස්සෙ කැරැල්ලෙදි කඩා බිඳ දාපු වාරිමාර්ග පිළිසකර කරලා, ජන ජීවිතය නගා හිටුවන වැඩ කළොත් නම් හරි. රාජපක්ෂවරු හම්බන්තාටින් පාර්ලිමේන්තු ආවෙ නිදහස ලැබෙන්නත් කලින් ඉඳන්. ඒ වුනාට හම්බන්තොට මිනිස්සු තාමත් සුද්දගෙ පාලන කාලෙ විදිහෙ ජීවිත ගෙවන්නෙ. හම්බන්තොට නීතිය ජුලම්පිටියෙ අමරෙ අතේ තියෙද්දි මොන ආශ්චර්යද බබෝ ?

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා...ආණ්ඩුව කරන හැම වැඩේම හරි කියනවා නෙමේ මචෝ.
      මේ ආණ්ඩුවේ තියෙන මොංගල සීන් එක ඕක තමයි ...කොච්චර රට සංවර්ධනය කරත් වටේ ඉන්න මැරයෝ ටික ඉවර කරේ නෑ ....එත් හොද වැඩේට හොඳයි ......පජාත වැඩේට පජාතයි කියල කෙලින් කියන්න තමයි බබා ඉගෙන ගෙන තියෙන්නේ .........මේ මොන දේශපාලුවා ආවත් උන් හම්බකර ගන්න එක විතරයි කරන්නේ ......අපේ සිංහල මිනිහට නොතේරෙන ඇත්තත් ඕකයි...ඒ අතරේ රටට යමක් වෙනවනම් ඒවත් අගේ කල යුතුයි.
      ඒ මොනව වුනත් එකිනෙකාගේ පෞද්ගලික අදහස් වෙනස් .....හැම දෙනාගේම අදහස් වලට ගරු කරන සමාජයක් තිබුන නම් ගොඩක් ප්‍රශ්න අඩු වෙන්න තිබුන.......
      මේ කතා වලට වඩා උඹ මේ පැත්තේ ආපු එක මට වටිනවා .....

      Delete
  9. followers ගැජට් එක දාන්න. අපිට ෆොලෝ කරන්න ලේසියි.

    ReplyDelete