Sunday, February 10, 2013

ජීවිත කතාව 09


ආයුබෝවන්ඩ කිව්වා............ඔන්න ආයෙත් කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තට ආවා.........මෙහෙම ගියොත් මගෙ ජීවිත කතාව ලියල ඉවර කරන්න බැරි වෙනවා......එක නිසා තීරණය කරා ඔන්න ඔහෙ කෙටියෙන්ම කියල දාන්න කියල....ඒත් ඒ වැඩේ එච්චර සාධාරණ නෑ කියල හිතුනා.....

******************************************************
ජීවිත කතාව08  - මෙතනින් යන්න

******************************************************
ඔන්න ඉතින් කලින් කතාවෙ කියපු විදියට අපේ ඉන්ජිනේරු සිහිනය බොඳ වෙලා ගියා කියමුකො...........
අනේ ඉතින් ඔහොම කාලය ගෙවිල ගියා........කනවා බොනවා නිදා ගන්නවා......පහුගිය දවස් ටිකේ කස්සගෙ ගෙදර ගියේ නැති වුනාට ..........ආයෙ ඉතින් පුරුදු පරිදිම ඌයි මායි සෙට් වෙන්න ගත්තා........

අහා....මට කියන්න අමතක වුනා.....කස්ස දැන් යන්නෙ ධර්මාශෝකෙට.....මොකද ඌ මට වඩා අවුරුද්දක් වැඩිමල්නෙ.........


ඌ ශිෂ්‍යත්වෙ පාස් වුනානෙ...ඒකයි..........

ඔන්න දවසක් ඌයි මායි ලගා ගහල ඉන්න වෙලවක්....කරන්න කියල කිසිම දෙයක් නෑ....උන්ගෙ ඉඩමෙ වාඩි වෙලා අහස  දිහා බලාගෙන පොඩි කල්පනා පාරක් දානකොට ආවනෙ බොලව් ඉටිකිරිස් වගේ අයිඩියා එකක්.........ඇත්තටම ඒක අයිඩියා එකක් කිවුවට පොඩි එක්ස්පරිමන්ට් එකක්...........

අපි දෙන්නට හිතුනා නොවැ සිගරට් එකක් බීල බලන්න.........

කොහොමද ඉඳල ඉඳල ආපු අයිඩියා එක.....මසුරං නේ.......
පරීක්ශණය තියෙන්නෙ හෙට........

මෙහෙයුමේ පලවෙනි අදියර තමයි සිගරට් කූරක් හොයා ගන්න එක......
ඕක ඉතින් මහ ලොකු දෙයක් නෙමේනෙ.........රෑ  වෙලා කඩේට රිංගලා සිගරට් එකක් ගල් කෙරුව......



ඔන්න ඉතින් නිවාඩු දවසක් වෙච්ච පහුවෙනිදා උදේම නැගිටලා බනිස් ගෙඩියකටත් වග කියල ගියා කස්සලගෙ ගෙදර පැත්තෙ.....
ඌත් ඉන්නව හරියට අමුර්තෙ අරන් එන ශ්‍රකය පිලි ගන්න ඉන්නව වගේ......

මතක විදියට අන්කල් ගෙදර හිටියෙ නෑ....උන්ගෙ අම්ම කුස්සියෙ බිසී වෙලා.....නංගි ඒකිගෙ ලෝකෙ.......

අපි ඉතින් අපේ නොවෙන ගානට සාක්කුවෙ දා ගත්ත සිගරට් එකයි ගිනි පෙට්ටියයි අතින් තද කරගෙන.......හොරෙන්ම ඇදුනා.....මුන්ගෙ වත්ත පල්ලෙහාට.......


මුන්ගෙ වත්ත පල්ලෙහා තියෙනවා සිරා දෙල් ගහක් .........දෙන්නත් එක්ක ඕඅක පිටි පස්සට ගිහිල්ල පත්තු කරා සිගරට් එක.......

මං තමයි වැඩේට ආරම්භය දුන්නෙ.......පොර වගේ කටෙ අ තියල සිගරට් එක පත්තු කර ගත්තට මොකද.....පලවෙනි දුම් පාරටම මාව නිකන් අන්දොස් වෙලා ගියා



නහය පපුව නිකන් පිච්චුනා වගේ..........ඒත් එක්කම ආපු කැස්සත් එක්ක සිගරට් එක  විසි වුනේ ඉබේටම............ඔන්න ඉතින් කස්ස මට බැන බැන ඒක අහුලනවා........


ඌටත් ඒ සෙතේම තමයි........ඌ මටත් වඩා හයියෙන් කහින්න ගත්තා........ඉතින් ඒ වැඩේ එහෙන්ම අත ඇරල දාන්න වුනා නොවැ.....
හැබයි ඉතින් එදායින් පස්සෙ අද වෙනතෙක් මං සිගරට් එකක් කටේ තියල නෑ....හැබයි ඉතින් කස්ස නම් ඉඳල හිටල සෙට් වෙන වෙලාවට එකක් ගහනවා........


ඔන්න ඔය විදියට කාලය හෙමින් හෙමින් ගෙවිල යන අතරෙ තමයි අපේ විභාග ප්‍රථිඵල එනව කියල ආරන්චිය ආවෙ.........විභාගෙ දවසෙ චන්ඩියා වගේ හිටියට මොකද........දැන් තමයි ටිකක් හිතට භය දැනෙන්න ගත්තෙ.............
වෙන මොහොකටවත් නෙවේ යක්කුනෙ......අර ....අරයා.....ඔව් ...ඔව් අරයා........ඔව් බන් මගේ කුලුඳුල් ආදරේ...........මං ෆේල් වෙලා ඒකි පාස් වුනොත් . ඒකි වෙන ඉස්කෝලෙකට යාවි........එතකොට මං...........සොරි තමා......



ඔන්න ඒ පින්බර උදෑසන අපෙ අම්ම යන්න ලෑස්ති වෙනවා රිසල්ට් බලන්න...........
මං නිකන් ග්‍රැමැක්සෝන් ගහපු එක වගෙ සුදුමැලි වෙලා ගෙදරටම වෙලා හිටිය නොවැ...
හැමෝම හිතන්නෙ මන් රිසල්ට් එනවට බයේ කියල........මං බය වුනේ රිසල්ට් වලට නෙමේ......අපිව වෙන් වෙන එකට..........

උඹලට නම් හිනා......එහෙම තමයි යකෝ බාලාංශෙ ආදරේ හැටි.........


අම්මත් ගියා කියමුකො........කඩේ බාර දීල ගියෙ අපේ ලොකු මාමට.....

මාත් ඉතින් පාර අයිනට වෙලා බලන් ඉන්නව.........
මට පේනවා අම්ම එනව......ළඟට එනකොට තමයි දැක්කෙ අම්මගෙ මූණෙ තිබුනු හිනාව..........අදටත් අපෙ අම්මගෙ මුණෙ දකින්න තියෙන්නෙ එදා දැකපු හිනාවමයි කියල මට වෙලාවකට හිතෙන්නෙ.........

අදත් ඒ හිනාව ඇතුලෙ ගොඩාක් දේවල් ලියවිලා තියෙනව.........

නොකා නොබී උස් මහත් කරල නොවිඳිනා දුක් විඳල රටට වැඩදායි ඉංජිනේරුවන් පුතුන් තුන් දෙනෙක් සහ සැලකිය යුතු රජයේ රැකියාවක් කරන දියණියක් බිහි කරපු අම්ම කෙනෙක්ගෙ මූණෙ තියෙන හිනාව............

එදත් අපෙ අම්ම ආවෙ පුදුම ආඩම්බරයකින්..........
" අපේ එකා උඩින්ම පාස්.......ළකුණු 163 යි........"

අපෙ අම්ම මාමට කියනව ....හීනෙන් වගේ ඇහුනා...........

යකෝ මේක වෙන්න පුලුවන් දෙයක්ද..........පැය භාගෙන් විභාගෙ ලිවුව මම......


ඔන්න ඉතින් උණු කැවුම් වගේ ආරංචිය ගියා වටේටම...........මං ෆේල් වෙයි කියල බලන් හිටපු අහළ පහළ එවුන් කඩේට ඇවිල්ලා අපෙ අම්මගෙ හොඳ කියනවා...."බලන්න තාත්තත් නැතුව ළමයි හදන අපූරුව......කෙල්ලත් හොඳට පාස්...කොල්ලත් ඊට දෙවෙනි නෑ......" ඔන්න ඔය වගේ කතා සතියක් දෙකක් යනකන් අපේ කඩේ පැත්තෙ ඇහෙන්න ගත්තා........

මේ මිනිස්සු ඇත්තටම මේ කතා කිවුවෙ ඇත්තට නෙමේ....මූණට එහෙම කිව්වට අපේ අහළ පහළ හිටියෙ මහ ඉරිසියාකර මිනිස්සු ටිකක්......දැනටත් එහෙමයි......


මොකද අපේ ගෙදර වටේ හිටපු එවුන්ගෙන් හොඳට ඉගෙන ගත්තෙ අපේ ගෙදර ළමයි ටිකයි තවත් එක ගෙදරක් හිටපු අයියල  දෙන්නෙකුයි විතරයි.........පුදුමෙ කියන්නෙ ඒ ගෙදර එක අයිය කෙනෙකුයි මමයි දැන් මේ ඔටුවන්ගෙ රටට වෙලා කරන්නෙත් එකම රස්සාව..........

අපේ අසල්වැසියො අපිත් එක්ක ඉරිසියා වෙන්න පලවෙනි හේතුව අපේ ඉගෙනීම වගේම හැදියාව.....(මොන කුපාඩි වැඩේ කරත් ගමේ එවුන්ට මට්ටු නෑ......හිහ්..හිහ්..)



ඒ ගෙවල් වල කොච්චර සල්ලි තිබ්බත් මිනිස්සු වැඩට යවල ගෑනු ටික ගෙදරට වෙලා ළමයි බලා ගත්තත් උන්ට බැරි වුනා උන්ගෙ ළමයින්ට හරියට උගන්වන්න......
ඉතින් දෙයියනේ අපෙ අහිංසක අම්ම ඒකට පලිද??? 

අපේ ඉතින් නෑදෑයො කියල වෙනසක් නෑ.....ඔය සෙතේම තමයි.............

දැන් ඉතින් ඔක්කොටම හරි සතුටුයි......ඒත් කොල්ලට කිසිම පිට් එකක් නෑ ....
මොකද තාම දන්නෙ නෑනෙ...කෙල්ල පාස්ද කියල..........


මොකෝ ඉතින් දැන් වගේ එස්.එම්.එස් . එකක් යවන්නද.....බෑනෙ.......

ඔන්න ඔය අතරෙ අපෙ තාත්තත් නිවාඩුවට ගෙදර එනව කියල කිව්වනෙ......
ඔන්න එතකොට නම් කොල්ලට හැපී...........

උඹලට මං කියල තියෙනවනෙ අපි පුංචි කාලෙ ඉඳල අපේ තාත්තා රට කියල......
මට තාම මතකයි දවසක් තාත්තා රට ඉඳල ආපු විදිය.......කතාව පොඩ්ඩක් පැත්තකට ගියත් ඒකත් ලාවට කියල දාන්නම්......


එතකොට මට වයස අවුරුදු 3-4 විතර ඇති........තාත්තගෙ රූපකාය මට එච්චර මීටරෙ තිබුනෙ නෑ.........එතකොට තාත්තා හිටියෙ කුවේට් කියන අරාබි රටේ.......

කඩේ ඇතුලෙම තමයි බුදු පහන තියන්න ලෑස්ති කරල තිබ්බෙ......එදත් සුපුරුදු පරිදි අම්ම බුදුන් වඳිනවා.....හවස 6 ට විතර ඇති.......මාත් අම්ම ගාව දැවටි දැවටි ඉන්නකොට තමයි කාර් එකක් ඇවිල්ල කඩේ ඉස්සරහ නැවැත්තුවෙ........


මට අද වගේ මතකයි මන් අම්මට මෙහෙම කිව්ව.........
" අම්මෙ අන්න කවුද එනව........."
ඒ පැත්ත බලපු අම්ම මොහොතකට ගල් වුනා .........." පුතේ තාත්තා එනවා...."

එදා තමයි මට තාත්තගෙ රූපකාය මගේ හිතේ හරියටම ඇඳුනෙ.........

තාත්තා ඒ රටේ හිටපු සමාගමෙන් පැනලා වෙන තැනක රස්සාවට ගිහිල්ල.....වෙන මුකුත් නිසා නෙවී...


පඩි වැඩියෙන් දෙනව කිවුව නිසා....ඒත් එහෙම යන එක නීතියෙන් වලංගු නැති නිසා තාත්තව පොලීසියෙන් අල්ලලා පිටුවහල් කරල..........
එයා ඒ දේවල් ඔක්කොම කරෙ අපි වෙනුවෙන්........අම්මට දුක හිතෙයි කියල තමයි නොකියම ඇවිල්ල තියෙන්නෙ.......



සතියක් දෙකක් ගෙවිල ගියා කියමුකො...කොල්ල තාම අප්සෙට්......ඇයි බං විභාගෙ දවසෙන් පස්සෙ තාම කෙල්ලව දැක්කෙ නෑ.......කෙල්ල පාස්ද දන්නෙ නෑ........
ඔන්න ටිකක් හරි හරි ගියෙ තාත්තා ආවම......විභාගෙ පාස් නිසා බබාට තාත්තා බයිසිකලයක් ගෙනැල්ල...තෑගි විදියට.......
කොල්ල ඉතින් අල්ලනව බොරු......ගෙදර එහා පැත්තෙ තිබුනු පුන්චි පාර දිගේ ඕක පදින එකමයි වැඩේ.....

ඒ අතරතුර පොඩි පොඩි සිද්ධිමාලා තිබුනත් ඒව ලියන්න ගියොත් මට මගේ ජීවිත කතාව ලියන්න ජීවිත කාලෙම මදි වෙනවා.......



ඔන්න ධර්මාශෝකෙට ගන්න අවම ලකුණු ගාන ප්‍රසිද්ධ කරල පත්තරේ............හරියටම ලකුණු ගාන මතක නැතත් බබත් වැඩේ ගොඩ දා ගෙන..........ඒ දවස් වල තාත්තත් ගෙදර.........

කොල්ලත් හැපී වුනාට විනාඩියෙන් ආයෙ අප්සෙට් මූඩ්.......හරි හරි උඹල දන්නවනෙ කාරණේ.........
එහෙම තමයි යකෝ සත්‍යය ප්‍රේමය..........(දැන් මේක කියවන බබී කියනව ඇති...අනෙ මගෙ කට..........කියල.....හිහ්....හිහ්...)



ඔන්න අපිව ධර්මශෝකෙට ගන්න දවසත් ආවා........ඊට කලින් ඔය ලියුම් ඇවිල්ල...අරව මේව වුනා....ඔෆීසියල් දේවල්.....ඒව මන් දන්නෙ නෑ හරිද????

ඔන්න අලුත් සූට් ඇඳලා පුංචි මල් වගේ....(පිපෙන මල් හොඳේ....පත්තු කරන ඒව නෙමේ.........)

දහසක් මල් මැද එකම මලයි පැතුවේ කියාගෙන මිදුලෙ ඉන්න පුංචි පුංචි කෑලි අතරෙ මං මගේ කෙල්ලව හොයන්න ගත්තා......


*********************************************************************************

හ්ම්ම් අදට ඇති වගේ........
ඔය කෙල්ල නිසා මගේ චරිතේ ඝාතනය කරගත්ත හැටි සහ මගේ අභිනිශ්ක්‍රමණය ගැන ඊළඟ කොටසින් බලාපොරොත්තු වන්න...........






2 comments:

  1. මදෑ..... //පිපෙන මල්.//.. හික් හික්....

    මට මැවිලා පේනවා තොත්ත බබී මේවා කියවලා හොඳ වැඩේ කියලා හිනාවෙන හැටි.. හි හි

    ReplyDelete
    Replies
    1. හිනාවෙලා හිටියොත් ඇති...............හැමදම උයල දෙන බත් එකත් නැති වෙයිද දන්නෙ නෑ..............හිහ්...හිහ්........

      Delete