Saturday, January 12, 2013

ජීවිත කතාව 07


ජීවිත කතාව 07

ජීවිත කතාව 06 මෙතනින් බලන්න...

ඔන්න කට්ටිය මට සද්දෙ දාන්න අරගෙන.......කතාව ටිකයි ලිවුවෙ කියල.....අනේ දෙයියනේ ඒක තමයි මං අන්තිමට කිවුවෙ......මේක ලිවුවෙත් බොහොම අමාරුවෙන් කියලා.........
ඒ අස්සෙ අර කෙළි පොඩ්ඩත් කියනවා...කිසි අප්සෙට් එකක් නෑ කියලා......ඔක්කොට හපන් තොත්ත බබී...ඒක දැකපු වෙලේ ඉඳල මගේ කණ මිරිකන එකමයි වැඩේ........

ආදරය ගැන තොත්ත බබාට ඕනවටත් වඩා අත්දැකීම් තියෙනවා.......
ආදරයම නිසා තොත්ත බබා තරම් පිස්සෙක් වුනු කෙනෙක් තවත් නැතුව ඇති......(ඇඬෙනවා තනි ඇහට හොඳේ........)
ආදරය නිසා පිස්සෙක් වෙච්ච බබා ආදරය නිසාම ආයෙත් මනුස්සයෙක් වුනා......ඒ ආදරයට නම් මම හැමදාම ණය ගැතියි........මාව මනුස්සයෙක් කරපු ආදරයම මාව පිස්සෙක් කරන්න හදනකොට තමයි මාව බබීගෙ ආදර  කුණාටුවට අහු වෙන්නෙ.....අම්මට සිරි ඒක නම් කියල වැඩක් නෑ........පුදුම ආදර කුණාටුවක්.....මාව උස්සලා මිරිකලා අඹරවනවා.......අම්මෝ පුදුම ආදරයක්......දැන් නම් බයත් එක්ක ඒ ආදරේ නැති වුනොත් මං මැරිලා යාවි.....
හැබයි ඒ  දේවල් කොහොම වුනත් දැනට ලෝකෙ වැඩියෙන්ම ආදරේ විඳින්නෙත් මේ තොත්ත බබාම තමයි....




බබීට පිං සිද්ද වෙන්න...හිහ්...හිහ්.....(අද නම් මොනව හරි හම්බවෙයි....)

ආයෙත් වටේ යන්න ගත්තා.........දන්නෙ නැද්ද.....ආදරේ අන්ධයිලුනෙ...හිහ්...හිහ්....පාර පේන්නෙ නැතුව ගියා.......


ඔන්න අර කිවුව වගේ මටයි පොඩි කස්සටයි හැදුනු උණ නම් කාටවත් හොඳ කරන්න බැරි වුනා......

ඔන්න ඉතින් මමයි මගේ අතිජාත මිත්‍රයා වෙච්ච කස්සයි අපේ අලුත්ම ව්‍යාපෘතිය පටන් ගත්තා.......ඒක තමයි රිජිෆෝම් බෝට්ටුවක් හදලා ගඟට දාල පද්දන එක.....



ඕකට අවශ්‍ය කරන මූලිකම දේවල් වුනේ අඟල් තුන්කාලෙ රිජිෆෝම් ශීට් එකයි......කෙම්ෆික්ස් ගම් ටිකයි.......ඕකෙ ගාන්න තින්ත ටිකයි.....අල්පෙනෙති පැකට් එකයි,මෝටරයක් සහ බැටරි කෑලි හතරක්....




අපේ පුන්චි කර්මාන්තශාලාව වුනේ කස්සලගෙ ගෙදර පිටිපස්සෙ ඉස්තෝප්පු කෑල්ල....තව කස්සගෙ සීයගෙ වඩු බංකුව......ඒ කාලෙ සීය ජීවත්ව නොහිටියත් සීය හොඳ ප්‍රසිද්ධ වඩු බාස් කෙනෙක්...අදටත් අපේ පැත්තෙ ඕන කෙනෙක් ගෙන් ඇහුවොත් කියයි...කස්සලගෙ ගෙදරට යන පාර......හැබැයි උගේ නම කියල නෙවේ..සීයගෙ නම කියල ඇහුවොත් .....
ඉතින් දෙන්නත් එක්ක මේ බඩු ටික ගන්න හෙනට කටු කෑව.......
මොනව හරි දේකට හම්බවෙන ශත පණහ රුපියල කැටෙකට දාල එකතු කරනවා...
අවුරුද්දට ගෙවල් ඉඳුල් කරාම රුපියල් පණහක් විතර හම්බ වෙනවා.



ඉතින් ඔය ඔක්කොම දාල අපි වැඩේ පටන් ගන්නවා.....දෙන්නත් එක්ක පයින්ම හාඩ්වෙයාර් එකකට ගිහින් රිජිෆෝම් ශීට් එකයි අනිත් අඩුම කුඩුම ටිකයි ගන්නවා.....ඔය ටික ගෙදරට වෙනකම් අරන් එන එක තමයි ඊළඟ ගේම් එක........රිජිෆෝම් ශීට් එක හරියටම අඩි හතරක් උසයි...අඩි හතරක් පළලයි....අඩි  තුනක් විතර උස අපි දෙන්න අඩි හතරක ශීට් එකත් අල්ලගෙන පාර දිගේ එන හැටි  ගමේ එවුන්ට නම් ෆුල් ආතල් සීන් එකක්...මොකද ශීට් එක හුළඟට අහුවෙලා මැදින් බොක්ක ගහනවා...එතකොට නම් දෙන්න හතර අතේ කැරකි කැරකි හෙන ගේමක් දෙනවා ශීට් එක නොකැඩි තියා ගන්න.

ඉතින් ඒ සීන් එක අපේ පිට්ටනිය ගාව ඉන්න කොල්ලො සෙට් එකට නම් හෙන ජොලි සීන් එකක්.....කොල්ලො කිවුවට ඔය කුඩු ගහන, ගන්ජා ගහන..රස්සාවක් නොකරන අයියල සෙට් එකක් තමයි ඔතන හිටියෙ......හැබැයි ඉතින් පස්සෙ කාලෙක බබා මොන ගේමට එන්ටර් වුනත් සපෝට් එකට උනුත් හිටියා මගෙ පස්සෙන්ම....

ඔන්න ඉතින් වටේ ඉන්න එවුන්ගෙ නෝන්ඩිත් කා ගෙන බඩු ටික ගෙනාව කියමුකො...ඊට පස්සෙ බෝට්ටුවෙ පතුල කපල... දෙපැත්ත කපල .....ගම් දාලා අළවල......ගැළවෙනවට අල්පෙනෙති ගහල වේලෙන්න තියනවා...
ඊට පස්සෙ ඉතින් බැටරි කෑලි ටිකයි මෝටරෙයි හයි කරනවා........මේ ටික බොහොම සිම්පල් විස්තර කරේ.........තාක්ශණේ  පිටට දෙන්න වෙනවට..හිහ්...හිහ්..



ඔය ඔක්කොම කරල බෝට්ටුව හැදුවා කියමුකෝ....හැම අවුරුද්දෙම ඔය ටික ඔය විදියටම  වුනා...මං හිතන්නෙ අවුරුදු තුනක් විතර.......ඒ වුනාට ඒ එක බෝට්ටුවක් වත් වතුරෙ පා කරල හැඩ බලන්න අපිට චාන්ස් එකක් ආවෙ නෑ....මොකද අපේ  දෙමාපියන් අපිට ගඟෙ මූදේ තියා..මූද තියෙන පැත්තටවත් යන්න දුන්නෙ නැති නිසා.....ඒ මිනිස්සුන්ටත් අපිව එක්කන් යන්න වෙලාවක් තිබුනෙ නෑ........
අපි හැමදාම බෝට්ටුව හදලා ලොකු වතුර බේසමක පා කරල සතුටු වුනා.....
ඔන්න ඔහොමයි අපේ බෝට්ටු ව්‍යපෘතිය සාර්ථක වුනේ.......


හැබයි පොඩි සිද්දියක් නිස උණ අඩු වුනා කිවුවොත් හරි...


ඔය කාළෙ තමයි කස්සගෙ තාත්තා ජන්ද වැඩ වලට  ඩියුටි යන්න පටන් ගත්තෙ....දවස් දෙක තුනක් ගෙදරින් පිටතමයි අන්කල් ඉන්නෙ......

කස්සගෙ ගෙදර ගැනත් කියන්නම්කො....

ඒ දවස් වල උන් පදිංචි වෙලා හිටියෙ උන්ගෙ ආචිචිගෙ ගෙදර, ඒ කිවුවෙ තාත්තගෙ මහගෙදර....
අම්මා(ප්‍රාථමික අංශයේ ගුරුවරියක්),නංගි,කස්ස සහ තාත්තා තමයි ඒ පුන්චි පවුලෙ සාමජිකයන්......ආච්චිගෙ ගෙදර හිටියත් මුන් ටික ඔක්කොම හිටියෙ එක කාමරෙක....

ගෙදර තව හිටියා...කස්සගෙ ආච්චියි....කසාද බැඳපු නැති නැන්දා කෙනෙකුයි......
කස්සගෙ බාප්පල දෙන්නෙක් හරි තුන්දෙනෙක් හරි(මට හරියට මතක නෑ).......ආච්චිටයි නැන්දටයි හරි යන සැරම සැර බල්ලෙක්.....ඌ බල්ලෙක් කිවුවට යකෙක් වගේ තමයි....මූට මාව පේන්න බෑ.......බුරා ගෙන පනින්නෙ...කන්න බලා ගෙන.....

ඔව් ඔව් දැන් ඉතින් උඹලා මවා ගනිල්ල බල්ලෙකුටවත් බලන්න බැරි මූණත් තහඩුවක්....අඩෝ එහෙම නෑ හරිද...බබාට තියෙන්නෙ සීදෙවි මූණු පොඩ්ඩක්....සැක නම් බබීගෙන් අහන්න.....



කස්සගෙ අම්මත් එක්ක නැන්දම්මයි නෑනයි එච්චර හිත හොද කමක් තිබුනෙ නෑ...දැන්නම් එහෙම නෑ...ආච්චිනම් මේ ලෝකෙ නෑ දැන්  ...නැන්ද නම් ඔය ඉන්නෙ කිරියි පැණියි වගේ.....

හරි ඔන්න ඔහොමයි කතාවෙ පසුබිම......ඔන්න මුලින් කිවුව වගේ අන්කල්කාරය ජන්ද ඩියුටි........මුන්ගෙ කාමරෙ තිබුනෙ ඇඳන් දෙකයි.....එකක අම්මයි නංගියි...අනිත් එකේ කස්සයි තාත්තයි......


අන්කල් ගෙදර නැති දාට කස්සට තනියම නිදා ගන්න බයයිලු(හොඳ වෙලාවට ඌ මේක කියවන්නෙ නැත්තෙ.....නැත්නම් ඌට මල පනීද?.....ලැජජා හිතෙයිද?....ලැජ්ජ හිතුනත් ඌට මාත් එක්ක නම් මල පනින්නෙ නෑ කියල ෆුල් ෂුවර් එකේ කියන්න පුලුවන්...)
ඉතින් ඌ උගෙ අම්ම හරහා අපෙ අම්මට පොඩි රික්වෙස්ට් එකක් කරා..උගේ තනියට මාව එවන්න කියල....






ඌට මාව එච්චරටම ෆිට්...අදටත් එහෙමයි...මං ලංකාවට ගියාම  ඌ මාව හොයාගෙන එනවා....නැත්නම් මන් ඌව හොයාගෙන යනවා.....එච්චරට බොක්කෙ ෆිට් එකක් අපි දෙන්නට තියෙන්නෙ.

ඔන්න ඔය වගේ තනි රකින්න ගිය දවසක වෙච්ච සිද්දියක් නිසා තමයි අපේ මිකැනිකල් ඉන්ජිනේරු සිහිනය වයස අවුරුදු11 දීම බොඳ වෙලා ගියේ........   








2 comments:

  1. වටේ ගිහින් කතාව බාගෙට නවත්තලා..ඒවා ඔට්ටු නෑ හරිද...

    ඇත්තමයි මං මේ අහන්න හිටියේ.. බ්ලොග් ලියන හැම එකාම ආදරේ දිනලා තියෙන්නේ වයිෆ් හින්දා... මට හිතෙන්නෙම මේ වයිෆ්ව මුරුංගා අත්තේ තියන්න කියනවා කියලා.. හි හි

    ReplyDelete
    Replies
    1. ආහ්....එහෙම වෙලාද....අදත් බැනුම්....කතාව බාගෙට නැවතිලාද ???/

      ඔන්න ඔන්න කොල්ලො ඇත්ත කිවුවත් කෙල්ලො තෙරුම් ගන්න හැටි........
      අනේ මන්දා මේ කෙල්ලොන්ගෙ හැටිමද කොහෙද?

      තොත්ත බබී...මේ හිරු කියන ඒවා ඔයා අහන්න එපා හොඳේ...........
      මේ හිරු ඇවිල්ල බත් පතත් නැති කරන්න හදන්නෙ.....

      Delete