Tuesday, November 13, 2012

පටන් ගැන්ම................


නමෝ විත්තියෙන් මගේම කියල බ්ලොග් එකක් පටන් ගත්තා........

මුලින්ම මේක බලන්න ආපු උඹල ඔක්කොටම බොහොම ස්තුතියි.....

ඔෆීසියෙ ලොක්ක එක්ක මල පැනල ඉන්න වෙලාවක නිකම්ම හිතට ආපු අදහසක් ක්‍රියාත්මක කරා .............

මුලින්ම මන් ගැන කියල ඉන්නම්.......
දකුණු පළාතෙ අම්බලන්ගොඩ කියන ලස්සන  ගමේ තමයි මන් ඉපදුනේ.....අද වෙනකන් හැදුනෙ වැඩුනෙ........
ඒ ගමේ තිබුනු හොදම පාසල් දෙකකින් තමයි මන් ඉගෙන ගත්තෙ.......
කෙලින්න ඕන පිස්සු ඔක්කොම කෙලලා අද මන් වත් හිතුවෙ නැති තරම් උසස් රක්ෂාවක් කරගෙන මනුස්සයෙක් වගේ ජීවත් වෙනවා.........

හැබැයි අවාසනාවකට මන් ඉන්නෙ මගේ රටෙන් ගොඩාක් ඈත.......

මගේ ජීවිත කතාව කොහේ හරි ලියල තියන්න ඕනෙ කියල මට අනන්තවත් හිතුනා......

ඒ කතාව දුක් , සතුට, විරහව, කදුල, හිනාව වගේ ඔක්කොම දේවල් දාලා හදපු රසම රස සුප් එකක් කියලයි මට නම් හිතෙන්නෙ.........

මේක කියවන කොට සමහර විට උඹලත් ඒ රසේම දැනෙන්න ඉඩ තියෙනවා...

මන් මගේ කතාව පටන් ගන්නෙ මට යන්තම මතක ඇති කලෙක ඉදල......
ඇත්තටම මට මගේ මොන්ටිසෝරි ජීවිතෙ නම් මතක නෑ.........
ඒත් ඒ කාලෙ හරි ලස්සන ඇති කියල පරන ෆොටෝ දැක්කම නම් හිතෙනවා...

මන් ඒ කාලෙ හරි අහින්සක කොල්ලෙක් කියල තමයි අදටත් මොන්ටිසෝරියෙ ආන්ටි කියන්නෙ.........අදටත් ඒ ආන්ටි ඒ ආයතනය හරි ලස්සනට කරගෙන යනවා.....මගෙ අක්කගෙ පුන්චි දෝනි අරගෙන සමහර දාට මන් එතනට යනවා...පුදුමෙ කියන්නෙ ඒ මනුස්සයට අදටත් මගෙ නම හොදට මතකයි.

අපි එහෙනම් පටන් ගමු.
ඇත්තටම ඉස්කෝලෙ දෙකේ පන්තියට වෙනකන් කාල පරාසය නම් මට මතක නෑ...

අපේ පවුල ඒ තරම් වත් පොහොසත් කමක් තිබුනු පවුලක් නෙමේ.........
ඒත් එහෙම කියල අපිට දැනිච්ච අඩු පාඩුවකුත් නෑ.......

මට මතක ඇති කාලෙක ඉදල මගේ තාත්තා හිටියෙ පිට රට

අපේ අසල්වැසියො සහ නෑ පිරිවර කියන විදියට අපේ තාත්තා ඒ කාලෙ හිටිය හොද සල්ලිකාරයෙක්ලු, අපේ ටවුමෙ මුලින්ම ග්‍රොසරි එකක් දැම්මෙත් අපේ තාත්තාලු,
එතකොට ඉදල තියෙන්නෙ මමයි අක්කයි විතරයි.

අපේ අනාගතය ගැන හිතලා එයා ටවුමෙන් ටිකක් ඈත්ට වෙන්න තිබුනු අපේ ගේ විකුනලා ඉස්කෝලෙට ටවුමට ලගම තියෙන ඉඩමක් අරගෙන අපි දැන් පදින්චි ගේ හදලා....

ඒත් හැමෝම කියන්නෙ තාත්තට හරි ගියේ ඒ ගේ නිසාලු......
මමත් ඒ කතාව විශ්වාස කරන්වා...මොක්ද ඒ ගේ ගත්ත මනුස්සයා අද වෙනකොට කෝටිපතියෙක්.........

ටවුමෙ ගේ හදන්න ගිහින් තාත්තා හොදටම ණය වුනා.......ඒ වෙනකොටත් තාත්තාට වැඩි වයසක් නෑ.......අන්න ඒ නිසාම තමන්ගෙ වටේ හිටපු හැම මිනිහම විශ්වාස කරපු අපේ තාත්තා මිනිහෙක් වැටෙන්න පුලුවන් අන්ත අසරණ තත්වයටම වැටුනා.

එතකොට අපේ පවුලට තව දෙන්නෙක් එකතු වෙලා....

ඒ වෙනකොට තාත්තා කර ගෙන ගිය ටවුමෙ කඩෙත් වහන්න වුනා...ඒ බිල්ඩිම අයිති කෙනා (අපේ පවුලෙම එකෙක්)බිල්ඩිම ඉල්ලුවා.........
ගහෙන් වැටුනු මිනිහට ගොනා ඇන්න වගේ .......

අන්තිමට තාත්තා බාගෙට හදපු ගෙදරම පොඩි කඩයක් දා ගත්තා....ඒත් එකෙන් එන අදායමෙන් අපිට කන්න දෙන්නයි ණය ගෙවන්නයි එයාට බැරි වුනා.....
උඹලට හිතා ගන්න පුලුවන්ද දරුවො හතර දෙනෙකුයි ගෑනියෙකුයි එක්ක වටේටම ණය වෙච්ච් මිනිහෙකෙගෙ තත්වෙ........

හැම නෑයෙක්ම අපිව දැක්කත් අහක බලන් යන තත්වයක් තමයි තිබුනෙ,

ඒත් අපෙ අම්මගෙ අම්ම, අපෙ අම්මගෙ සහෝදරයො අපිව තනි කරෙ නෑ......
මෙන්න මේ වගෙ වෙලාවකදි තමයි අපේ තාත්තා තීරණය කරේ ටික කාලයකට හරි අපිව දාලා පිට රටක රස්සාවට යන්න.....

අයෙත් වතාවක් දන්න කියන කට්ටියගෙන් කීය කීය හරි ඉල්ලගෙන අපේ තාත්තා රට ගියා......
ඒ වෙද්දි මට අවුරුදු  පහක් හෝ හයක් වෙන්න ඇති.

අන්න එදා ඉදලා අපෙ අම්ම අපි හතර දෙනාවත් බලාගෙන අපිට තිබුනු එකම ආදයම් මාර්ගය  වෙච්ච කඩෙත් කර ගෙන තරුණ ගෑනියෙකුට දරන්න බැරි තරම් දුක් දරන්න පටන් ගත්තෙ...... 

මතු සම්බන්දයි.............














5 comments:

  1. නමෝ විත්තියෙන් අරඹපු බ්ලොග් එකට ඔන්න නමෝ විත්තියෙන්ම සුබ පැතුම්.

    ReplyDelete
  2. කතා දෙකම කියෙව්වා...

    අත්දැකීම් රත්තරං වගේ... කියවන්න පුළුවන් විදියට ලියන්න ඇහැකි වීම එයිටත් වටී...

    වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න..කමෙන්ට් කරන්න අපහසුයි...

    සෙටින්ග්ස්/පෝස්ට් ඇන්ඩ් කමෙන්ට්ස්/ෂෝ වර්ඩ් වෙරි‍ෆිකේෂන් කියන තැන No කියලා දීලා සේව් කරන්න...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචන්........තාම මම අලුත් නිසා අඩුපාඩු ඇති.....ඒවා පෙන්නලා දීපන්....හිස නමලා පිළි අරගෙන ඒවා හදා ගන්නම්.........

      Delete
  3. තමන්ගෙම කතාව ආවර්ජනය කරන එකත් අපූරු අත්දැකීමක්. හුඟක් දේවල් ඉගෙන ගන්නත්, තමන්වම වඩා හොඳින් අවබෝධ කරගන්නත්, තරහ හිතාගෙන හිටි අයට සමාව දෙන්නත් හැකියාව ඇති වෙනවා.
    අලුත් බ්ලොග් එකට සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි නලිනි ඇන්ටි(තරහ වෙන්න එපා මන් තාම තොත්ත බබානෙ, ඒකයි ඇන්ටි කිවුවෙ )

      Delete