Wednesday, November 28, 2012

ජීවිත කතාව -02 කොටස


අපිව නාවලා කවලා පොවලා ලෑස්ති කරලා ඉස්කෝලෙ යවනව කියන එක ලේසි වැඩක් නෙවේ......අක්කා මට වඩා අවු.02 වැඩිමල්,පොඩි මල්ලි මට වඩා අවු.02 බාලයි,චුටි මල්ලි පොඩීට වඩා අවු.02 බාලයි..........එකත් බලන් යද්දි නියමම ගැලපීමක්.......

ඉතින් අපි 04 දෙනාව ඉස්කෝලෙ යවන ගමන් අම්මා කඩෙත් අරින්න ඕනේ පාන්දරම, ඇයි කඩේට බේකරියෙන් පාන් එන්නෙ උදේ 4 විතර.......

උදේට ඉතින් පුන්චි යුද්දයක් වගේ තමා..........කඩේට එන මිනිස්සුන්ට බඩු දෙන ගමන් තමයි අම්ම අපිව ලෑස්ති කරන්නෙ.

මමයි අක්කයි මුලින්ම ගියේ ගෙදරින් ටිකක් දුරින් තිබුනු කුලරත්න විදුහලට........ගේ ගාවම තිබුනු ධර්මාශෝකයේ ප්‍රාථමික පන්ති තිබුනෙ නෑ ඒ දවස් වල.....
ගෙවා ගන්න පුලුවන් කමක් නැති වුනත් මාවයි අක්කවයි ස්කූල් වෑන් එකකට බාර දුන්නෙ අපි දෙන්නගෙ ආරක්ශාව ගැන හිතලමයි.
අක්කා පහේ විභාගෙ මහා ඉහලින් පාස් වෙලා ධර්මාශෝකයට ගියා....


ඉතින් ඊට පස්සෙ මන් තනියම ඉස්කෝලෙ යන්න පුරුදු වුනා,එහෙම ටික දවසක් යද්දි තමයි අදටත් මගේ හොදම යාලුවෙක් වෙලා ඉන්න කේශාන් මගේ මිතුරෙක් වෙන්නෙ.
එතකොට අපි 4 වසරට ආවා විතරයි,
උදේට  මාව ඉස්කෝලෙ අරන් යන්න අපේ ගෙදර ගාව හිටපු මිස් කෙනෙක් බාර ගත්තා.....ඒ මිස්ගෙ පුතත් අපේ ඉස්කෝලෙටම තමා ගියේ, ඒත් මට වඩා අවුරුද්දක් වැඩිමල්.........

ඉතින් හැම දාම උදේට මන් මිස් එක්ක ඉස්කෝලෙ යනවා, ඒත් හැන්දෑවට ගෙදර එන්නෙ යාලුව එක්ක.......
ඉස්කෝලෙ වෙලාවට අහින්සකව හිටියට ගෙදර එන්න පාරට බැස්සම ඒ අහින්සක කම් මොනවත් නෑ.



ඒ කාලෙ මොන තරම් සුන්දරද......අපේ ඉස්කෝලෙට යන්න තිබුනෙ මහා වෙල් යායක් මැද්දෙන් වැටුනු පාරක් දිගේ........
වැස්ස කාලෙට ඉන ගාවට වතුර පිරෙනවා සමහරදාට



2 comments:

  1. නියමෙට තියෙන්න ඇති නේද වැස්ස කාලෙට. අනේ ස්කෝලේ යන්න බෑ කියලා අඬන්න ඇති නේ........ද.....?

    ReplyDelete
  2. වැස්ස කාලෙට ඉස්කෝලෙ යන එක තමා ජොලිම වැඩේ...

    ReplyDelete