Tuesday, January 22, 2013

ජීවිත කතාව 08


කලකට පස්සේ බ්ලොගයට බැස්සේ......කියාගෙන ඔන්න ආවා ජීවිතේ තවත් රස මුසු තැන් ටිකක් අරගෙන........

හැමදාම මේ පැත්තට එන්න ඕනෙ කියල හිතුවට....මේ දවස් වල තියෙන වැඩ කන්දරාවත් එක්ක පොඩ්ඩක් අමාරු වුනා........

ඔක්කොම ඉතින් ඔෆීසියේ ඉන්න කන් විතරනෙ.....ගෙදර ගියාම කොල්ල ෆුල් නිදහස්.......කොම්පීතරයක් අතින් වත් අල්ලන්නෙ නෑ......මොකද ගෙදර වැඩ කොටස ඔක්කොම තියෙන්නෙ බබීගෙ අතේ....කොල්ල ෆුල් රිලැක්ස් එකේ...දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්න එක තමයි කරන්නෙ....
හරි හරි ආටක නාටක ඕනෙ නෑනෙ......මෙන්න බබාගෙ කතාව....

---------------------------------------------------------------------------------
ජීවිත කතාව 07 බලන්න මෙතනින් යන්න...

ඔන්න ඉතින් මාත් පුරුදු පරිදි මගේ අතිජාත මිත්තරයගෙ තනි රකින්න කියල රෑ ජාමෙ ඒ පැත්තට ගෑටුවා කියමුකො,
අපේ ගෙදර ඉදලා පොඩ්ඩ දුරක් නිසා අම්මට එච්චර බයක් නෑ, මම තනියම ගියාට....

කිසිම කරදරයක් නැතිව...කට කපල නිදාගෙන උදේ නැගිට්ටම තමයි දන්නෙ කස්සගෙ අම්ම කොහේදෝ ගමනක් යන්න ලෑස්ති වෙනවා කියල........ඉතින් එදා දවස අපිට නිවාඩු දවසක්....මමත් දඩි බිඩි ගාල ගෙදර ගිහින් රෙඩි වෙලා ආයෙත් පාත් වුනා කස්සගෙ වාස භවනට.....ඇයි දෙය්යනේ උන්ගෙ අම්මත් ගෙදර නෑ..තාත්තත් ගෙදර නෑ..........

ඉතින් ඒ වගේ වෙලාවට ඌව තනි කරන්න පුලුවන්ද......උගෙ තනියට ගෙදර හිටියෙ උගෙ නංගි විතරයි.........ඌට ඉතින් ඒ ආස්සරෙ එච්චර දිරෙව්වෙ නෑ.......නංගිත් ඌ ගාවට වැඩිය කිට්ටු කරන්නෙ නෑ.....කිට්ටු කරොත් වලියක් තමයි..........
ඔන්න ඉතින් අපි දෙන්න සෙට් වුනාට කරන්න කිසිම දෙයක් තිබුනෙ නෑ..........මොනව කරන්නද කියල හිත හිත ඉන්නකොට තමයි අපේ නියම භාණ්ඩයක් අපේ ඇහැට වැටුනෙ...........පරණ වෑර්ලස් එකක්.....





කස්සගෙ සීයා මේ ලෝකෙ පදිංචිය අත ඇරලා වෙන ලෝකෙකට යනකොට සීයගෙ වටින කියන බඩු මුකුත් අරන් ගිහින් නෑ......ඉතින් ඒ බඩු ඔක්කොම දරුවො ටික පරිස්සමට අරන් තියල.......ඔය වෑර්ලස් එක, එතකොට සීයගෙ වඩු ආයුද ටික තිබුනෙ කස්සගෙ තාත්තා ගාව........

ඔන්න ඉතින් අපි ඩබලට මහ කුපාඩි අදහසක් පහල වුනා......ඔය වැර්ලස් එක ඇතුලෙ මොන වගේද කියල පොඩ්ඩක් හොයල බලන්න...........කුපාඩි කිව්වට කුපාඩිම නෙමේ නේද........

බබාල දෙන්නෙකුට ඇති වෙච්ච කුතුහලයක් කිව්වොත් හරියටම හරි..........

ත්‍රී ඉඩියට් එකට කලින් ආපු ෆිල්ම් එක ටූ ඉඩියට්(බලලා නැත්නම් හිතින් මවාගෙන කියවපල්ල....)එකේ ප්‍රධාන චරිත දෙක වෙච්ච අපි දෙන්න......ඒකෙ දුෂ්ඨයගෙ චරිතෙ රඟ පෑව කස්සගෙ නංගිව කාමරෙන් පන්න ගෙන "වෑර්ලස් මෙහෙයුම" කියන අති සුන්දර ජවනිකාව පටන් ගත්ත.......

හිහ්...හිහ්.......අන්කල් කාරයගෙ මේස ලාච්චු ටික ඇදල දාල...අවශ්‍ය කරන අඬු බඬු ටිකත් හොයාගෙන පටන් ගත්ත වෑර්ලස් එක මස් කරන්න.....

බොහෝම සීරු මාරුවට ඇණ ටික ගලවල භාණ්ඩෙ දෙපලු කරා......බලන්න එපායැ ඒකෙ ඇතුලෙ ලස්සන............මොකට කියනවද.......අපිට ගන්න කියල කිසිම දෙයක් නෑ..........හිතා ගන්න බැරි විදියට එහෙට මෙහෙට දාපු වයර් ගොඩක් විතරයි.........මේ මොන මඟුලක්ද කියල අපිටම කියා ගත්ත අපි වැර්ලස් එක තිබුනු විදියට හයි කරලා තිබ්බ විදියටම ඒක අල්මාරිය උඩ තිබ්බා.......

ඔන්න ඉතින් පැයකට විතර පස්සෙ කස්සගෙ අම්මත් ආවා.......උන්ගෙ අම්ම දවල්ට හදපු කෑම ටිකත් ගිල දාල හවස කාටූන් ටිකත් බලල.......මමත් ගෙදර පැත්තට ගියා.....


අද ඉදන් කස්සගෙ තනි රකින්නත් නැති නිසා ආයෙ ඒ පැත්තට යන්න ඕන කමකුත් නෑ..මොකද අන්කල් අද හවස ගෙදර එනව........මාත් ඉතින් හවස් වෙනකොට ඇඟ පත හෝදගෙන ක්ලීන් සූට් දාල අපේ කඩේ ඉස්සරහට වෙලා පාරෙ යන කෙල්ලොන්ට ලයින් පාරක් දාගෙන හිටියා කියමුකො...........

ටික ටික කලුවරත් වුනා.....මන් හිතන්නෙ රෑ 7.30 ට විතර ඇති......මෙන්න බොලේ කස්සගෙ නංගි අඬ අඬා අපේ ගේ පැත්තට එනවා...........මොකද්ද යකෝ මේ චක්කරේ...........මමත් ෆුල් අන්දොස්....ඇයි ඉතින් කවදාවත් නංගි තනියම එන්නෙ නෑ...අනිත් එක මේ වෙලාවෙ............

මාත් ඉතින් මොනාද කාපු මොකාද එක වගෙ නංගි දිහා බලා ගෙන හිටියා.....අපෙ අම්ම ඔක්කොටම වඩා බය වෙලා........

අඬ අඬ ආපු නංගි මෙන්න මෙහෙම කියාපි..........
"බබා අයියෙ අන්න ඔයාට අපෙ තාත්තා එන්න කිවුවා......."

මාත් දෙපාරක් හිතුවෙ නෑ....පැනපු ගමන් හා කියල ඒ පැත්තට යන්න පටන් ගත්තා........මොක්ද වෙනදත් අන්කල් කොහේ හරි දුරක ගිහින් එනකොට චයිනීස් කෑම පාර්සල් අරන් එනවා...අරන් එන්නෙ අපිටත් එක්ක.....ඉතින් මාත් හිතුවා අම්මට සිරි අදත් චයිනීස් කියල.....

අපෙ අම්මට තේරුනත් මොකක් හරි අවුලක් කියල ...අම්මට මන් පස්සෙ එන්න තරම් සිහියක් තිබුනෙ නෑ....කඩේ සෙනග හිටපු නිසා...අනිත් එක මන් යන්නෙ කස්සගෙ ගෙදර නිසා ගානක් නෑ.....
මාත් ඉතින් චයිනීස් කන්න තොල කට ලෙව කකා ගියා කියමුකො....

නයි කයිද රෝස් පාන් කිව්වලු.....
කස්ස පැත්තකට වෙලා අඬනව....උන්ගෙ අම්ම තවත් පැත්තකට වෙලා අඬනව.......නංගි තවත් පැත්තක
මහා ඇඬීමේ තරඟයක් වගේ..........
අම්මට සිරි දැනුයි දැක්කෙ......අන්කල් කාරය ඉන්නව කොස්සක් අරගෙන මරුව මූඩ් එකෙ....
චයිනීස් නෙමේ අද නම් ගෙදරින් හම්බ වෙන බත් පතත් නැති වෙන සයිස් එකක් වගේ.....

අන්කල් දිහා බලන්න බෑ......එකසිය ගානට මල පැනපු මූඩ් එකක් තමයි තිබුනෙ......

මමත් නෝ කතා නෝ සිනා..........ජීවන බර මෙතනම නිදහස් වෙයි වගේ........

"අනේ ළමයො ඔය ළමයවත් ඇත්ත කියන්න.........කවුද සීයගෙ පරණ රේඩියෝ එක ඇල්ලුවෙ......"

කස්සගෙ අම්ම මගෙන් අහපි.......


කිරි අප්පට ඩෝග් ජම්පින් කිව්වලු......මේ මොන හෙණයක්ද කඩන් පාත් වෙන්න හදන්නෙ..........
කොහොමද යකෝ ලොක්ක අපේ චිත්‍රපටිය ගැන දැන ගත්තෙ...........
දැන ගත්තත් මගෙන් අහන්නෙ මොකටද........ඔය ඉන්නෙ පුතණ්ඩියා...අහගන්න තිබුණනෙ උගෙන්ම...........අනිත් එක අපි ඕක ටිකක් අත පත ගෑව කියල ඕක ගෙවෙනවයි.........

ඔන්න ඔය වගේ දාහක් ප්‍රශ්න මගෙ ඔලුව ඇතුලෙ බඩ පිනුම් ගැහුවත් මන් ඕවා අහන්න ගියේ නෑ ......මොකද බබෙක් වුනත් මගෙ මීටරෙ හොඳ නිසා මට තේරුනා ඒ වගේ හොඳ ප්‍රශ්නයක් ඇහුවොත් මුන් ඔක්කොම කාල තියෙන කොහු මිටෙන් මටත් කන්න වෙන විත්තිය.....


මෙන්න මේ වගෙ වෙලාවට ආපු නුවණ ගැන ඇතිවුනා වූ අප්‍රමාණ චිත්‍රප්‍රීතිය නිසාම මටත් කලින් මගෙ කට ඉස්සර වුනානෙ...........

"ආ.....අන්කල් මමයි කසුනුයි තමයි ඕක ගලවල බැලුවෙ"
මාත් ඉතින් වීරය වගේ කියල දැම්ම........

මන් හිතුවෙ අන්කල් මටයි කස්සටයි ඒ වෙලාවෙම ස්තුති කරල මිකැනිකල් ඉන්ජිනේරු ඩිග්‍රිය දේවි කියල.........
ඒ වුනාට මන් ඒක කිව්ව විතරයි කස්සගෙ මූණ ඇඹරිලා ගිය විදියෙන් මට තෙරුනා වෙනද නානවටත් වඩා හොදට අද නා ගත්ත කියල........


මගේ කටින් ඒ උත්කෘෂ්ට වචන ටික පිට වෙනවත් එක්කම අලංකාර කොහු මිට පහරක් කස්සගෙ පිට පැත්තට ගියා වගේ මතකයි........හැබැයි ඉතින් අන්කල්ගෙ හොඳේ කියන්නෙ මට අතක්වත් තිබ්බෙ නෑ..........
අන්න ඒකයි මන් ඒ මනුස්සයට අදටත් ගරු කරන්නෙ....හිහ්...හිහ්....

"කියනවා බලන්න කොහේ ඉඳන්ද මේක ගැලෙව්වෙ"
මෙච්චර වෙලා කිසිම කතා බහක් නැතිව හතර වටේට කොහු මිට වන වන හිටපු ලොක්ක මගෙන් අහපි...

ඒක ඇහුවට වඩා හොඳයි මට ගැහුවනම්.....ඇයි යකෝ ඒක අහපු සද්දෙට මට සුලු දිය පහ වෙන්නත් තිබුණ..


අනේ ඉතින් අම්බානෙකට භය වෙච්ච මම කිසිම වචනයක් පිට කර ගන්න විදියක් නැතිව අත දික් කරල උන්ගෙ කාමරෙ පෙන්නුවා.........
 අන්කල් මාවත් ඇද ගෙන රින්ගුවෙ නැද්ද කාමරෙට..........
ඔන්න යකෝ දැන්නෙ දැක්කෙ....අපි ලස්සනට තිබුනා වගේ අරන් තියපු වෑර්ලස් එක පලු දෙකක් කරල ඇඳ උඩ............

ඔන්න ඉතින් මටත් මල් පැන්න.....ඇයි බන් අපි අමාරුවෙන් හයි කරලා තිබ්බ භාණ්ඩෙනෙ.............


"කෝ කොහේ ඉඳන්ද ......." මෙන්න ලොක්ක ආයෙ සද්දෙ දානව.......

මාත් ඉතින් කස්සගෙ ඇඳේ බිත්තියට හේත්තු වෙච්ච ලයින් එක අන්කල්ට පෙන්නුව..........පැත්ත ගියත් ඇත්ත කියන එක හොඳ පුරුද්දක්නෙ.......

මෙන්න බොලේ අන්කල් එක පාරටම ඇඳ යටට රිංගුවා...........

දැන් මට වගේම උඹලටත් ෆුල් අන්දොස් ඇති නේද........

මෙන්න මේකනෙ වෙලා තියෙන්නෙ.......


අන්කල් හැමදාම වැඩ ඇරිලා ඇවිල්ල හීනියට සිංදුවක් අහනවලු.......අලුත් රේඩියෝ කෑල්ලක් ගෙදර තිබුනත් සිංදු අහන්න අන්කල් කැමති පරණ වෑර්ලස් එකෙන්ලු......

කවුද බන් ඔච්චර හරියක් දන්නෙ.....

ඉතින් වෙනද වගේම අන්කල් පොඩි වොශ් එකක් දාගෙන ආතල් එකෙ ඇලට් පාරක් දාන ගමන්  වෑර්ලස් එක ඕන් කරල නොවැ.......බඩු වැඩ නැති නිසා...පොඩ්ඩක් එහෙ මෙහෙ කරන කොට අන්කල්ට මීටර් වෙලා මේකට මොකෙක් හරි වැඩක් දීල කියල........

අන්කල් ඉලෙක්ට්‍රොනික අංශෙන් කප් ගහපු පොරක් නිසා මිනිහ ඕක ගලවල......එතකොට ඇතුලෙ තියෙන්න ඕන ගැජට් එකක් පේන්න නෑලු......

මිනිහා ඉතින් අපේ ප්‍රධාන ඉන්ජිනේරු කස්සට කතා කරල අහල තියෙනව මේකට මොකද කරේ කියල........මොකද අන්කල්ට ඕන වෙලා තියෙන්නෙ මිසින් වෙච්ච ගජමැටික් එක හොයා ගන්න මිසක් මේක ගැලෙව්වට දඬුවම් දෙන්න නෙමේ.....


කොහේද ඉතින් අපේ නලු බට්ට....ඒ කිව්වෙ කස්ස උන්ගෙ තාත්තට තියෙන බය නිසාම කට ඇරල නෑ.........බලන්න ඉතින් උගේ නිර්භීත කම් කොහු මිටෙන් දෙතුන් පාර කාලත් ඌ කියල නෑ....ඌව බේරන්න ගියපු උන්ගෙ අම්මත් කොහු මිටි පාරක් කාල.....බැරිම තැන තමයි මාව ඉහල උසාවියට ගෙන්නල තියෙන්නෙ.....

බබා ඉතින් කොහේ ගියත් මීටරෙ හින්ද නා ගන්න ඩයල් එකනෙ..........


අන්තිමේදි අන්කල් අර ගැජට් කෑල්ල ඇඳ යට තිබිල හම්බ වුනා.......
අන්කල් වැඩ කාරය නිසා වෑර්ලස් එක යන්තන් ගොඩ දා ගත්තා....


ඔන්න ඔහොමයි අපේ මිකැනිකල් ඉන්ජිනේරු සිහිනය බොඳ වෙලා කුඩු වෙලා දිය වෙලා ගියේ................

Saturday, January 12, 2013

ජීවිත කතාව 07


ජීවිත කතාව 07

ජීවිත කතාව 06 මෙතනින් බලන්න...

ඔන්න කට්ටිය මට සද්දෙ දාන්න අරගෙන.......කතාව ටිකයි ලිවුවෙ කියල.....අනේ දෙයියනේ ඒක තමයි මං අන්තිමට කිවුවෙ......මේක ලිවුවෙත් බොහොම අමාරුවෙන් කියලා.........
ඒ අස්සෙ අර කෙළි පොඩ්ඩත් කියනවා...කිසි අප්සෙට් එකක් නෑ කියලා......ඔක්කොට හපන් තොත්ත බබී...ඒක දැකපු වෙලේ ඉඳල මගේ කණ මිරිකන එකමයි වැඩේ........

ආදරය ගැන තොත්ත බබාට ඕනවටත් වඩා අත්දැකීම් තියෙනවා.......
ආදරයම නිසා තොත්ත බබා තරම් පිස්සෙක් වුනු කෙනෙක් තවත් නැතුව ඇති......(ඇඬෙනවා තනි ඇහට හොඳේ........)
ආදරය නිසා පිස්සෙක් වෙච්ච බබා ආදරය නිසාම ආයෙත් මනුස්සයෙක් වුනා......ඒ ආදරයට නම් මම හැමදාම ණය ගැතියි........මාව මනුස්සයෙක් කරපු ආදරයම මාව පිස්සෙක් කරන්න හදනකොට තමයි මාව බබීගෙ ආදර  කුණාටුවට අහු වෙන්නෙ.....අම්මට සිරි ඒක නම් කියල වැඩක් නෑ........පුදුම ආදර කුණාටුවක්.....මාව උස්සලා මිරිකලා අඹරවනවා.......අම්මෝ පුදුම ආදරයක්......දැන් නම් බයත් එක්ක ඒ ආදරේ නැති වුනොත් මං මැරිලා යාවි.....
හැබයි ඒ  දේවල් කොහොම වුනත් දැනට ලෝකෙ වැඩියෙන්ම ආදරේ විඳින්නෙත් මේ තොත්ත බබාම තමයි....




බබීට පිං සිද්ද වෙන්න...හිහ්...හිහ්.....(අද නම් මොනව හරි හම්බවෙයි....)

ආයෙත් වටේ යන්න ගත්තා.........දන්නෙ නැද්ද.....ආදරේ අන්ධයිලුනෙ...හිහ්...හිහ්....පාර පේන්නෙ නැතුව ගියා.......


ඔන්න අර කිවුව වගේ මටයි පොඩි කස්සටයි හැදුනු උණ නම් කාටවත් හොඳ කරන්න බැරි වුනා......

ඔන්න ඉතින් මමයි මගේ අතිජාත මිත්‍රයා වෙච්ච කස්සයි අපේ අලුත්ම ව්‍යාපෘතිය පටන් ගත්තා.......ඒක තමයි රිජිෆෝම් බෝට්ටුවක් හදලා ගඟට දාල පද්දන එක.....



ඕකට අවශ්‍ය කරන මූලිකම දේවල් වුනේ අඟල් තුන්කාලෙ රිජිෆෝම් ශීට් එකයි......කෙම්ෆික්ස් ගම් ටිකයි.......ඕකෙ ගාන්න තින්ත ටිකයි.....අල්පෙනෙති පැකට් එකයි,මෝටරයක් සහ බැටරි කෑලි හතරක්....




අපේ පුන්චි කර්මාන්තශාලාව වුනේ කස්සලගෙ ගෙදර පිටිපස්සෙ ඉස්තෝප්පු කෑල්ල....තව කස්සගෙ සීයගෙ වඩු බංකුව......ඒ කාලෙ සීය ජීවත්ව නොහිටියත් සීය හොඳ ප්‍රසිද්ධ වඩු බාස් කෙනෙක්...අදටත් අපේ පැත්තෙ ඕන කෙනෙක් ගෙන් ඇහුවොත් කියයි...කස්සලගෙ ගෙදරට යන පාර......හැබැයි උගේ නම කියල නෙවේ..සීයගෙ නම කියල ඇහුවොත් .....
ඉතින් දෙන්නත් එක්ක මේ බඩු ටික ගන්න හෙනට කටු කෑව.......
මොනව හරි දේකට හම්බවෙන ශත පණහ රුපියල කැටෙකට දාල එකතු කරනවා...
අවුරුද්දට ගෙවල් ඉඳුල් කරාම රුපියල් පණහක් විතර හම්බ වෙනවා.



ඉතින් ඔය ඔක්කොම දාල අපි වැඩේ පටන් ගන්නවා.....දෙන්නත් එක්ක පයින්ම හාඩ්වෙයාර් එකකට ගිහින් රිජිෆෝම් ශීට් එකයි අනිත් අඩුම කුඩුම ටිකයි ගන්නවා.....ඔය ටික ගෙදරට වෙනකම් අරන් එන එක තමයි ඊළඟ ගේම් එක........රිජිෆෝම් ශීට් එක හරියටම අඩි හතරක් උසයි...අඩි හතරක් පළලයි....අඩි  තුනක් විතර උස අපි දෙන්න අඩි හතරක ශීට් එකත් අල්ලගෙන පාර දිගේ එන හැටි  ගමේ එවුන්ට නම් ෆුල් ආතල් සීන් එකක්...මොකද ශීට් එක හුළඟට අහුවෙලා මැදින් බොක්ක ගහනවා...එතකොට නම් දෙන්න හතර අතේ කැරකි කැරකි හෙන ගේමක් දෙනවා ශීට් එක නොකැඩි තියා ගන්න.

ඉතින් ඒ සීන් එක අපේ පිට්ටනිය ගාව ඉන්න කොල්ලො සෙට් එකට නම් හෙන ජොලි සීන් එකක්.....කොල්ලො කිවුවට ඔය කුඩු ගහන, ගන්ජා ගහන..රස්සාවක් නොකරන අයියල සෙට් එකක් තමයි ඔතන හිටියෙ......හැබැයි ඉතින් පස්සෙ කාලෙක බබා මොන ගේමට එන්ටර් වුනත් සපෝට් එකට උනුත් හිටියා මගෙ පස්සෙන්ම....

ඔන්න ඉතින් වටේ ඉන්න එවුන්ගෙ නෝන්ඩිත් කා ගෙන බඩු ටික ගෙනාව කියමුකො...ඊට පස්සෙ බෝට්ටුවෙ පතුල කපල... දෙපැත්ත කපල .....ගම් දාලා අළවල......ගැළවෙනවට අල්පෙනෙති ගහල වේලෙන්න තියනවා...
ඊට පස්සෙ ඉතින් බැටරි කෑලි ටිකයි මෝටරෙයි හයි කරනවා........මේ ටික බොහොම සිම්පල් විස්තර කරේ.........තාක්ශණේ  පිටට දෙන්න වෙනවට..හිහ්...හිහ්..



ඔය ඔක්කොම කරල බෝට්ටුව හැදුවා කියමුකෝ....හැම අවුරුද්දෙම ඔය ටික ඔය විදියටම  වුනා...මං හිතන්නෙ අවුරුදු තුනක් විතර.......ඒ වුනාට ඒ එක බෝට්ටුවක් වත් වතුරෙ පා කරල හැඩ බලන්න අපිට චාන්ස් එකක් ආවෙ නෑ....මොකද අපේ  දෙමාපියන් අපිට ගඟෙ මූදේ තියා..මූද තියෙන පැත්තටවත් යන්න දුන්නෙ නැති නිසා.....ඒ මිනිස්සුන්ටත් අපිව එක්කන් යන්න වෙලාවක් තිබුනෙ නෑ........
අපි හැමදාම බෝට්ටුව හදලා ලොකු වතුර බේසමක පා කරල සතුටු වුනා.....
ඔන්න ඔහොමයි අපේ බෝට්ටු ව්‍යපෘතිය සාර්ථක වුනේ.......


හැබයි පොඩි සිද්දියක් නිස උණ අඩු වුනා කිවුවොත් හරි...


ඔය කාළෙ තමයි කස්සගෙ තාත්තා ජන්ද වැඩ වලට  ඩියුටි යන්න පටන් ගත්තෙ....දවස් දෙක තුනක් ගෙදරින් පිටතමයි අන්කල් ඉන්නෙ......

කස්සගෙ ගෙදර ගැනත් කියන්නම්කො....

ඒ දවස් වල උන් පදිංචි වෙලා හිටියෙ උන්ගෙ ආචිචිගෙ ගෙදර, ඒ කිවුවෙ තාත්තගෙ මහගෙදර....
අම්මා(ප්‍රාථමික අංශයේ ගුරුවරියක්),නංගි,කස්ස සහ තාත්තා තමයි ඒ පුන්චි පවුලෙ සාමජිකයන්......ආච්චිගෙ ගෙදර හිටියත් මුන් ටික ඔක්කොම හිටියෙ එක කාමරෙක....

ගෙදර තව හිටියා...කස්සගෙ ආච්චියි....කසාද බැඳපු නැති නැන්දා කෙනෙකුයි......
කස්සගෙ බාප්පල දෙන්නෙක් හරි තුන්දෙනෙක් හරි(මට හරියට මතක නෑ).......ආච්චිටයි නැන්දටයි හරි යන සැරම සැර බල්ලෙක්.....ඌ බල්ලෙක් කිවුවට යකෙක් වගේ තමයි....මූට මාව පේන්න බෑ.......බුරා ගෙන පනින්නෙ...කන්න බලා ගෙන.....

ඔව් ඔව් දැන් ඉතින් උඹලා මවා ගනිල්ල බල්ලෙකුටවත් බලන්න බැරි මූණත් තහඩුවක්....අඩෝ එහෙම නෑ හරිද...බබාට තියෙන්නෙ සීදෙවි මූණු පොඩ්ඩක්....සැක නම් බබීගෙන් අහන්න.....



කස්සගෙ අම්මත් එක්ක නැන්දම්මයි නෑනයි එච්චර හිත හොද කමක් තිබුනෙ නෑ...දැන්නම් එහෙම නෑ...ආච්චිනම් මේ ලෝකෙ නෑ දැන්  ...නැන්ද නම් ඔය ඉන්නෙ කිරියි පැණියි වගේ.....

හරි ඔන්න ඔහොමයි කතාවෙ පසුබිම......ඔන්න මුලින් කිවුව වගේ අන්කල්කාරය ජන්ද ඩියුටි........මුන්ගෙ කාමරෙ තිබුනෙ ඇඳන් දෙකයි.....එකක අම්මයි නංගියි...අනිත් එකේ කස්සයි තාත්තයි......


අන්කල් ගෙදර නැති දාට කස්සට තනියම නිදා ගන්න බයයිලු(හොඳ වෙලාවට ඌ මේක කියවන්නෙ නැත්තෙ.....නැත්නම් ඌට මල පනීද?.....ලැජජා හිතෙයිද?....ලැජ්ජ හිතුනත් ඌට මාත් එක්ක නම් මල පනින්නෙ නෑ කියල ෆුල් ෂුවර් එකේ කියන්න පුලුවන්...)
ඉතින් ඌ උගෙ අම්ම හරහා අපෙ අම්මට පොඩි රික්වෙස්ට් එකක් කරා..උගේ තනියට මාව එවන්න කියල....






ඌට මාව එච්චරටම ෆිට්...අදටත් එහෙමයි...මං ලංකාවට ගියාම  ඌ මාව හොයාගෙන එනවා....නැත්නම් මන් ඌව හොයාගෙන යනවා.....එච්චරට බොක්කෙ ෆිට් එකක් අපි දෙන්නට තියෙන්නෙ.

ඔන්න ඔය වගේ තනි රකින්න ගිය දවසක වෙච්ච සිද්දියක් නිසා තමයි අපේ මිකැනිකල් ඉන්ජිනේරු සිහිනය වයස අවුරුදු11 දීම බොඳ වෙලා ගියේ........   








Wednesday, January 9, 2013

ජීවිත කතාව 06



ජීවිත කතාව 05- මෙතැනින් බලන්න

ඔන්න උඹලට කතා ලියන්න ගිහින්.....ප්‍රේම කතාවකුත් කියල දැම්මනෙ......ඔය අහවල් කතාව දැකලා තොත්ත බබී නම් හිනා වෙලා නිකන් හිටියෙ නෑ....මෙන්න ඒකි අහනවා ඉතුරු ගෑණු ළමයි ගැන ලියන්නෙ කවද්ද කියලා....මැදැයි කොළා......

ඒ අස්සෙ මූණු පොතේ ඉඳන් කතා කර කර හිටපු ඒ කතාවට අදාළ කෙළි පොඩ්ඩ මගෙන් අහනවා.....කවුද ඒ ගෑණු ළමය කියල........මන් කලිනුත් කිවුවෙ ඒකි  මේ මොනවත් දන්නෙ නෑ කියල


මාත් ඉතින් එච්චර කල් රැක ගත්ත ඒ රහස ඒ කෙලි පොඩ්ඩට කියල දැම්ම.......දැන් ඉතින් අපි පවුල් පංසල් වෙලානෙ.......බය නැතිව කියල දැම්ම......දැන් එකි මාත් එක්ක කතා කරන්නෙම නෑ.......යාලු කමත් ඉවරයි වගෙ......මේව දැකල අපේ තොත්ත බබී නම් උඩ පැන පැන හිනා වේවි....හිහ්.....හිහ්.....
ඕනෙ නම් කණ මිරිකල අහවි....ඇද්ද වැඩේ කියල.........

ඇති ඇති වටේ ගියා.....මෙන්න කතාව...




ඔන්න ඉතින් අලුත්ම අලුත් කිට් එකත් ඇඳ ගෙන බබා ගියා විභාගෙ ලියන්න.....විභාග මධ්‍යස්ථානය වුනේ ගෙවල් ළගම තිබුනු ධර්මාශෝකය.........
අලුතෙන් හම්බ වුනු ඔරලෝසුවත් හරියටම( ඔය පින්තූරෙ තියෙන වගේම එකක්)බැඳගෙන ඒක හැමෝටම පේන විදියට අත් දෙක පද්ද පද්ද බබා ගමනෙ.........හැමෝටම පේන්න කිවුවට ඕක දැක්කෙ මන් විතරද දන්නෙ නෑ...හිහ්...හිහ්.....

ඔරලෝසුව බැන්ඳට මොකද ...ඒකෙ වෙලාව  තිබුනෙ වැරදියට..........මට ඉතින් විභාගෙ ලියනවට වඩා වැදගත් වෙලාව හදා ගන්න එක......පළවෙනි ප්‍රශ්න පත්තරේ විනාඩි 20 වැනි සුලු කාලයකදී ඉවර කරල පටන් ගත්ත වෙලාව යථා තත්වයට ගෙන ඒමේ මහා ව්‍යාපෘතිය..........
අනේ ඉතින් පේපර් ටික එකතු කරගෙන යනකන්ම බබා හිටපු තැනමයි.....වෙලාවත් එහෙම්මයි......


ඔන්න ඉතින් බබා ෆුල් ශෝක මූඩ් එකෙ එලියට ආවා......දෙවෙනි පේපර් එක පටන් ගන්න තව විනාඩි 15 තියෙනවා.....අම්මලා ගේට්ටුව ගාව පොර කනවා......තමන්ගෙ ළමය හරියට උත්තර ලිවුවද කියල දැන ගන්න......අපෙ අම්මත් ගේට්ටුව ගාව හිටියා......හැබැයි මොනවත් අහන්න කලින් එයා මගෙ අතට රෝල්ස් එකකුයි බීම එකක්ක්යි දුන්න........අපිටම කියල කඩයක් තිබුනට අපිට හිතුනු හිතුනු වෙලාවට බීම බොන්න...ටොෆී කන්න....අවසර තිබුනෙ නෑ...


අදටත් බබා රෝල්ස් වලට තියෙන්නෙ පුදුම කෑදර කමක්.......අපරාදෙ කියන බෑ...බබී හිටපු ගමන් හදල දෙනවා බඩ කට පිරෙන්න.......
ඔන්න ඉතින් සප්පයම් වෙච්ච බබා ඊළඟ පේපර් එකටත් ගියා........ඒ පේපර් රාජයාටත් පෙර ආනිශංසයම හිමි විය....සාදු සාදු සාදු.....තවමත් බබා වෙලාව හදයි....පේපර් එකතු කරයි....බබා නැගිට එලියට එයි.....හිහ්...හිහ්...



පස්සෙ කාලෙක කොහොම හරි ඕකෙ වෙලාව හදා ගත්ත...

ඔන්න ඉතින් ටික දවසකට බබාලට සුපිරි නිදහසක් ලැබුනා....වැඩි හරියක් කාලෙ ගත කලේ පොඩි කස්සලගෙ ගෙදරයි...අපේ ආච්චිලගෙ ගෙදරයි තමයි........

ඔන්න ඔය අතරෙ තමයි පොඩි කස්සටයි මටයි මිකෑනික් උණක් ආවෙ.....අතට අහු වෙන ඕන මගුලක් ගලවනවා......හැබයි ලොවෙත් ආයෙ තිබුනු විදියට හයි කරන්න බෑ........දැන් ඉතින් උඹල මහ වල් විදියට බලන්නෙ...ඕන දෙයක් කිවුවෙ හැම දේම නෙවෙයි  කොල්ලනේ..........පුන්චි  මෝටර් කෑළි තිබුනු ඒවා.......





අද කොටන්න වුනේ පොඩ්ඩයි...ඔෆිස් ඉන්න ගමන් කොටන එක අමාරු නැති වුනත් අධ්‍යාපන කටයුතු පොඩ්ඩක් හිර වෙලා නිසා එකත් ඔෆිස් ඉඳන් තමයි ගොඩ දාන්නෙ.

බබී දැක්කොත් බැණුම් අහන්නත් වෙනවා.........

සොරි හොඳේ...........ඊළඟ කතාව ටිකක් දිගට ලියනවා..ෂුවර්.......













Wednesday, January 2, 2013

ජීවිතය සහ ආදරය......






මේ නිසඳැස මන් හොයා ගත්තෙ මූණු පොතේ තිබිලා.....
බබාට හිතුනා එකේ තියෙන එවා එක්ක ගේමක් ඉල්ලන්න......
ඔන්න ලියල දැම්ම....ඕන එකක් ප්‍රීති වෙසක් කියල.....
බනින්න නම් එපා ..........








ජීවත් වෙන්න...
කෙනෙකුට ඔබව වටින්නේ නැතත්..........
ඔබව වටින තවත් අය ඇති නිසා........

සතුටු වෙන්න......
සතුට ඔබව ජීවත් කරවන නිසා...

හඬා වැටෙන්න.....
කඳුල ඔබව සනසන නිසා.......

විඳින්න....
විඳින්නට ජීවිතයක් ඇති නිසා.....

ඝණඳුරින් ඈත් වන්න......
අලෝකයේදී ඔබට පෙනෙන නිසා.......

ආදරය නොසොයන්න....
ඔබ වෙහෙසට පත්වෙන නිසා.....

ආදරය කරන්න......
එවිට ඔබට ආදරයක් ලැබෙන නිසා......